කුඩම්මාගේ දුව - 01
කුඩම්මාගේ දුව - 01
මම ෂේන් පීටර්සන්. ගොඩක් අය කියන විධියට මුරණ්ඩු, නපුරු, දැඩි හිතක් තියෙන කොල්ලෙක්. සමහරවිට මම ඒ වගේ කෙනෙක් වුනේ මට අවුරුදු දහයේ දී මගේ අම්මා සදහටම මාව දාලා මේ ලෝකෙන් යන්න ගිය නිසා වෙන්න ඇති. තත්වය ගොඩාක්ම නරක අතට හැරුනේ අම්මා නැති වෙලා මාස තුනක් ඉවර වුන හැටියේම තාත්තා වෙනත් ගෑණු කෙනෙක් කසාද බැඳලා ගෙදරට අරගෙන ආවමයි. එයාගේ නම ෂෙරිල්. ෂෙරිල් කලින් බැඳලා දික්කසාද වුන කෙනෙක්. එයාට ඒ කසාදෙන් දුවෙක් උන්නා. හැබැයි ෂෙරිල් බැඳලා අපේ ගෙදරට එද්දි එයාගේ දුව එයා එක්ක ආවේ නෑ. ඒකට හේතුව, ඒ ගෑණු ළමයා පුංචි කාලේ ඉඳන් ම නතර වෙලා උන්නේ එයා ගිය ඉස්කෝලේ නේවාසිකාගාරයේමයි.
මගේ කුඩම්මාට මම මුල ඉඳන්ම ගොඩාක් වෛර කලා. මොකද මට තේරුනා මගේ තාත්තා මගේ අම්මාට ආදරේ කලාට වඩා ෂෙරිල් ට ආදරේ කරන බව. මම කිසිම වෙලාවක ෂෙරිල් ට පොඩි ගරුත්වයක්වත් පෙන්නුවෙ නෑ. එයාගේ අතින් හදන කෑමක්වත් මම කෑවේ නෑ. ඒ වගේම ෂෙරිල්ටත් මට ළං වෙන්න උවමනාවක් තිබුනේ නෑ. සමහරවිට එයා මට කරුණාවන්ත වුනා නම්, අම්මා කෙනෙක් වගේ මට ආදරේ කළා නම් හැමදෙයක්ම මීට වඩා වෙනස් වෙන්න තිබුනා.
මම දන්න දා ඉඳන් අපේ ගෙදර වැඩට උන්න ගෑණු කෙනාගේ නම ලුසී. අම්මා නැතිවෙනකොට ලුසීගේ වයස අවුරුදු හතලිස් පහක් විතර ඇති. මගේ ජීවිතේ අම්මා නැති අඩුව පොඞ්ඩක් හරි මැකුණා නම් ඒ ලුසී නිසයි. හැම ඉරිදාම ලුසී මාවත් එක්කගෙන පල්ලි ගියා. ඒ හැම දවසකම මම ආපහු ගෙදර එන්න කලින් අම්මාගේ සොහොන ළඟට යනවා. සමහර දාට මම පැය දෙකකටත් වඩා අම්මාගේ සොහොන ළඟට වෙලා උන්නත් ලුසී වචනෙකින්වත් මට බාධා නොකර මම එනකල් පැත්තකට වෙලා බලාගෙන ඉන්නවා. ලුසී මට වගේම මගේ අම්මාටත් ගොඩක් ආදරේ කලා. මමත් අම්මාගෙන් පස්සේ වැඩියෙන්ම ආදරේ කලේ ලුසීටයි. ඇත්තම කිව්වොත්, මගේ තාත්තාටත් වඩා මම ලුසීට ආදරේ කළා.
අම්මා නැති වුනාට පස්සේ මගේ ජීවිතේ අවුරුදු දෙකක්ම ගෙවුනේ ඒකාකාරී විධියටයි. ඒ අවුරුදු දෙකටම ෂෙරිල්ගේ දුව අපේ ගෙදර ආවේ නෑ. හැම මාසෙකටම එක පාරක් ෂෙරිල් මගේ තාත්තා එක්ක ගිහින් එයාගේ දුවට අවශ්‍ය කරන බඩු අරගෙන ගිහින් එයාව බලලා එනවා. ඒක තමයි එයාලගේ සාමාන්‍ය සිරිත වෙලා තිබුනේ. ඒත් එක දවසක් මම ලුසී එක්ක පල්ලි ගිහින් එද්දි ගේ ඉස්සරහා ලොකු ලොරියක් නතර කරලා තිබුනා. පේන හැටියට නම් ඒක පුරවලා තිබුනේ ගෑණු ළමයෙක්ට අවශ්‍ය කරන බඩු වලින්.
