ඇගේ මිතුරිය - 02
ඇගේ මිතුරිය - 02
©උපුටා ගැනීම තහනම්
පසුදින මා යළි ඇය දකින විට ඇය පෙර මෙන් සැහැල්ලුවෙන් දඟලමින්, කෑ ගසමින් සිටියාය. ඇය එසේ සිටිනු දැකීම මගේ හිතට ගෙන ආවේ අස්වැසිල්ලකි.
"ඉක්මණට යමු...." සමාරා ඇගේ මිතුරිය සමඟ කාරයට ගොඩ වී කෑ ගැසුවාය.
"කොහෙටද යන්නේ ?" මම පුදුමයෙන් ඇසුවෙමි.
"කොහේ හරි.... අපි ඔහේ යමු...." මාෂ් සැහැල්ලුවෙන් කීවාය. ඇය තවම හැසිරෙන්නේ කුඩා එකියක මෙනි. මට ඇයව පෙනුනේ මා ඇයව අත හැරිය දින සිටි මාෂ් මෙනි. ඇය තවමත් එතැනය. එහෙත් මා දිනෙන් දින ඉදිරියට ගියෙමි. ඒ නිසාදෝ මට එදා ඇය සමඟ සිටි ශේමික වන්නට බැරිය.
"පිස්සු කතා කියන්නෙපා. යන්න ඕන තැනක් තීරණය කරළා මට කියන්න, මම එක්කගෙන යන්නම්...." මා කී දේ අසා මාෂ්ගේ මුහුණ මැලවිණි.
"මට තෝස කන්න ඕනා...." මාෂ් එක්වර ම කීවාය.
"හ්ම්...." මම කාරයට ගොඩ වෙමින් කීවෙමි.
"අර ජරා කඬේට ද යන්නේ ?" සමාරා ඇසුවාය.
"ජරා කඬේ ? ඒ මොන කඩයක් ද ?" මාෂ් සෙමින් තෙපළාය. මගේ මුහුණේ ලා සිනා රැල්ලක් මතු විය. සමාරා කෙතරම් අකමැති වුවත්, මාෂ් ඒ කඩයෙන් තෝස කෑමට කැමති වන බව මට විශ්වාසය.
"ලස්සන දර්ශනය.... චිත්‍රයක් අඳින්න මරු...." මාෂ් වෙල් යායත් තෝස කඩයත් දෙස බලමින් කීවාය. ඉන්පසු ඇය හායි හූයි ගාමින් කොච්චි සම්බෝලය සමඟ තෝස කන්නට විය. මා ඇයට සාම්බාරු හොද්ද නොබෙදා උන්නේ ඇය සාම්බාරුවලට අකමැති බැව් දැන සිටි බැවිනි.
"මං දිහා කන්න වගේ බලන්නැතුව ඔය තෝස ටික කනවා මැටි පූසෝ...." මාෂ් එසේ කීවේ කොච්චි සම්බෝලයේ සැරට නහයට එන හොටු ඉහළට අදිමිනි.
"ලේන්සුවක් ගෙනාවේ නැද්ද ?" මා ඇසුවෙමි.
"අමතක වුනා. මේ කඬේ ටිෂූ නැද්ද ?" මාෂ් වටපිට බලමින් කියන විට කඬේ ඇන්ටි අසරණ ලෙස මා දෙස බැලුවාය.
"ටිෂූ ? මම කියන්නෑ ඉතින්... ආ... ගන්නවා..." මම මගේ කලිසම් සාක්කුවෙන් ලේන්සුව ඇද ඇයට දිගු කළෙමි.
"තෑන්ක්ස්...." ඇය ලේන්සුව ගත් සැණින් එය නහයට තබා හොටු සීරුවාය.
"හිහි...." ඉන්පසු ඇය මා දෙස බලා සිනාසුනේ මෝඩ ස්වරූපයෙනි.
"ඔය කීවෙනි තෝසෙද කන්නේ ?" මම ඇසුවෙමි.
"මම ගණන් කළේ නෑ...." ඇය තවත් තෝස දෙකක් පිඟානට දමාගනිමින් කීවාය.
"ඇන්ටි මෙතන තෝස කීයක් තිබ්බද ?" මම ඇසුවෙමි.
"දහයක් මහත්තයා...." ඇන්ටි එසේ පවසන විට මගේ ඇස් ඉබේට ම යැවුනේ ඉතිරිව ඇති එක ම එක තෝසය දෙසට ය.
"තමුසේ තෝස නවයක් කනවද ?" මම පුදුමයෙන් ඇසුවෙමි.
"නෑ...."
"නැත්තේ මොකද ? මේ බලනවා තව එකයි තියෙන්නේ...." මම එසේ කියනවාත් සමඟ ම ඇය ඒ තෝසයත් ගෙන පිඟානට දමා ගත්තාය.
"මම තෝස දහයක් කනවා...." මාෂ් එසේ කියමින් තෝස කෑල්ලක් කටේ ඔබා ගත්තාය. මම ඇයට නොපෙනෙන්නට සිනාසුනිමි. ඇය නම් එදා සිටි පිස්සු කෙල්ල ම බැව් දැන් මට සක්සුදක් සේ පැහැදිලි ය.
