කුඩම්මාගේ දුව - 02
කුඩම්මාගේ දුව - 02
©උපුටා ගැනීම තහනම්
මීෂා බොහොම ඉක්මණට ලුසී එක්ක කුළුපග වුනා. ලුසීත් මීෂාට ගොඩක් ආදරේ කරන්න පටන් ගත්තම මට ඒක කොහෙත්ම දරා ගන්න බැරි වුනා. මගේ හිත ඊර්ෂ්‍යාවෙන් පිරෙද්දි මම මීෂාට තවත් වැඩියෙන් වෛර කරන්න ගත්තේ මීෂා ලුසීව මගෙන් උදුරා ගත්තා කියන හැඟීම මට දැනුන නිසයි. ඒත් ඇත්තටම නම්, ලුසී මට වෙනසක් නැතිව හැමදාම එක වගේ ආදරේ කලා.
“ඒ ගෑණු ළමයා හරි අහංකාරයි. එයා හිනාවෙනවා මම දැකලාම නෑ.” මම ලුසී එක්ක එහෙම කිවුවේ මීෂා ව ලුසීට එපා කරවන අදහසින්.
“මගේ වස්තුවේ, මීෂා හිනා නොවුනට මොකද ? ඔයාගේ හිනාව දකින්න මම අවුරුදු දෙකක් තිස්සේ බලාගෙන ඉන්නේ.”
ලුසී එහෙම කියද්දි එයාගේ ඇස් වලට යන්තම් කඳුලක් උනනවා මම දැක්කා. ලුසී කියපු දේ මගේ හිතට තදින් ම වැදුන නිසා මම ඒ ගැන කල්පනා කරන්න පටන් ගත්තා. ඇත්තටම මම අන්තිමට හිනා වුනේ කවදා කොයි වෙලාවෙද කියලා මට මතක් කර ගන්නවත් බැරි වුනා. හැබැයි මට එක දෙයක් හොඳටම විශ්වාසයි. මම අන්තිමට හිනා වුනා නම්, ඒ මගේ අම්මා නැති වෙන්න කලිනුයි. මගේ හිනාව නැති වෙන්න නම් සාධාරණ හේතුවක් තිබුනා. ඒත් මීෂාට ? මීෂා හිනා නොවී ඉන්නේ එහෙම සාධාරණ හේතුවක් නිසාද, නැත්නම් අහංකාරකමින් ඔලුව උදුම්මගෙන ඉන්න නිසාද ?
මීෂා ගෙදර ඇවිත් සතියකුත් පහු වුනා. ඒත් එයයි මායි අතර කිසිම කතාබහක්, ගනුදෙනුවක් ඇති වුනේ නෑ. හැබැයි ලුසී උයන වෙලාවට මීෂාත් කුස්සියේ රිංගාගෙන ලුසීට පොඩි පොඩි වැඩ කරලා දුන්නා.
“කපටි කෙල්ලෙක්... ලුසීව රවට්ටගෙන” මම තනියම හිතුවා.
හැමදාම හවසට මීෂා වතුර බටේ අරගෙන වත්තේ මල් පැල සේරටම වතුර දැම්මා. පාඩම් කලා. එයා ටී.වී බලන්න, වීඩියෝ ගේම් ගහන්න කිසිම උනන්දුවක් දැක්වුවෙ නෑ. හැබැයි එයා එක දවසක් මගේ බලු පැටියා එක්ක සෙල්ලම් කරනවා දැකලා මට ඇති වුනේ ලොකු තරහක්.
“එයා මගේ බල්ලාවත් අයිති කරගන්නයි හදන්නේ...... ඒවා කොහෙද මා එක්ක”
මම එහෙම හිතාගෙන තරහින් මීෂා ළඟට යන්න හදද්දි ම මීෂා හයියෙන් හිනා වෙන්න පටන් ගත්තා. මම පුදුමයෙන් නතර වෙලා ටික වෙලාවක් බලාගෙන උන්නා. මීෂා හිනාවෙන හැටි මම මුලින්ම දැක්කේ එදායි. මම ආපහු හැරිලා කාමරය ඇතුලට ගිහින් දොර වහගෙන ජනේලය ළඟට වෙලා හොරෙන් මීෂා බල්ලා එක්ක සෙල්ලම් කරන හැටි බලාගෙන උන්නා.