“මොකක්ද මේ වෙන්නේ.....?” මම තාත්තා දිහා බලලා ඇහුවා.
“මේ ගැන කලින් නොකිවුවට කණගාටුයි ෂේන්. ලබන සතියේ ඔයාගේ නංගි ගෙදර එනවා. ඉතින් එයාට.....”
“මට නංගි කෙනෙක් නෑනේ....” තාත්තා කතා කරලා ඉවර වෙන්නත් කලින් මම පුදුමයෙන් කිවුවා.
“ආ...... මේ...... ඇත්තටම මම මේ කියන්නේ, ෂෙරිල්ගේ දුව ගැනයි”
“ෂෙරිල් ගේ දුව ? එයා කොහොමද මගේ නංගි වෙන්නේ ?” මම කේන්තියෙන් කෑ ගැහුවා.
“ෂෙරිල් කියන්නේ දැන් ඔයාගේ අම්මා. එයාගේ දුව ඔයාගේ නංගි.” තාත්තා එහෙම කියද්දි මට දැනුනා මගේ මුළු ඇඟේම ලේ රත් වේගෙන යන හැටි.
“මගේ අම්මා කියන්නේ මගේ අම්මාට විතරයි. කොහෙවත් ඉන්න ගෑණියෙකුයි කෙල්ලෙකුයි මගේ අම්මායි නංගියි වුනේ කොහොමද ?” මම තරහින් කෑ ගැහුවා.
“ෂේන් කට වහ ගන්නවා. තමුන්ගේ කටින් පිට වෙන වචන ගැන ඔයිට වඩා සැලකිලිමත් වුනොත් හොඳයි.”
තාත්තා මට සැර කරද්දි මම වේගයෙන් එතැනින් ගිහින් නතර වුනේ මගේ කාමරය ඇතුලේ. මම කේන්තියෙන් ම කාමරේ දොර ‘දඩාස්’ ගාලා වැහුවා. මම දකින්නවත් අකමැති වුන ෂෙරිල්ගේ මූණ දැක දැක අවුරුදු දෙකක්ම මම මේ ගේ ඇතුලේ උන්නේ ගොඩාක් තරහෙන්. එයාගේ දුවත් මේ ගෙදරට ආවාම ඒ මූණත් බලාගෙන කොහොම ඉවසන් ඉන්නද කියලා මට හිතාගන්න බැරි වුනා.
එදා රෑ කෑම මේසෙදි තාත්තා ආයෙත් මේ කාරණාව ඇදලා ගත්තා.
’‘එයාගේ නම මීෂා” තාත්තා කන ගමන් මං දිහා බලාගෙන කිවුවා.
’‘කවුද ?” මම ඇහුවා.
“ෂෙරිල් ගේ දුව.” තාත්තා එහෙම කියද්දිම මම කෑම පිඟාන පැත්තකට තල්ලු කරන ගමන් නැගිට්ටා.
“ඔහොම වාඩි වෙනවා” තාත්තා සැරෙන් කිවුවා.
“මට බඩගිනි නෑ......” මම එහෙම කියද්දි තරහට මගේ කටහඬ වෙවුලනවා මට දැනුනා.
“මම තමුන්ට කිවුවෙ වාඩි වෙන්න කියලා.” තාත්තා කෑ ගහගෙන නැගිට්ටේ මේසෙට මිට මොලවලා ගහන ගමන්.
කෑම කාමරයේ පැත්තක වැඩක් කර කර උන්න ලුසී බය වෙලා මා දිහා බැලුවා.
“ජෝජ්....” ෂෙරිල් තාත්තට කෑ ගැහුවා.
“ඔයා කට වහගන්න ෂෙරිල්. මේ විකාර වැඩ මට තවත් ඉවසන්න බෑ”
ලුසී තාත්තාට හොරෙන් මට ඉඳගන්න කියලා ඔලුවෙන් ඉඟියක් දුන්නා. මම ආයෙත් වාඩි වුනේ ලුසී මං ගැන හිතෙන් ගොඩක් වධ වෙන බව දන්න නිසයි.
“හරි... දැන් හොඳට අහ ගන්න. මීෂා වාර නිවාඩුවට නතර වෙන්න ලබන සතියේ මේ ගෙදරට එනවා. නිවාඩුව ඉවර වෙද්දි එයා ආයෙත් හොස්ටල් එකටම යනවා. ඊට පස්සේ එයා ආයෙත් එන්නේ ඊ ළඟ නිවාඩුවට. ඔයා හිතනවා වගේ මීෂා අපිත් එක්ක දිගටම මෙහෙ නතර වෙන්නේ නෑ” තාත්තා පැහැදිලි කලා.
