ඇගේ මිතුරිය - 01
ඇගේ මිතුරිය - 01
©උපුටා ගැනීම තහනම්
ඇය නමින් සමාරා ය. විසි හය හැවිරිදි ඇය මගේ ම වයසේ ය. ඇය මට මුණ ගැසුනේ මිතුරෙකුගේ සාදයක දී අහම්බෙනි. සමාරා වැදගත් පවුලක ලස්සන තරුණියකි. නැටුමට හා ගී ගැයීමට දක්ෂය. උගත්ය, බුද්ධිමත් ය. මා ඇයව පෙම්වතිය හැටියට තෝරාගත්තේ ඇගේ මෙවැනි ගති ලක්ෂණ සලකා බැලීමෙන් මිස පළමු දැක්මෙන් ඇති වූ ආදරයක් නිසා නොවේ. කල්ගත වන විට ඈ කෙරෙහි ආදරයක් මගේ හදවතේ හට ගනු ඇතැයි මම විශ්වාස කළෙමි.
මාස කිහිපයක් ගත විය. මම ඇයට ආදරය කරනවාදැයි තවමත් නොදනිමි. නමුත් අපේ අදහස් බොහෝ වේලාවන්හි දී නොගැලපුන බව නම් ඉඳුරා කිව හැක.
"ඊයාහ්.... කව්ද අනේ පාරවල් අයිනේ කඩවලින් කෑම කන්නේ ?" මම සුන්දර වෙල් යායක් අයිනේ ඇති පුංචි තෝස කඩයක් අසල කාරය නතර කරන විට ඇය කෑ ගැසුවාය.
"මේ ඇන්ටිගේ කෑම පිරිසිදුයි. අනික, ලොකු ලොකු කඩවලින් කනවාට වඩා මේ වගේ දුප්පත් කෙනෙකුගේ කෑම ටික විකුණගන්න උදව්වක් වෙන එක කොච්චර දෙයක්ද ?"
"ඒ වුනාට මට නම් එපා. ඔයාට ඕන නම් කාලා එන්න...." සමාරා කීවාය. ඇය නොකා සිටින එක මට කිසිසේත් අදාළ නැත. වෙල ළඟ තෝස කඬේ තෝස පහ හයක් මා ගිල දැමුවේ හොඳ කොච්චි සම්බෝලයක් සහ එළවලු කිහිපයකින් සමන්විත සාම්බාරු හොද්ද සමඟිනි.
"තේ එකකුත් දෙන්න ඇන්ටි. ඉඟුරු දාපු එකක්..." මම තෝස වලින් සප්පායම් වී උණු තේ එකක් ද බී කඩෙන් එළියට එන තුරු සමාරා කාරය තුළට වී සිටියාය.
"මහත්තයා ඉතුරු සල්ලි..." කඬේ ඇන්ටි කෑ ගැසුවාය.
"ඕන නෑ... තියාගන්න...." මම කාරයට ගොඩ වීමි.
"ඔයාට නම් පිස්සු ශේමික. ඉතුරු සල්ලි කීයක් තියෙනවද ?" සමාරා කේන්තියෙන් ඇසුවාය.
"අසූවයි අනේ..."
"ඒක කියන ලස්සන. අසූවක් කියන්නේ දොඩම් ගෙඩියක ගාණ. ඒ සල්ලිවලට දොඩම් ගෙඩියක් ගත්තා නම් ඔයාට ඒක හතර වේලක් කන්න තිබ්බා... "
"මම ජීවිතේටවත් දොඩම් ගෙඩියක් හතර පාරකට කාලා නෑ, ඒක පාරින් කාලා දානවා මිසක්...." මම සිනාසෙමින් කීවෙමි.
"ඔයාව නම් හදන්න බෑ ශේමික..."
"අනිවාර්යයෙන්..., ඔයා මාව හදන්න උත්සාහ කරන්නත් එපා."
"එහෙම නැතුව කොහොමද ? අපි බලමුකෝ..."
"ඔයාගේ යාළුවාත් ඔයා වගේ කියෝන කෙනෙක්ද ?" මම ඇසුවෙමි.
"ආවහම බලාගන්නකෝ එයාගේ කියවිල්ල. අම්මෝ එයා නම් කටර් එකක් වගේ. ඔයාට හිතෙයි මම කොච්චර හොඳද කියලා...."
"හාපෝ... ඇත්තද ?" මම මුහුණ ඇඹුල් කරගෙන කිවේ ඇය කියවන අන්දම සිතෙන් මවා ගනිමිනි.
