කුඩම්මාගේ දුව - 04
කුඩම්මාගේ දුව - 04
©උපුටා ගැනීම තහනම්
“ඒක නම් හරියටම දන්නේ නෑ. කෝකටත්, උඹ කෝල් එකක්වත් දීලා බලපන්කෝ....”
“කෝල් ගත්තා ඒ කාලේ. ඒත් එයා ෆෝන් එකට එන්නේ නෑ.”
“ඒ...... ඒ කාලේ නේ. ආයේ අරන් බලමු.” කෙවින් එහෙම කියද්දි මගේ හිතේ ආයෙත් බලාපොරොත්තුවක් ඇති වුනා.
එදා හවසම මම හොස්ටල් එකට කෝල් එකක් ගත්තා.
“හෙලෝ...” එහා පැත්තෙන් ඇහුණේ ගෑණු කටහඬක්.
“කරුණාකරලා මට මීෂාට කතා කරන්න පුලුවන්ද ? මම එයාගේ අයියා කතා කරන්නේ”
“හොඳයි...... විනාඩියක් ඉන්න.”
“හෙලෝ......” ටික වෙලාවකින් එහා පැත්තෙන් කතා කලේ කලින් කතා කරපු කෙනා නම් නෙවෙයි.
“හෙලෝ... මීෂාද ?” මම ගැහෙන හඬින් ඇහුවා.
“ඔව්..” මීෂා එහෙම කියද්දි මට කියාගන්න බැරි සතුටක් ඇති වුනා.
“මීෂා....... ඔයා හොඳින් නේද ?”
“ඔව්...... ඔයා ?”
“මාත් හොඳින්....”
ඊට පස්සේ ටික වෙලාවක් යනකල් මීෂායි මායි අතර නිහඬතාවයක් ඇති වුනා. මීෂාට ආයෙත් ගෙදර එන්න කියලා කියාගන්න මට ශක්තියක් නෑ කියලා මට දැනුනා.
“ලුසී යි පපී යි දෙන්නා හොඳින්ද ?” මීෂා නිහඬතාවය බින්දා.
“ඔව්...... ඔව් දෙන්නම හොඳින්. ලුසීට නම් මේ දවස් වල කකුල් අමාරුවක් ඇවිත්. එයා දැන් ටිකක් වයසට ගිහින්”
“අනේ.....”
“ලුසී ඔයාව ගොඩක් මතක් කරනවා. ඉතින්..... මං කල්පනා කලේ මීෂා.... ඔයා.... ඔයා ආයෙත්..... ගෙදර එනවා නම් හොඳයි.”
මීෂා මොන වගේ ප්‍රතිචාරයක් දක්වයිද කියන බයත් හිතේ තියන් මම ඒ දේ කියන්න වචන ගලපා ගත්තේ අමාරුවෙන්. ඒත් මීෂා මොකුත් කිව්වේ නෑ. ආයෙත් අපි අතර ඇති වුනේ නිහඬතාවයක්.
“මට සමාවෙන්න මීෂා. පහුගිය අවුරුදු හය මම ගෙවා ගත්තේ ගොඩාක් අමාරුවෙන්. මම කරපු දේ ගැන...., මම ගොඩක් පසුතැවෙනවා. ඔයා ඒකට මට සමාව දෙනකල් මට ම සමාව දෙන්න මට බෑ. ඔයා මට වෛර කරනවා ඇති..... ඒක සාධාරණයි. ඒත්, පුළුවන් නම් ඔයා මට සමාව දෙන්න”
“මම ඔයාට එදා ම සමාව දුන්නා ෂේන්. මගේ හිතේ ඔයා ගැන තරහක් නෑ. මට තියෙන්නේ කලකිරීමක් විතරයි. මගේ ජීවිතේ මම දෙපාරක් නොහිතා විශ්වාස කරපු එකම කෙනා ඔයා. ඒත්, ඒත්...”
මීෂා එහෙම කියලා දිග සුසුමක් හෙලුවා. මම වචනයක්වත් කියාගන්න බැරුව ගොළු වෙලා ඉද්දි එයා ආයෙත් කතා කළා.
“අපි දැන් ඒ හැමදේම අමතක කරමු. මම ඔයාට සමාව දුන්නා. දැන් ඔයා ෆෝන් එක තියන්න.”
“ඔයා සමාව දුන්නා කියලා මම පිළිගන්නේ ඔයා ආයෙත් ගෙදර ආවොත් විතරයි.....” මම කිව්වා.