මම ටික වෙලාවක් කල්පනා කලා.
“හොඳයි.... නිවාඩුවෙන් පස්සේ එයා යනවාමයි නේද ?”
“සීයට සීයක් ඒ ගැන සහතිකයි. කොහොමත් අපිට එයාව මෙහේ තියා ගන්න බෑ. ඒක ෂෙරිල්ටත් කරදරයක් වෙයි.”
“හරි මගෙන් ප්‍රශ්නයක් නෑ. හැබැයි මම එයා එක්ක කතා කරන්නෙත් නෑ. සෙල්ලම් කරන්නෙත් නෑ. අනික, එයාව ඇවිදින්න එක්කගෙන යන්න කියලා නම් මට කියන්න එපා.” මම මගේ කොන්දේසි ටික ඉදිරිපත් කලා.
“හොඳයි.... ඒකට මම එකඟයි”
තාත්තා කිසිම විරුද්ධත්වයක් නැතිව මගේ කොන්දේසි පිළිගද්දි මම පුදුමයට වගේම සතුටට පත් වුනා. ඒත් මම දාපු කොන්දේසි මට ම කඩන්න සිද්ධ වෙන දවසක් එයි කියලා ඒ වෙලාවේ මම හීනෙකින්වත් හිතුවෙ නෑ.
ඊ ළඟ සතියේ සිකුරාදා මීෂා අපේ ගෙදරට ආවා. එයාව පිළිගන්න මම ඉස්සරහට ගියේ නැත්තේ එයා ගැන යටි හිතේ තිබුන තරහා නිසයි. හැබැයි හිතේ තිබුන කුතුහලයට මම කාමරයේ ජනේලයෙන් කාටත් හොරා මීෂා වාහනයෙන් එලියට බහිනකල් බලාගෙන උන්නා.
මුලින්ම වාහනේ දොරෙන් එලියට ආවේ මීෂාගේ හුරුබුහුටි කකුල් දෙක. එයා දාගෙන උන්නේ කලු පාට සපත්තු දෙකයි සුදු මේස් දෙකයි. ඊට පස්සේ එයා වාහනයෙන් බැහැලා හිට ගත්තහම මට සම්පූර්ණයෙන්ම එයාව පෙනුනා. එයා ඇඳගෙන උන්නේ දණහිස ළඟට දිග කලු පාට ගවුමක්. පිළිවෙලට ගොතලා කලු පීත්ත පටි වලින් ගැටගහපු කොණ්ඩය, අහිංසක ඇස්, පැහැපත් මූණ, විනීත හැසිරීම මීෂාට එකතු කළේ චාම් බවක්. ඒ චාම් බව ඇතුළේ තිබුනේ හරිම සිත් ඇදගන්නා සුළු බවක්. මට එයාව දකිද්දි මතක් වුනේ මම පොඩි කාලේ අම්මා ගෙනත් දීපු කලු පාට ගවුමක් අන්දපු බෝනික්කාව. ඒ බෝනික්කා හැම වෙලේම මගේ මේසේ උඩ මම තියාගෙන උන්නා. මම ආපහු හැරිලා බෝනික්කා දිහා බලලා ආයෙත් මීෂා දිහා බැලුවා. හරියටම හේතුව නොතේරුනත් එයාව දැකපු ගමන් එයා ගැන මගේ හිතේ තිබුන තරහාව අඩු වුන බව මට දැනුනා.
“ඒත් එයා ෂෙරිල්ගේ දුව......” ඒ බව මතක් වෙද්දි ආයෙත් මගේ වෛරය ඉස්මතු වෙන්න ගත්තා.
මම තරහින් ජනේලය ළඟින් ඈත් වුනා. මේසේ උඩ උන්න බෝනික්කාව ආයෙත් මට පෙනෙද්දි මම හිස් බැල්මෙන් ඒ දිහා බලාගෙන උන්නා.
එදා මුලු දවසම කාමරේට වෙලා උන්න මීෂා රෑ කෑම මේසෙට අපි එක්ක එකතු වුනා. එයා ඇඳලා උන්නේ මුලු ඇඟම වැහෙන තරම් දිග රාත්‍රී ගවුමක්. මම හොරෙන් හොරෙන් එයා දිහා බලන හැම වෙලාවකම එයා කෑම පිඟාන දිහාම බලාගෙන හෙමින් කකා උන්නා.