“මීෂා හිනාවෙනවා නම් ඇයි මට හිනාවෙන්න බැරි ?”
මම කණ්නාඩිය ළඟට ගිහින් හිනා වෙන්න උත්සාහ කලා. ඒත් කොහොමද හිනාවෙන්නේ ? මම හිනා වෙන්න හදද්දි මට මාවම පෙනුනේ විකටයෙක් වගේ. මට හිනා වෙනා හැටි අමතක වෙලාද ? මම කේන්තියෙන් ඇඳ උඩට පැනලා උඩුබැලි අතට දිගා වෙලා වහලයේ සිවිලිම දිහා ඔහේ බලාගෙන උන්නා. මීෂා කෙලවරක් නැතිව කෑ ගගහා හිනා වෙන හැටි හැටි කාමරයටත් ඇහෙද්දි මම ඉවසුම් නැති කේන්තියකින් නැගිට්ටා. මම තරහින් එලියට යද්දි බලු පැටියා මීෂාව පෙරලගෙන එයාගේ මූණ ලෙවකනවා.
“අයියෝ එපා පපී.....” මීෂා හිනාවෙවී කිවුවා. .
“පපී....? මගේ බල්ලාගේ නම පපී නෙවෙයි රෝවර්.” මම තරහින් කියද්දි මීෂා බය වෙලා වගේ දණිපනි ගාලා නැගිට්ටා.
“සමාවෙන්න.... මම ඒක දැනගෙන උන්නේ නෑ...” මීෂා කිවුවා.
“රෝවර්....... මෙහෙ එන්න පැටියෝ....”
මම මීෂා කියපු දේ ගණන් නොගෙන බල්ලාට කතා කලා. බල්ලා මීෂා ව අත ඇරලා වේගයෙන් මා ළඟට දුවගෙන එද්දි මට දැනුනේ ලොකු සතුටක්. මම මීෂා දිහා බලද්දි එයා බල්ලා දිහා දුකෙන් බලාගෙන උන්නා.
“හහ්.... ලුසී රැවටුනාට මගේ බලු පැටියා නම් එයාට රැවටෙන්නේ නෑ....” මම තනියම හිතුවා.
මීෂා ආයෙත් නම් බල්ලා එක්ක සෙල්ලම් කරන එකක් නෑ කියලා මම හිතුවා. ඒත් පහුවදා හවසත් මම කාමරයේ ඉද්දි මීෂා හයියෙන් හිනා වෙන සද්දේ මට ඇහුණා. මම ඉක්මණට ජනේලය ළඟට ගිහින් බලද්දි මට පෙනුනා මීෂා රෝවර් එක්ක සෙල්ලම් කරන හැටි. මම හිතේ ඇති වුන තරහත් එක්ක වේගයෙන් ඇවිදගෙන මීෂා ඉන්න තැනට ගියා.
“මේ අහනවා... ඔය මගේ බල්ලා. උගෙන් ඈත් වෙලා ඉන්නවා.....”
මම යන ගමන්ම මීෂාට කෑ ගැහුවා. ඒත් මෙදා සැරේ මීෂා මා දිහා බැලුවෙ වෙනදා වගේ බයෙන් නම් නෙවෙයි.
“රෝවර්..... මෙහේ එන්න....” මම නතර වෙලා කතා කලා. බලු පැටියා මං ළඟට දුවගෙන එද්දිම මීෂා කෑ ගැහුවා.
“පපී....” මීෂා කතා කරද්දි බල්ලා ආපහු හැරුනා.
“රෝවර්......” මම කේන්තියෙන් කෑ ගැහුවා. බල්ලා ආපහු හැරිලා මගේ දිහාට එද්දිම මීෂා ආයෙත් කෑ ගැහුවා.
“පපී.......” බල්ලා ආයෙත් මීෂා දිහාවට හැරුනා.
“කටවහනවා මෝඩ කෙල්ල..... රෝවර්, මෙහේ එන්න.” මම කෑ ගැහුවා. රෝවර් මං ළඟට එන්න හදද්දිම මීෂා පැනලා බල්ලාව බදා ගත්තා.
“ඇයි මට පපී එක්ක සෙල්ලම් කරන්න නොදෙන්නේ......?” මීෂා දුකින් වගේම තරහින් ඇහුවා.