“ගෙදර ? දැන් මේක තමයි මගේ ගෙදර. මම ආයෙත් ඔයාලගේ ගෙදරට එන්නේ නෑ. සිද්ධ වුන දේවල් වලට ඔයාගේ වරදක් නෑ. ඒ කාලේ අපි පොඩි ළමයි. වරද අපේ දෙමව්පියන්ගේ. එයාලා තමන්ගේ දරුවන්ව එයාලාගෙන් ඈත් කරලා, තනි කරලා තිබ්බා. මට මතකයි මම ඔයාව දැකපු මුල් දවස. එදා ඔයාගේ ඇස් වලින් මට පෙනුනේ මාවමයි. පාළුව, තනිකම, වේදනාව...... ඒත් ඔයාට නම් ලුසී හරි ඉන්නවා.... මට කවුරුත්ම නෑ ෂේන්.....”
“මට ඉන්නේ ලුසී විතරක් නෙවෙයි. ඔයාත් ඉන්නවා. ඔයාටත්, ලුසීයි මායි දෙන්නම ඉන්නවා. ඔයා ගෙදර එන්න මීෂා. මම හැමදෙයක්ම ආයෙත් හරි ගස්සන්නම්. මාව විශ්වාස කරන්න.”
“ෂේන්, මට ආයෙත් කාවවත් විශ්වාස කරන්න බෑ.” මීෂා එහෙම කියද්දි මට ඇති වුනේ ලොකු වේදනාවක්.
“මීෂා ප්ලීස්...... ඔයා ම නේද කිව්වේ එදා අපි පොඩි ළමයි කියලා. ඔයා මට සමාවත් දුන්නා නම් ඇයි මාව විශ්වාස කරන්න බැරි...?”
“සමාව නම් ඕන තරම් දුන්නහැකි ෂේන්. ඒත් විශ්වාසය ඇති වෙන්නේ එක පාරයි. ඒක කැඩුනොත් ආයේ හදන්න බෑ....” මීෂා එහෙම කියද්දි මම ගොළු වුනා.
“මට ආයෙත් ගෙදර එන්න කියලා කරදර කරන්නෙපා. මම තියනවා.... හොඳින් ඉන්න......”
“ඉන්න..., මීෂා....” මම කියද්දිම මීෂා ෆෝන් එක තිබ්බා.
මම තව වතාවක් මීෂාට කෝල් කලත් එයා ෆෝන් එකට ආවේ නෑ.
මීෂාට කතා කරපු එකෙන් සිද්ධ වුනේ හිතේ තිබුන වේදනාව තවත් වැඩි වුන එක විතරයි.
“හරි ඉතින් මීෂා උඹ එක්ක කතා කරපු එක ම ලොකු දෙයක්නේ.....” කෙවින් මගේ හිත හැදුවා.
“මොනවා කලත් වැඩක් නෑ, එයාට දැන් මාව විශ්වාස නැත්නම්.”
“ටිකක් ඉවසලා ඉන්නවා. ගහෙන් ගෙඩි එනවා වගේ සේරම එක පාර ලැබෙන්නේ නෑ. හරි.... දැන් ඒ ගැන හිතන්නෙපා. දවස් දෙක තුනක් යන්න ඇරලා ආයෙත් කෝල් එකක් ගමු.”
“හ්ම්ම්.....”
කෙවින් කියපු විධියටම ඊ ළඟ සතියේ මම ආයෙත් මීෂාට කෝල් එකක් ගත්තා. ඒත් එයා ෆෝන් එකට ආවේ නෑ. මම ගොඩක් වෙලා උත්සාහ කරලත් එයා එක පාරක්වත් ෆෝන් එකට ආවෙ නෑ.
“සොරි මිස්ට ෂේන්. ඔයාගේ නංගි ඔයත් එක්ක තරහා වෙලා වගේ. එයා කියනවා කතා කරන්න බෑ කියලා......” හොස්ටල් එකේ පාලිකාව එහෙම කියද්දි මට මීෂා ගැන තරහක් ඇති වුනා.
“හොඳයි... කමක් නෑ. ස්තූතියි.” මම එහෙම කියලා ෆෝන් එක හයියෙන් තිබ්බේ හිතට ආව කේන්තිය පාලනය කරගන්න බැරුවයි.
“මොකද වුනේ ?” කෙවින් ඇහුවා.
“එයා කතා කරන්න බෑ කියනවාලු”
“ෂිහ්.... දැන් මොකද කරන්නේ ?”
“මම හොස්ටල් එකට යනවා.”
“මොනවා...? කවද්ද...?”