"අම්මාහ්.... බඩ පැලෙන්න වගේ...." මාෂ් අපහසුවෙන් කාරයට නගිමින් කීවාය.
"එහෙම නැති වුනොත් තමා පුදුමේ. තෝස දහයක් ම කෑවානේ." මම කීවෙමි.
"ඈහ්.... තෝස දහයක් ?" සමාරා ඇස් ගෙඩි දෙක ලොකු කරගෙන මා දෙසත් මාෂ් දෙසත් මාරුවෙන් මාරුවට බැලුවාය.
"දහයෙන් නතර කරගත්තෙත් බොහොම අමාරුවෙන්. සිරාවට ඒ තෝස පට්ට රසයි..." මාෂ් කීවාය.
"ඒයි කට..." මට එක්වර ම කියවුනේ සමාරා සිටින බැව් අමතකව යමිනි. සමාරා පුදුමයෙන් මා දෙස බලන විට මාෂ් හොරැහින් මා දෙස බැලුවාය.
"මැටි පූසා...." මාෂ් එක්වරම ඉදිරියට පැන මගේ හිසට පහරක් ගැසුවාය. මම හිස අල්ලාගෙන දත්මිටි කමින් මාෂ් දෙස බලා යළි සමාරා දෙස බැලුවෙමි. සමාරා එක්වර ම සිනාසෙන්නට විය.
"ඔයා මෙයාට වචනයක් කියන්න කලින් දෙපාරක් හිතුවොත් හොඳයි. මෙයා හරියට කොටි ධේනුවක් වගේ...." සමාරා සිනාසෙමින් කීවාය.
"මොකට කියනවද ඒ ගැන..." මම තරහින් හිස අත ගා ගනිමින් කාරය පණ ගැන්වූයෙමි.
"බීච් යමු...."
"මොකක් ?" මම මාෂ් දෙස බැලුවේ කෝපයෙනි.
"ඇහුනේ නැද්ද ? මට බීච් යන්න ඕනා..." මාෂ් හිතුවක්කාර ස්වරයෙන් කීවාය.
"යමු බබා.... පවුනේ..." සමාරා කීවාය.
"හ්ම්... ඔයා කියනවා නම් යමු." මා සමාරා කී දෙයට එකඟ වන විට මාෂ් මා දෙස හෙළුවේ තියුණු බැල්මකි.
"එක්කෝ ඕන නෑ...." මාෂ් කීවාය.
"හරියට එක දෙයක් කියන්න. ගෙදර යනවද ? බීච් යනවද ? " මම තරහෙන් කීවෙමි.
"ඕන මඟුලක යං..." මාෂ් අසුනට බර වෙමින් අත් දෙක බැඳගනිමින් කීවේ අමනාපයෙනි. මම කෝපයෙන් ඔවුන් දෙදෙනා කැටිව මුහුදු වෙරළට ගියෙමි. එහෙත් මාෂ් කාරයෙන් පිටතට බැස්සේ නැත.
"දැන් ඔයාටම නේ බීච් එන්න ඕන වුනේ...." මම තරහෙන් කීවෙමි.
"මම කිව්වට එක්කගෙන ආවේ නෑනේ. සමාරා කියපු නිසානේ ආවේ..." මාෂ් කට ඇදකරගෙන මුරණ්ඩු ලෙස කීවාය.
"ඉතින් බබී ඔයාට ඕන නිසානේ මම ශේමිකට කිව්වේ බීච් යමු කියලා...." සමාරා ඇයට පැහැදිලි කළාය.
"ඕන නෑ... මට ගෙදර යන්න ඕනා. බඩ රිදෙනවා...." මාෂ් කුඩා දැරියක මෙන් කීවාය.
"බඩ රිදෙනවා නේන්නම් තෝස දහයක් කෑවාම. තමන්ගේ ශරීරයට අල්ලන ප්‍රමාණය තමයි කන්න ඕනා..." මම කාරය හරවමින් කීවෙමි.
"මගේ ශරීරයට තෝස දහයක් අල්ලනවා. ඇයි ඔයාට ප්‍රශ්නයක්ද ?" මාෂ් ඇසුවාය. මම තොල්පට තදින් හපාගෙන තරහෙන් ඈ දෙස හැරී බැලුවෙමි. ඇය මා දෙස බලා සිටියේ ඊට වඩා තරහින් පුපුරමිනි. දින තුනක් පමණ ගෙවෙන තුරු මාෂ් සිටියේ මා සමඟ කෝපයෙනි. මා දකින හැම වාරයක ම ඇය මට විරිත්තා අහක බලා ගත්තාය.
"මේ මොන විකාරයක්ද මාෂ් ? ඔයා තාම පොඩි එකෙක් වගේ හැසිරෙන්නේ...." මම තුන් වෙනි දින ඇයගේ අතින් ඇද තරහෙන් කීවෙමි.
