යළි අප හමු විය - 02
යළි අප හමු විය - 02
©උපුටා ගැනීම තහනම්
©උපුටා ගැනීම තහනම්
මම වෙවුලන අතින් අනෙක් පිටු ද පෙරලුවෙමි. මුලින් තිබූ හැම පින්තූරය ක ම ඔවුන් ප්‍රීතිමත් ව ආදරෙන් සිටි නමුත් අවසන් පින්තූර කිහිපය වන විට ඔවුන්ගේ මුහුණු දුකෙන් බරව තරුණියගේ මුහුණ වැහැරෙමින් තිබිණි. ඉන්පසු මා තිගැස්සුනේ මගේ මනසේ සටහන් වූ නිවසේ පින්තූරය දැකීමෙනි. ඒ අවට මිදුලෙත් ගෝවා වගා කර තිබිණි. ඇල්බමයේ අවසන් පින්තූරය දැකීමෙන් මා අතිශයින් ම පුදුමයට පත් වූයෙමි. එහි තිබුණේ තරුණයා මිය ගොස් මිනී පෙට්ටියේ වැතිරී සිටින ඡායාරුවකි.
"විල් 1998..." එහි සටහන් ව තිබිණි.
මම ඇල්බමයත් රැගෙන නොඉවසිල්ලෙන් කාමරයෙන් පිටතට ගියෙමි.
"කොහෙද ඩෙරික් මහත්මයා ?" මම සේවිකාවගෙන් ඇසුවෙමි.
"එයා එළියට ගියා...." ඇය මා අත තිබූ ඇල්බමය දෙස පුදුමයෙන් බලමින් ඇසුවාය.
"ඒක කොහෙන්ද ඔයාට ලැබුණේ ?" ඇය ඇසූ දෙයින් මා විමතියට පත් වූයෙමි. ඇය මේ ගැන යම් දෙයක් දැන සිටිය යුතුය.
"ඔයා මොනවද මේ ගැන දන්නේ ?" මා පෙරළා ඇසුවෙමි.
"ඒක ගෝවා ගොවියාගේ ඇල්බම් එක. කෞතුකාගාරයේ තිබිලා අතුරුදහන් වුනා...." ඇය විස්මයට පත්ව කීවාය.
"ඔයාට කොහෙන්ද ඕක ?" ඇය යළි ඇසුවාය.
"මේක ඩෙරික් ළඟ තිබුණේ. මම මේ ගැන කිසිම දෙයක් දන්නේ නෑ." මම අවුල් වී ගිය මනසින් යුතුව කීවෙමි.
"එතකොට ඩෙරික් මහත්මයාද ඇල්බම් එක හොරකම් කළේ ?" සේවිකාව පුදුමයෙන් කීවාය
"මට කියන්න, කවුද මේ ගෝවා ගොවියා ? ඇයි එයා මේ ගමේ මේ තරම් ප්‍රසිද්ධ ?" මා යළි ඇසුවෙමි.
"එයාගේ නම විල්. බොහොම හොඳ කෙනෙක්. එයා ප්‍රසිද්ධ වුනේ එයා තමන්ගේ ඥාති සහෝදරිය එක්ක ආදරෙන් බැඳුන නිසයි...."
"මොනවා ?" මට කියවිණි.
"මට ඒ දෙන්නාව හොඳට මතකයි. පුංචි කාලේ ඉඳලා ම දෙන්නා එකටමයි උන්නේ. ගමේ උන්න ලස්සන ම කොල්ලා විල්. සැලීත් ඒ තරමට ම ලස්සනයි. ගොඩක් අය හිතුවේ ඒ දෙන්නා එක කුස උපන් අයියායි නංගියි කියලා. විල් අවුරුදු දහයෙන් එයාගේ පවුලේ අයත් එක්ක වෙනත් රටකට ගියා. සැලී උන්නේ ගොඩක් දුකෙන්. එයාලා ගියාට පස්සේ ආයෙත් ආවේ ම නෑ. ඒත් අවුරුදු අටකට පස්සේ විල් ආවා. සැලී වෙනුවෙන්.... ඉන් පස්සේ ඒ දෙන්නා ආදරය කළා. සැලීගේ ගෙදරින් වගේ ම විල්ගේ පවුලෙනුත් ඒ ආදරයට විරුද්ධ වුන නිසා විල් පුංචි ගෙයක් හදාගෙන සැලීව ඒ ගෙදරට අරගෙන ගියා. ඒත්, ඒ දෙන්නගේ බැඳීම හදවත්වලට විතරක් සීමා වුන ආදරයක් වුනා. ඒ දෙන්නා එකට ජීවත් වුනත් ඒ දෙන්නා අතර වෙනත් බැඳීමක් ඇති වුනේ නෑ. ඒ නිසා තමයි ඒ ආදරය පිරිසිදු ආදරයක් හැටියට අදටත් ගම්මුන් ඒ දෙන්නට ගරු කරන්නේ."