ගුවන්තොටුපළ අසලට යන විට පෙරවරු දහය පමණ විය. සමාරා නොඉවසිල්ලෙන් බලා සිටියේ ඇගේ මිතුරිය පිළිගැනීමටය.
"එයා ගොඩක් පෝසත්..." සමාරා කීවාය.
"ඉතින් අපිත් එහෙමනේ...." මම ඕනෑවට එපාවට කීවෙමි.
"ඔයා පෝසත් වුනේ මේ ළඟදිනේ. ඉමාෂි එහෙම නෙවෙයි, එයා පරම්පරාගත වලව්කාරියක්..."
"මොකක්ද ඔයා කිව්වේ ?" මා ගල් ගැසී ඇසුවෙමි.
"එයා වලව් පැළැන්තියක කෙනෙක්..."
"එයාගේ නම ඉමාෂි කියලද කිව්වේ ?" මා ඇසුවෙමි.
"ඔව්... ඇයි ?"
"එයා කොයි රටේද උන්නා කිව්වේ ?"
"ප්‍රංශයේ...." සමාරා කී දේ අසා මගේ කටේ කෙළ සිඳුනි. සමාරා පවසන්නේ මා සිතන කෙනා ගැන ම විය හැකි ද ?
ආඩම්බරකාර, ලස්සන කටකාරිය මාෂ්. සමාරාගේ මිතුරිය ඈ විය හැකිද ? මගේ ගතම සලිත විය.
"අන්න එයා එනවා...." සමාරා කාරයෙන් පිටතට පනිමින් කීවාය. ඔවුන් දෙදෙනා මුලින් ම එකිනෙකාව වැළඳගත්හ. ඉන්පසු දෙදෙනා ම කාරයට ගොඩ වන විට මම සිටියේ ගැහෙමිනි.
"ඉමාෂි... මේ ඉන්නේ ශේමික. මගේ පළවෙනි සහ අවසාන කොල්ලා...." සමාරා ඇගේ මිතුරියට මා හඳුන්වා දුන්නාය.
"හලෝ ශේමික...." ඇගේ මිතුරිය මා දෙස තියුණු බැල්මක් හෙලා කීවාය.
"හලෝ මාෂ්...." මම මැලවුන හඬකින් කීවෙමි.
"මාෂ් ?" සමාරා පුදුමයෙන් අසන විට මා කිසිවක් නොකියා කාරය පණ ගන්වා ගතිමි.
"මේක ඔයාට...." සමාරාගේ නිවසට ගිය විගස මාෂ් තමා ගෙන ආ තෑගි එකිනෙකාට බෙදන්නට විය.
"දෙයියනේ.... මේ රත්තරන් නේද ? අයි ලවු යූ ඉමාෂි...." සමාරා මාෂ්ව බදාගෙන සතුටින් කෑ ගැසුවාය.
"ඔහ්, ඔයාගේ කොල්ලාට මොකුත් ඉතිරි වුනේ නෑනේ...." මාෂ් බෙහෙවින් කණගාටුවට පත් වූ ස්වරයෙන් කීවාය.
"මට ? මට මොකුත් එපා..." මම ඉක්මණට කීවෙමි.
"එහෙම බෑනේ. හැමෝට ම දුන්නානේ..." මාෂ් එන පොට මට ඇල්ලුවේ නැත.
"ආහ්..., මේ තියෙන්නේ...." මාෂ් තම බෑගයෙන් කුමක්දෝ එළියට අදිමින් කීවාය. එය තොප්පියකි. ඇත්තෙන් ම මා දුටු විකාරත ම තොප්පිය එයයි.
"මේක ඔයාට..." මාෂ් සිනාසෙමින් පැමිණ තොප්පිය මගේ හිසට දැමුවාය.
"මොකක් ? මට තෑගි එපා...." මම ඉක්මණින් තොප්පිය ගලවමින් කීවෙමි.
"අයියෝ ශේමික... එහෙම කියනවද කෙනෙක් තෑග්ගක් දෙනකොට...." ඒ කෑ ගැසුවේ සමාරාගේ මවය. ඇය සමාරාට ම කැපෙන මවකි. සමාරාගේ කියවිල්ලේ තරමට ම ඇගේ කියවිල්ල ද මට නොදිරයි.
"ඒත්, මේකේ නැට්ටක් තියෙනවා... මම විකාරයක් වගේ මේක දැම්මහ ම...." මම කීවෙමි.
"ඔයා කොහොමත් විකාරයක් තමයි...." මාෂ් මා දෙස තියුණු බැල්මක් හෙලමින් එය කීවේ අන් අය නෑසෙන පරිදිය.