"මේ මොන විකාරයක් ද ශේමික ? ඔයා තවම මෝඩයෙක් වගේ හැසිරෙන්නේ..." ඇය මාව විහිළුවට ගෙන කීවාය.
"හොඳටම ඇති...."
"හාකෝ.... හාකෝ.... මැටි පූසා..."
"මාෂ්, තමුසේ මගෙන් කන්න හදන්නේ..." මම තරහින් කෑ ගැසුවෙමි.
"හා, මම බය වෙයි. අනේ හලෝ, මම තමුසේට බය නෑ. සමාරා වගේ කෙල්ලෙකුට බය වෙලා ඉන්න තමුසේ කොල්ලෙක්ද ?"
"මොකක්ද කිව්වේ ?" මම තරහින් මාෂ්ගේ නිකට මිරිකාගෙන කීවෙමි. ඇය තරහින් මාව පසෙකට තල්ලු කළාය.
"බය ගුල්ලා...." මාෂ් එසේ කියා වේගයෙන් දිව යන විට මා දත්මිටි කමින් බලා සිටියෙමි.
එදින රාත්‍රියේ මාෂ් පරිගණකය ඉදිරියේ වාඩි වී කාත් සමඟ හෝ ප්‍රංශ භාෂාවෙන් කතා කරනු මට ඇසිණි. මම හොරෙන් එබී ඒ කව්දැයි බැලුවෙමි. ඇය කතා කරමින් සිටියේ විදේශික තරුණයෙක් සමඟිනි. ඇය ඔහු හා සිනාසෙමින් කතා කරන අයුරු දුටු මගේ හිතේ ඇති වූයේ ඊර්ෂ්‍යාවකි. මම ඇයව නොදැක්කා සේ එක්වර ම කාමරය තුළට ඇතුළු වූයෙමි.
"ආ ශේමික... මගේ කොල්ලා එක්ක ටිකක් කතා කරනවද ?" මාෂ් එක්වර ම ඇසූ පැණයෙන් මගේ සැකය දුරු වූ අතර කාමරය තුළට ආ මෝඩකම යැයි මට සිතුණි.
"අවශ්‍ය නෑ..." මම තරහෙන් කීවෙමි.
"අයියෝ එනවා හලෝ ලැජ්ජා නොවී. ආ.... ඔයාට ප්‍රංශ බෑ නේ ? ඉන්නකෝ මම කියන්නම් ඔයා එයාට හායි කිව්වා කියලා." මාෂ් එක්වර ම කීවාය.
"එපා.... මා එසේ කියන විටත් ඇය මොනවාදෝ තරුණයා සමඟ කියන්නට විය.
"Bonjour...." තරුණයා කැමරාවෙන් පෙනෙන මගේ රුව දෙස බලා අත වනමින් කීවේය.
"හායි...." මම මෝඩයෙකු සේ කීවෙමි.
"හායි ? එයා හායි දන්නේ නෑ...." මාෂ් බඩ අල්ලාගෙන සිනාසෙමින් කීවාය.
"ඕකට ඔච්චර හිනාවෙන්න ඕනද ?" මම තරහෙන් ඇසුවෙමි.
"ඔයා නම් ඇත්තට ම මෝඩයෙක් ශේමික.... ඔයා නම්.... හැදෙන්නෑ...."
"කට වහනවා...." මම තරහෙන් කීවේ ප්‍රංශ තරුණයා අප දෙස බලා සිටින බව ද අමතක කරමිනි.
"මෝඩයා... ගොනා.... බූරුවා.... ගොං තඩියා...." මාෂ් ද ප්‍රංශ තරුණයාව අමතක කර මට නම් හදන්නට විය. තරුණයා අප දෙස වික්ෂිප්තව බලා සිටින බැව් දුටු මගේ හිතට ඇති වූයේ සියුම් සතුටකි.
"මෝඩි.... බූරු දෙන...." මම මාෂ්ගේ අවධානය තව තවත් මා වෙතට ගන්නා පිණිස කීවෙමි.
"ඇටිකිච්චා... පොල්බෑමූණා.... ගං කබරයා.... චුපකබ්රා...."
"මොකා ?" මම පුදුමයෙන් ඇසුවෙමි.
"ඇයි අනේ චුපකබ්රාව දන්නේ නැද්ද ? ඌ ලේ උරා බොන මිත්‍යා සතෙක්...."
"තමුසේ කොහෙන් හොයා ගන්න නම් ද මං දන්නේ නෑ...."
"මම මේ ලෝකේ දේවල් හොඳට හොයලා බලන එල කිරි කෙල්ලෙක්...."
"ඒයි, තමුසේ කතා කරන භාෂාව වෙනස් කරගන්නවා. නැත්නම් කට තලනවා..."
"තලන්න මගේ කට කොට්ටම්බයක් කියලා හිතුවද ?" මාෂ් අසන විට මම තරහෙන් දත්මිටි කෑවේ තවත් කියන්නට දෙයක් සිතාගත නොහැකිවය..

Comments
Post a Comment