“මොකද ඌ මගේ බල්ලා නිසා. මගේ බල්ලාව අත අරිනවා.”
“මගේ අම්මායි ඔයාගේ තාත්තායි කිවුවා මේ ගෙදර හැම දෙයක්ම මටත් අයිතියි කියලා. මට මේ ගෙදර තියෙන කිසිම දෙයක් එපා.... අනේ...., මට පපීව විතරක් දෙන්න.”
“මේ අහනවා.” මම දත්මිටි කාගෙන මීෂා ළඟට ගියා.
“මේ ගේ මගේ අම්මාගේ. ඔහේගේ අම්මා එහේ මෙහේ යන කාර් එකත් මගේ අම්මාගේ. ගිය අවුරුද්ද පුරාම එයා ඇන්දේ මගේ අම්මාගේ ඇඳුම්. මගේ අම්මාගේ ලස්සන සෙරෙප්පු. එයා මගේ අම්මාගේ බඩු සේරම විනාශ කලා. එතකොට දැන් එයාගේ දුව ඇවිත් මගේ දේවල් අයිති කර ගන්න හදනවා. ඒ දේවල් මා එක්ක හරි යන්නේ නෑ. මගෙ බල්ලාව නම් කොහොමටවත් තමුන්ට දෙන්නේ නෑ. මට ඔයාව පේන්න බෑ. දැන්වත් මගේ බල්ලා ළඟින් ඈතට යනවා.....”
මම එහෙම කෑ ගහන ගමන් තරහින් මීෂා ව තල්ලු කරද්දි එයාව වේගයෙන් පස්සට විසි වෙලා ගිහින් බිම ඇදගෙන වැටුනා. එයා කෑ ගගහා අඬන්න පටන් ගන්නවාත් එක්කම ෂෙරිල් කාර් එකෙන් ඇවිත් බැස්සා. මීෂා වැටිලා අඬන හැටි දැක්කම එයා පුදුමයෙන් ඒ දිහාට දුවගෙන ආවා.
“මොනවද මගේ ළමයාට කලේ ? ඉන්නවා අද හොඳ වැඩක් කරන්නම් ” ෂෙරිල් මට ඇඟිල්ල උළුක් කරලා කිවුවා.
තාත්තා ගෙදර ආව ගමන් මට එයාගේ බෙල්ට් එකෙන් දිගට හරහට ගැහුවා. ෂෙරිල් තාත්තාට කෝල් කරලා සේරම කියලා. හැබැයි එයා කියලා තිබුනේ මම මීෂාට නහයෙන් ලේ එනකල් ගැහුවා කියලායි. ෂෙරිල් බොරු කිවුවත් මීෂාට තිබුනා තාත්තාට ඇත්ත කියන්න. තාත්තා ගැහුවට පස්සේ මට තාත්තා ගැන ඇති වුනේ ලොකු කලකිරීමක්. සිද්ධ වුනේ මොකක්ද කියලා තාත්තා මගෙන් එකපාරක්වත් අහන්නේ නැතුව මාව සම්පූර්ණයෙන්ම වැරදිකාරයෙක් කලා. ඒකට වග කියන්න ඕනා අර කපටි අම්මායි දුවයි. ඒ දෙන්නා මට කරපු දේට පලිගන්නවාමයි කියලා මම ඒ වෙලාවේ හිතා ගත්තා.
පහුවදා උදේම තාත්තයි ෂෙරිලුයි වැඩට ගියා. මගේ හිත යට ඊයේ රෑ ඉඳන් වැඩ කරන සැලැස්ම ක්‍රියාත්මක කරන්න තිබුන හොඳම වෙලාව තමයි ඒක. මීෂා කෑම මේසෙට එන වෙලාව බලලා මමත් එයා එක්කම කෑම කන්න වාඩි වුනා. එයා පුදුමයෙන් වගේ මා දිහා බැලුවේ මම වෙනදාට උදේට කෑම ගන්නේ තනියම නිසා වෙන්න ඇති.
“ගුඞ් මෝනිං..” මම කියද්දි මීෂා පුදුමයෙන් ඇස් ලොකු කරගෙන මං දිහා බලලා ආයෙත් කෑම පිඟාන දිහා බලා ගත්තා.
“අහංකාරකම.... ඉන්නවකෝ තව ටිකකින් ඔය අහංකාරකම මම නැති කරනවා.” මම තනියම හිතුවා.