"එහෙනම්, හැමෝම හෙට පාටියට එද්දි මම දීපු දේවල් පැළඳගෙන එන්නලා..." මාෂ් පුංචි එකියක මෙන් දඟකාර ස්වරයෙන් එසේ කියා යළි වතාවක් මා දෙස බලා සිනාව තද කරගත්තාය.
ඉතින්, මාගේ පරණ පෙම්වතිය අවුරුදු පහකට පසු මගෙන් පළිගන්නට යන්නේ එලෙසිනි.
-------------------------- -------------------------- --
"කෝ මං දීපු තොප්පිය ?" පසුදින පාටියේ දී මාෂ් මා අසළට පැමිණ ඉණට අත් දෙක තියාගෙන ඇසුවේ තර්ජනාත්මක ස්වරයෙනි.
"ඔයාට පිස්සු වුනාට, මට පිස්සු නෑ ඒ විකාර තොප්පිය දාගෙන මේ තරම් මිනිස්සු ගොඩක් අතරට එන්න තරම්...." මම තරහෙන් කීවෙමි. මාෂ්ගේ මුහුණ අමුතු විය. ඇය මා දෙස හෙලූ බැල්ම මගේ සිත් ගත්තේ නැත.
"එහෙමද පුතේ ?" මාෂ් ඇහැක් කුඩා කර බලමින් කීවාය.
"එහෙනම් ලෑස්ති වෙන්න ඊට වඩා භයානක දේකට මූණ දෙන්න..."
"මො...මොකක් ? මොනවද ඔයා කරන්න යන්නේ ?" මම භීතියෙන් ඇසුවෙමි.
"මම අසරණ සමාරාට හැමදේම කියනවා. එයාගේ පළවෙනි කොල්ලා ඔයා වුනාට ඔයාගේ පළවෙනි කෙල්ල එයා නෙවෙයි කියලා. දිනාෂා, සමාධි, මල්ෂා, මම....." ඇය 'මම' යන්න කීවේ බරකරගත් හඬකින් මගේ මුහුණට එබෙමිනි.
"විශේෂයෙන් ම අරක කියන්න ඕනා...."
"මොකක්ද ?" මම ගැහෙමින් ඇසුවෙමි.
"එදා වැස්ස වෙලාවේ..... ඒ... ඒ..... ඔයයි, මායි...." මාෂ් ඇද පැද කීවාය.
"ලැජ්ජා නැද්ද ? තමුසේ කෙල්ලෙක් නේද ? ඕවා පිට මිනිස්සු එක්ක කියන්න යනවද ? මම හිතුවා රට ගිහිල්ලාවත් හැදිලා ඇති කියලා. ඔයා නම්...., උන්නා වගේමයි...."
"ඔයත් උන්නා වගේ ම මෝඩයි..." මාෂ් මට ගස්සමින් එසේ කියා හැරුනාය.
"ඉන්න...." මම ඇයගේ අතකින් අල්ලාගෙන කීවෙමි. ඇය එක් වරම තිගැස්සී හැරී බැලුවාය.
"සමාවෙන්න..." මම ඇයගේ අත ඉක්මණින් අත හැරියෙමි.
"තව එක පාරක් හරි තමුසේගේ ඔය ජරා අතින් මාව ඇල්ලුවොත්...." මාෂ් මට දබරැඟිල්ල උරුක් කරමින් එසේ කියා නතර වූයේ හැඬුම් වාවගන්නට බැව් මට සිතුණේ ඇයගේ ඇස්වලට උනා තිබූ කඳුලු දැකීමෙනි. මම එය දැක පුදුමයට පත් වූයෙමි.
"මාෂ්...." මම කණගාටුවෙන් කීවෙමි. ඇය හැරී ඉක්මණ් ගමනින් එතනින් පිටව යන විට මා දුකෙන් ඈ දෙස බලා සිටියෙමි. ඉස්සර ඇය හඬන විට මා ඇයව තුරුලුකරගෙන ඇය හඬා අහවර වෙන තුරු සිටින අයුරු මට මැවී පෙනුනි. මාෂ් කෙතරම් දඟකාරියක වුවත්, ඇය ඉක්මණින් සිත රිදවාගන්නා අහිංසක හදවතකින් යුත් කෙනෙකි. එය මා තරම් දන්නා වෙන කෙනෙකු නැත. දෛවයේ සරදමින් අප වෙන් වූවත් මට ඇය තරම් ගැලපෙන තවත් කෙනෙක් නැත.

--------------------------

Comments
Post a Comment