“හෙටම යනවා...”
මම පහුවදා පාන්දරම ගෙදර කාටවත් නොකියා කෝච්චියෙන් මීෂාගේ හොස්ටල් එකට ගියා. මම ගිහින් හොස්ටල් එකේ පාලිකාවට කතා කරලා මගේ හැඳුනුම්පත පෙන්නුවා.
“ඇයි මීෂාව හදිස්සියේ එක්කරගෙන යන්නේ ?” පාලිකාව ඇහුවා.
“එයාගේ අම්මාට අමාරුයි......” මම බොරුවක් කිවුවා.
“එහෙමද...? ඉන්න මම මීෂාට පණිවිඩයක් යවන්නම්. සැලී...., මීෂා කොහෙද ?” පාලිකාව එතන උන්න ගෑණු ළමයෙකුගෙන් ඇහුවා.
“මීෂා කුස්සියේ වැඩ මැඩම්.......”
සැලී එහෙම කියද්දි පාලිකාව එක පාරටම කලබල වෙලා මං දිහා බැලුවා. මමත් පුදුමයෙන් ඒ දෙන්නා දිහා මාරුවෙන් මාරුවට බැලුවා.
“අපි... මෙහේ..... ළමයින්ව දවසින් දවස මාරුවෙන් මාරුවට කුස්සියට යවනවා වැඩ පුරුදු වෙන්න. නැත්නම් මේ ළමයි ලොකු වෙලා ගෙදරක වැඩපල කරගන්නේ කොහොමද ? නේද....?” පාලිකාව හිනා වෙවී එහෙම කිවුවේ ඇත්තටමද කියලා මට හිතා ගන්න බැරි වුනා.
“මීෂාට නම් එහෙම ඕන වෙන්නේ නෑ මැඩම්. එයාට ගෙදර වැඩට ඕන තරම් වැඩකාරයෝ අරන් දෙන්න මට පුළුවන්. එයාව ආයෙත් කුස්සියට යවන්නෙපා.” මම හිතට ආව තරහා යටපත් කරගෙන කිවුවා.
“ආ..., එහෙමද....? ඒක කොයි තරම් දෙයක්ද ? මම ආයෙත් එයාව කුස්සියට නොයවා ඉන්නම්. ඉන්න මම මීෂාව එක්කගෙන එන්නම්....” පාලිකාව මූණ අමුතු කරගෙන එහෙම කියලා නැගිටලා ඇතුලට ගියා.
“සැලී, ගිහින් පොතක් බලාගන්නවා........”
පාලිකාව යන ගමන් සැලීට සැර කලා. ඒත් පාලිකාව ගිය ගමන් සැලී මං ළඟට ආවා.
“මීෂාගේ අම්මායි තාත්තායි කවදාවත් මීෂා වෙනුවෙන් ඔහොම කතා කරලා නෑ. ඔයා ඔය තරම් එයා ගැන හිතනවා නම් ඇයි මීෂාව මෙහේ තියන්නේ.....” සැලී මගෙන් ඇහුවා.
“ඇයි එහෙම කියන්නේ ? මෙහේ හොඳ නැද්ද ?”
“මෙහේ මීෂා විඳින දුක ගැන ඔයා දන්නේ නැද්ද.....? මීෂාගේ අම්මා නම් දන්නවා. ඒත් එයාට මීෂා ගැන ගාණක් නෑ. ඒ ළමයා අහිංසක නිසා මැඩම් එයාගෙන් හොඳට වැඩ ගන්නවා. ඔයා කවුද එයාගේ ?”
“මම එයාගේ අයියා. ඔයා ඔය කියපු දේවල් මීෂා කවදාවත් මට කියලා නෑනේ.”
“මීෂා එහෙම තමයි. එයා ඉස්සර ඉඳන්ම හැම දුකක් ම තනියම දරා ගන්නවා. මෙහේ අය එයාට සලකන්නේ අනාථ ළමයෙකුට වගේ. මීෂා ලස්සන නිසා ගොඩාක් කෙල්ලෝ එයාත් එක්ක ඉරිසියායි. මීෂා කවදාවත් අයියා කෙනෙක් ගැන නම් කියලා නෑ. ඒත් ඔයා කවුරු වුනත් එයා ගැන හිතන කෙනෙක් කියලා තේරුන නිසයි මේ දේවල් කිවුවේ. ඒත් ප්ලීස්.... මම කියපු දේවල් මැඩම්ට නම් කියන්නෙපා.”