“සිද්ධ වුන දේවල් වලට සමාවෙන්න.” මම ඒක කියාගත්තේ බොහොම අමාරුවෙන්.
මීෂා කෑම නවත්තලා මං දිහා බලාගෙන උන්නා.
“රෝවර්... මං කිවුවේ, පපී... අඳ ඉඳන් ඔයාගේ.” මම බොරුවට කියද්දි මීෂාගේ මූණ මලක් පිපුනා වගේ එලිය වුනා.
“ඔය ඇත්තමද....?”
“ඔව්. ඔයා තියා ගන්න ඌව.....”
“ස්තූතියි....”
“හ්ම්ම්....”
මීෂා ආයෙත් කන්න පටන් ගත්තා. ඒ අතරින් පතර එයා මං දිහා බලලා ආසාවෙන් හිනා වෙද්දි මං කරන්න යන දේ කරනවද නැද්ද කියලා මගේ හිතේ පැකිලීමක් ඇති වුනා. ඒත් මම මේ දේ කරනවාමයි කියලා ආයෙත් තදින් හිතට ගත්තා.
“මීෂා...” මම කතා කලා.
“ම්ම්....” මීෂා ඔලුව උස්සලා මා දිහා බලලා හිනා වුනා. ඒ හිනාව දකිද්දි මගේ හිත පැකිලෙන නිසා මම ඉක්මණින් කෑම පිඟාන දිහා බලා ගත්තා.
“ඔයා කැමති නම් මම ඔයාව අපේ ගම පෙන්නන්න එක්කගෙන යන්නම්.” මම එහෙම කිවුවෙ මීෂාගේ ප්‍රතිචාරය මොන වගේ එකක් වෙයිද කියලා හිත යට තිබුන චකිතයත් එක්කමයි.
“හා.....” මීෂා ආසාවෙන් කිවුවා.
“එහෙනම් හරියටම දහය වෙද්දි යන්න ලෑස්ති වෙන්න....” මම බිම බලාගෙන ම කිව්වා.
“හරි.... අපි පපීවත් එක්කගෙන යමු.”
“නෑ.....” මම ඔලුව උස්සලා තරහෙන් කියද්දි මීෂා බය වුනා. එයා බය වුනොත් මගේ සැලැස්ම අසාර්ථක වෙයි කියලා මම බය වුනා.
“හා හොඳයි..... පපීවත් එක්කගෙන යමු” මම අකමැත්තෙන් කිවුවා.
ලුසීගෙන් අවසර අරගෙන අපි දහයට විතර ගෙදරින් පිට වුනා. මම මීෂාව මගේ බයිසිකලේ තියාගෙන යද්දි රෝවර් අපි පස්සෙන් දුවගෙන ආවා. ගම කෙලවරේම තිබුන බඩ ඉරිඟු යාය ළඟට එනකල් මම විනාඩි විස්සක් විතර එකදිගට බයිසිකලය පැද්දා. මහන්සියට බඩ ඉරිඟු යාය ළඟ නතර වුනාම මීෂා බයිසිකලයෙන් බැහැලා එතන තිබුන ගලක් උඩට නැගලා පුදුමයෙන් පාර දෙපැත්තෙන්ම ඈතට විහිදෙන බඩ ඉරිඟු යාය දිහා බලාගෙන උන්නා.
“ෂා.... බලන්නකෝ මේ ඉරිඟු යායේ ලොකු.... කෙලවරක් පේන්නේ නෑ.” මීෂා ආසාවෙන් කිවුවා.
“ඕක ඇතුලේ ළමයි උස්සගෙන යන මංකොල්ලකාරයෝ ඉන්නවා.” මම බය හිතෙන විධියට කටහඬ වෙනස් කරලා කියද්දි මීෂාගේ මූණ අමුතු වුනා.
“අපි ආපහු යමු......” මීෂා ඇඬෙන්න ඔන්න මෙන්න තියෙද්දි වගේ කිවුවෙ ගලෙන් බහින ගමන්.
“ඔයා බය වෙන්නෙපා. මං ඉන්නවානේ. අනික මම තවම මේ ගමේ ලස්සනම තැන ඔයාට පෙන්නුවෙත් නෑ.”
“ඒ කොහෙද....?”