"විල්ට මොකද වුනේ ? එයා මැරුනේ මොනවා වෙලාද ?" මම ඉක්මණින් ඇසුවෙමි.
"සැලීගේ හදවතේ ප්‍රශ්නයක් තිබුනා. එයාට හදවතක් බද්ධ කරන්න අවශ්‍ය වුනා. විල් මහන්සි නොබලා එයාගේ හැම ඉඩමක ම ගෝවා වවලා සල්ලි හෙව්වේ බද්ධ කරන්න සුදුසු හදවතක් ලැබෙනකල් සැලීව තව එක දවසක් හරි ජීවත් කරවන්නයි. ඒත්, හදවතක් හොයාගන්න එක ලේසි වුනේ නෑ. සැලීට තිබුණේ දුර්ලභ ගණයේ ලේ වර්ගයක්."
"දෙයියනේ...." මට ඉවෙන් මෙන් සිදුව ඇති දේ වැටහිණි.
"විල් සැලී වෙනුවෙන් තමන්ගේ හදවත කැප කළා. ඒ නිසා තමයි සැලීගේ මරණයේ පින්තූරයක් වෙනුවට විල්ගේ පින්තූරයක් තිබුණේ..." මට කියවිණි.
"ඔව්... විල් එහෙම කළා. මොකද, ඒ දෙන්නටම තිබුණේ එක ම ලේ.
විල් සැලී වෙනුවෙන් මැරුණත්, සැලීට ඒ වේදනාව දරාගන්න අමාරු වුනා. සැලී පිස්සුවෙන් වගේ අඬමින් ඉඳලා ලෙඩ වෙලා ම මැරිලා ගියා. එයා මැරෙන වෙලාවේ තුරුලු කරගෙන හිටපු විල්ගේ කෝප්පයයි, මේ ඇල්බම් එකයි කෞතුකාගාරයෙන් ආරක්ෂිතව තිබ්බේ හැමෝගෙම ඉල්ලීම පිටයි. අදටත් හැම කෙනෙක් ම ඒ දෙන්නාගේ ආදරය ගැන කතා වෙනවා."
"දැන් කෝ ඒ ගේ ?"
"ඩෙරික් මහත්මයා ඒ ගේ ගත්තා. විල්ට අයිතිව තිබුණ හැම ඉඩමක් ම ඩෙරික් මහත්මයා ගත්තා. එයා ඒ හැම ඉඩමක ම ගෝවා වගා කරන්න පටන් ගත්තා..."
"ඩෙරික් ගෝවා වගා කරනවා ?" මා ඇස් කුඩා කරමින් කීවෙමි. ඔහු මාව රුසියාවට ගෙන්වා ගැනීමට උනන්දු වූ සැටි මට සිහි විය.
"ඔයා එනකල් කෙනෙක් මෙහෙට වෙලා අවුරුදු ගාණක් බලාගෙන ඉන්නවා.... ගෝවා ගොවියා..." ඩෙරික්ගේ වදන් මට සිහි විය.
"ඩෙරික් මෙහෙට ඇවිත් අවුරුදු කීයක් වෙනවද ?" මා ඇසුවෙමි.
"අවුරුදු දහයක් වෙනවා."
"ඇයි එයා මෙහෙට ආවේ කියලා ඔයා දන්නවද ?"
"ඉගෙන ගන්න."
"එයා තවමත් ඉගෙන ගන්නවද ?"