“හොඳයි..... මට මේ දේවල් කිව්වට ඔයාට ගොඩක් ස්තූතියි.”
සැලී කියපු දේවල් අහලා දරා ගන්න බැරි වේදනාවක් එක්ක ම ලොකු තරහක් මගේ හිතට ඇති වුනා. මිෂා ගැන ඇති වුන දුකට ඇස් වලට යන්තම් කඳුලක් උනද්දි මම ඒක අමාරුවෙන් වළක්වා ගත්තා. මේ දේවල් දැනගත්තාට පස්සේ තව එක දවසක්වත් මීෂාව මේ හොස්ටල් එකේ තියන්නේ නෑ කියලා මම මම ඒ වෙලාවේ තදින් ම තීරණය කලා.
විනාඩි දෙක තුනකට පස්සේ පාලිකාව ආයෙත් ආවා. හැබැයි තනියම නෙවෙයි. එයා පිටිපස්සෙන් මීෂාත් ඇවිත් උන්නා. මට හිතා ගන්නත් බැරි තරම් මීෂා ලස්සන වෙලා උන්නා. ඒ ආවෙ මීෂාමයි කියලා මට දැනගන්න පුලුවන් වුනේ එයාගේ තිබුන තැන්පත්කමයි, අහිංසක පෙනුමයි නිසයි. මම එයා දිහා බලාගෙන ම පුටුවෙන් නැගිට්ටා. මම එයාව දැකලා පුදුම වුන විධියට ම එයත් තත්පර කීපයක් පුදුම වෙලා මං දිහා බලන් ඉඳලා ආයෙත් බිම බලා ගත්තා.
“ඔයාලා එහෙනම් කතා කරන්නකෝ....” පාලිකාව එහෙම කියලා පැත්තකට ගියා.
“අම්මාට මොකද ?” මීෂා බිම බලාගෙන ම ඇහුවා.
“ආ..., ෂෙරිල්ට.... ටිකක් සනීප නෑ.”
මම මීෂාට බොරු කියන්න අකමැති වුනත් ඒ වෙලාවෙ වෙන කරන්න දෙයක් නොතිබුන නිසා එහෙම කිවුවා.
“මම ගියා කියලා එයාගේ අසනීපයේ වෙනසක් වෙයි කියලා ඔයා හිතනවද ?”
මීෂා ඔලුව උස්සලා මගේ ඇස් දිහා බලාගෙන එහෙම අහද්දි මට කට උත්තර නැති වුනා. එයාගේ ඇස් බලාගෙන කොහොමද මම බොරු කියන්නේ ?
“මම උන්නත් නැතත් අම්මාට ගාණක් නෑ. ඒත් එයා අසනීප වුනා කියලා අහද්දි මට දුකයි. මොනවා වුනත් ඒ මගේ අම්මා. ඒත් මට ඔයා කියන දේ ඇත්තක්ද කියලා බලන්න ඕනා. මට මුලින්ම අම්මාට කෝල් එකක් අරන් දෙන්න...” මීෂා එහෙම කියද්දි මට කරන්න කිසි දෙයක් හිතාගන්න බැරි වුනා.
“එයාට කතා කරන්න බෑ. අමාරුයි.......” මම බිම බලාගෙන තව බොරුවක් කිවුවා.
“හරි මම එන්නම්. හැබැයි ඔයා මට බොරු කරලා තිබුනොත්...........” මීෂා එහෙම කියලා නතර කලා.
“බොරු කියලා තිබුනොත් මොකද කරන්නේ ?” මම කුතුහලයෙන් මීෂාගේ මූණ දිහා බලලා ඇහුවා.
මීෂා ටික වෙලාවක් මගේ මූණ දිහා බලන් උන්නා.
“ඔයා කොහොමත් ඔය කියන්නේ බොරුවක් තමයි... ඉස්සර නම් ලස්සනට බොරු කියනවා නේද...? දැන් නම් ඔයා බොරු කියද්දි ඒක බොරුවක් බව ඔයාගේ ඇස් දෙකෙන් ම පේනවා”
මීෂා එහෙම කියද්දි මම කට උත්තර නැතිව බිම බලා ගත්තා.
“ඔයා ගොඩාක් වෙනස් වෙලා ෂේන්.” මීෂා කිවුවා.
“ඔයාත් එහෙමයි. ලස්සනයි.... මං මේ කිව්වේ....., ලොකු වෙලා. අඳුරන්නත් බෑ....” මම ගොත ගගහා කියද්දි මීෂා බිම බලලා යාන්තමට හිනා වුනා.

Comments
Post a Comment