“ඒක දැන්ම කිවුවොත් වැඩක් නෑ. දැන් බයිසිකලෙන් වාඩි වෙලා ඔයාගේ ඇස් වහගෙන ඉන්න. මම කියනකල් ඇස් අරින්න බෑ.”
“ඇයි ඇස් පියාගන්නේ...?”
“මට ඕනා ඔයාව පුදුම කරවන්නයි”
“ඒක නම් නියමයි. මීට කලින් කවුරුත් මාව පුදුම කරවලා නෑ.”
“ඇත්තද..? හැබැයි, අද නම් ඔයා ගොඩාක් පුදුම වෙයි.....”
මම බඩ ඉරිඟු යාය මැද අතුරු පාරවල් කීපයකින් හරව හරවා බයිසිකලය පැදගෙන යද්දි අපි කොහේද යන්නේ කියලා මීෂාට වැටහීමක් තිබුනේ නෑ. පුරුදුකාරයෙක් ඇරෙන්න මේ බඩ ඉරිඟු යාය මැද්දට එන ඕනම කෙනෙක් අතරමං වෙනවා. අන්තිමට මට එන්න ඕන තැනට ඇවිත් මම නතර වුනා. එතන තිබුනේ ලස්සන, විශාල ගංගාවක්. ඒකේ නම “ඩෙවිල් (යක්ෂ) ගඟ”. මේ වගේ ලස්සන ගඟකට ඒ වගේ භයානක නමක් දැම්මේ ඇයි කියලා නම් මට හිතාගන්න බෑ.
“ඇස් අරින්න...” මම කිවුවා.
මීෂා ඇස් ඇරලා ටික වෙලාවක් යනකල් සතුට වැඩිකමට කතා කලේ නෑ. එයා ආසාවෙන් වටේටම කැරකි කැරකි එතන තිබුන ලස්සන බැලුවා.
“මේක දිව්‍ය ලෝකයක් වගේ...” මීෂා ඒ තැනට වශී වෙලා වගේ කිවුවා.
“ඔව්... මගේ අම්මාත් මේ තැනට හරි ආසයි. ඉස්සර මායි අම්මායි හැම ඉරිදාම මෙතැනට එනවා.” අතීතයේ එක සුන්දර මතකයක් මීෂා ඉස්සරහා දිග ඇරුනේ මටත් නොදැනිමයි.
මම කියපු දේ අහලා මීෂා මං දිහා දුකෙන් බලන් ඉද්දි මම ඒකට පොඞ්ඩක්වත් කැමති වුනේ නෑ.
“ඇයි මොකද ඔහොම බලන්නේ ? ඒවා වැඩක් නෑ. එන්න මම ඔයාට පොඩි සෙල්ලමක් කියලා දෙන්න.” මම එහෙම කියන ගමන් එතන ගහක පිපුන පෙති ගොඩක් තියෙන මලක් කඩා ගත්තා.
“මොන වගේ සෙල්ලමක්ද...?”
“එන්නකෝ... මේ ගල උඩ වාඩි වෙන්න.” මම ගඟ අයිනේ තිබුන ගල උඩ එයාව වාඩි කරවන ගමන් කිවුවා.
“දැන් මේ මල අතට අරගෙන ඇස් වහ ගන්න.”
“ආයෙත් මාව පුදුම කරවන්නද යන්නේ.....?”
“නෑ...නෑ... ඔයා ඇස් වහගෙන මොකක් හරි ප්‍රාර්ථනාවක් කරන ගමන් මේ මලේ තියෙන හැම පෙත්තක්ම එකින් එක කඩ කඩා මේ ගඟට විසි කරන්න. එතකොට ඒ ප්‍රාර්ථනාව අනිවාර්යයෙන්ම ඉශ්ඨ වෙනවා. හැබැයි පෙති සේරම ඉවර වෙනකල් ඇස් අරින්නවත් කතා කරන්නවත් බෑ.
“ෂා...... ඇත්තමද ? එහෙනම් මම ප්‍රාර්ථනා කරනවා මට ගොඩාක් ආදරය කරන කෙනෙක් ලැබෙන්න කියලා.”
මීෂා එහෙම කියද්දි මම ගල් ගැහිලා එයා දිහා ටික වෙලාවක් බලන් උන්නා.
“ආදරය කරන කෙනෙක් ?” මම පුදුමයෙන් හිතුවා.

Comments
Post a Comment