“මොකක්ද මීෂා ඔය ඇඳුම ? කෝ මම අරගෙන දුන්න ඒවා අඳින්නේ නැද්ද ? ගෙදර ඉද්දි කොටට ඇන්දට කමක් නෑ. ඔයා ඇඳුම් අඳින්නේ හරියට පල්ලියක සිස්ට කෙනෙක් වගේනේ” ෂෙරිල් එහෙම කියද්දිවත් මීෂා ඔලුව උස්සලා බැලුවෙ නෑ.
“මීෂා තව මස් කෑල්ලක් ගන්න.” තාත්තා එහෙම කියද්දි එයා ‘එපා’ කියන්න ඔලුව දෙපැත්තට වැනුවේ හරියට ගොළුවෙක් වගේ.
මම මේ අරුම පුදුම හැසිරීම දිහා බලාගෙන උන්නේ ගොඩක් උනන්දුවෙන්. කොයි තරම් වෛර කලත් මොකද, මට මීෂාගේ කටහඬ පොඞ්ඩක් හරි අහන්න හිත යට ආසාවක් තිබ්බා. ඒත් ඒ බලාපොරොත්තුව සුන් වෙද්දි මට ඇති වුනේ තරහක්.
“තියෙන ආඩම්බරකම....” මම හිතුවා.
“ඉතින් මීෂා...... ඉස්කෝලේ වැඩ එහෙම කොහොමද ? ගණිතය විෂයට ලකුණු කීයක් තිබුනද ?”
තාත්තා එකපාරටම එහෙම අහද්දි මම ඉක්මණට මීෂා දිහා බැලුවේ දැන්නම් ඉතින් එයාට කතා කරන්නම වෙන බව දන්න නිසයි. ඒත් සිද්ධ වුනේ අමුතුම දෙයක්. මං එයා දිහා බලද්දි මම දැක්කේ එයා මං දිහාම බලාගෙන ඉන්න හැටියි. තාත්තා එයාගෙන් අහපු ප්‍රශ්නේ එයාට ඇහිලාවත් නෑ වගේ. මම පුදුමයෙන් ටික වෙලාවක් මීෂා දිහා බලන් උන්නා. ඒත් එයා එක මොහොතකටවත් මගෙන් එයාගේ ඇස් අහකට ගත්තේ නෑ. තාත්තායි ෂෙරිලුයි මීෂාගේ හැසිරීම ගැන පුදුමයෙන් වගේ මූණට මූණ බලා ගද්දි මං ලැජ්ජාවෙන් අපහසුතාවයට පත් වෙලා අහක බලා ගත්තා.
“මීෂා...... මීෂා.....” ෂෙරිල් දෙපාරක්ම කතා කරද්දි මම ආයෙත් මීෂා දිහා බැලුවා.
‘මේක නම් පිස්සුවක්. එයා තවමත් මං දිහා බලාගෙන ඉන්නවා.’ එහෙම හිතෙනවාත් එක්කම මට එයා ගැන ඇති වුනේ තරහක්.
“මෙයා නේද මගේ අයියා ?” මීෂා එකපාරටම ඇහුවා.
තාත්තයි ෂෙරිලුයි මා දිහා බලලා ආයෙත් මූණට මූණ බලාගෙන නිරුත්තරව ඉද්දි මම තරහින් නැගිට්ටා.
“නෑ... කොහෙත්ම නෑ, මෝඩ කෙල්ල.... ආයෙත් එහෙම කිවුවොත් බලාගත්තහැකි.”
මම මීෂා දිහා බලන් තරහෙන් කිවුවා. ඒ වෙලාවේ නම් මීෂා මා දිහා බලන් උන්නේ ගොඩක් බය වෙලා.
“ෂේන්....” තාත්තා කෑ ගැහුවා.
මම ඒක ඇහුනේ නෑ වගේ තරහින් මගේ කාමරයට ගිහින් දොර වහ ගත්තා.
ඒ සිද්ධියෙන් පස්සේ මීෂා මා දිහා බලන්නත් බය වෙන බව මට දැනුනා. මං එද්දි එයා බයෙන් මාව මග අරින්න ගත්තා. ඒ ගැන වෙලාවකට මගේ හිතේ පසුතැවීමකුත් තවත් වෙලාවකට සතුටකුත් ඇති වුනා. මම සතුටු වුනේ ඒකෙන් ෂෙරිල්ට රිද්දන්න පුලුවන් වෙයි කියන බලාපොරොත්තුව නිසයි.
©උපුටා ගැනීම තහනම්

Comments
Post a Comment