"නෑ, ඉගෙනීම් කටයුතු ඉවර වුනත් එයා දිගට ම මෙහේ උන්නා...."
"එයා මේ වෙලාවේ ඉන්නේ විල්ගේ ඉඩමක. එහෙම නේද ?"
"ඔව්.... ඩෙරික් මහත්මයා විල්ගේ පුංචි ගේ ප්‍රතිසංස්කරණය කරනවා....."
සේවිකාවගෙන් තවත් අසන්නට යමක් මට ඉතිරි වූයේ නැත. සියල්ල පැහැදිලිය. මා කාමරයට ගොස් ස්නානය කර අලුත් ඇඳුමක් දමා ගතිමි. පුංචි කර මාලයත් දමාගෙන කෙස් කළඹ විහිදුවා දමා ගත් පසු මා සැලී මෙනැයි මට සිතිණි. මා නිවසින් පිටතට බැස පාරට ගියෙමි.
"ගෝවා ගොවියා සැලී එක්ක ජීවත් වුන ගේ තියෙන්නේ කොහෙද කියලා මට කියන්න පුලුවන්ද ?" පාරේ ආ මිනිසෙකුගෙන් මා ඇසුවෙමි. ඔහු මට යා යුතු මග කීවේය.
වැඩි දුරක් යන්නට පෙර මගේ නෙතට ගෝවා වගාව දර්ශනය වන්නට විය. මම ගැහෙන හදවතින් ඒ දෙසට පා නැගුවෙමි. එක්වර ම සියල්ල හුරු පුරුදු වන්නට විය. ගෝවා වගා කර තිබූ රටාව පවා මට හුරුපුරුදුය. ඈතින් පේන පුංචි නිවසට යන්නට තනා තිබූ පාර දෙපස සිටුවා තිබූ රෝස මල් පැළ ද මට පුරුදුය. අවුරුදු ගාණකට පසු ද මේ ස්ථානය ඒ ලෙස ම තිබෙන්නට නොහැකිය. කවුරුන් හෝ මේ ස්ථානය හොඳින් දන්නා හඳුනන කෙනෙකු විසින් යළි ඒ දේවල් ඒ ලෙස ම සකසන්නට උත්සාහ කරමින් සිටී. ඒ කව්දැයි මා දනිමි.
මා යන විට කඩවසම් තරුණයෙකු නිවසෙන් පිටතට බැස පුදුමයෙන් මා දෙස බලා සිටියේය. මම ද සිටිවන ම නතරව ඔහු දෙස ගොලුවතින් බලා සිටියෙමි. ඔහු මාගේ හිසේ පටන් දෙපතුළ දක්වා බලාගෙන ගියේය. ඒ ඇස් වලට කඳුලු උනා ඇති බැව් දුටු මා යළි පුදුමයට පත් වූයෙමි.
"සැලී..." ඔහු වෙවුලන දෙතොලින් කීවේය.
"ඩෙරික්...." මා කීවෙමි.
ඔහු මා අසළට පැමිණ සෙමින් මා තුරුලු කරගත්තේය. මා ඔහුව තදින් බදාගෙන හඬන්නට පටන් ගත්තේ මන්දැයි මට ම නොහැඟේ. ඔහුගේ දහඩිය වැකි කයින් පවා මට දැනුණ සුවඳින් මගේ හදවතේ හිඩැස් සියල්ල පිරී යනු මට දැනිණි. ඔහු මගේ කම්මුල ආදරයෙන් අත ගා නළල සිප ගත්තේය.
"ගොඩක් දේවල් ඔයාට අමතක වුනාට මට හැමදේම මතකයි. දෛවය හරි පුදුමාකාරයි. කලින් ආත්මයේ දි මට අවුරුදු විස්සෙන් ඔයාව අහිමි වුනා. මේ ආත්මයේ මට අවුරුදු විස්ස ලබද්දි ඔයා මං ළඟ. අපි නතර වුන තැනින් ආයෙත් පටන් ගමු..." ඔහු යළි මා තුරුලු කරගනිමින් සෙනෙහෙසින් කීවේය.
-නිමි-

Comments
Post a Comment