කුඩම්මාගේ දුව - 05
කුඩම්මාගේ දුව - 05
©උපුටා ගැනීම තහනම්
“අපි..... ගෙදර යමු නේද ?” මම අහද්දි එයාගේ හිනාව එක පාරටම අතුරුදහන් වුනා.
“මට ආයෙත් ඒ ගෙදරට එන්න බෑ. මට මෙහේ හොඳයි.”
“මෙහේ කුස්සියට වෙලා වැඩකාරියක් වගේ උය උයා ඉන්නද ඔයාට ඕනා ?”
මම එහෙම අහද්දි මීෂා පුදුමයෙන් මං දිහා බැලුවා.
“ඔයා කොහොමද........” මීෂා එහෙම කියලා නතර කලා.
“සැලී නේද කිව්වේ ?” මීෂා ආයෙත් ඇහුවා.
“ඒක දැන් වැඩක් නෑ. අපි මෙහෙන් යමු. ඔයාට නැති වුන ජීවිතය ආයෙත් මම ඔයාට ගෙනත් දෙනවා....”
“කාලය ගොඩාක් ගෙවිලා ගිහින් ෂේන්. දැන් මොනවා කලත් ඒ නැති වුන කාලය ආපහු එන්නේ නෑ. දැන් ඉතින් ගෙදර යන්න. මට මෙහේ හොඳයි. ඔයා මං ගැන වධ වෙන්නෙපා. ඇරත්, මම තව අවුරුදු තුනයි මෙහෙ ඉන්නේ. මට අවුරුදු දහ අට වුන ගමන් මම සිස්ට කෙනෙක් වෙනවා.”
“මොකක් ? මොකක්ද කිව්වේ ? සිස්ට කෙනෙක් ? ඔයා සිස්ට කෙනෙක් වෙන්නද යන්නේ ? අර සුදු ලෝගු දාන් පල්ලිය ඇතුලට ම වෙලා ඉන්න කෙනෙක් ?”
“ඔව්.... ඒක හොඳ නැද්ද ? මම හිතුවා ඔයා වුනත් ඒකට කැමති වෙයි කියලා.”
“ඔයාට පිස්සුද ? මීෂා...... ඔයා සිස්ට කෙනෙක් නම් වෙන්න එපා. ඔයාගේ නැති වුන කාලයට වඩා ලස්සන කාලයක් මම ඔයාට ගෙනත් දෙනවා. මම ඒ ගැන පොරොන්දු වෙන්නම්. මම මගේ පණටත් වඩා ආදරෙන් ඔයාව ආරක්ෂා කරන්නම්. ඔයා කැමති ඕනම දෙයක් කරන්න මම ඉඩ දෙන්නම්. ඒත් ප්ලීස්....... සිස්ට කෙනෙක් නම් වෙන්නෙපා” මම එහෙම කියද්දි මීෂා මොකුත් නොකියා මං දිහා බලාගෙන උන්නා.
“මට ඔයා තව එක ම එක අවස්ථාවක් දෙන්න මීෂා....” මම මීෂාගෙන් ඉල්ලුවා.
මීෂා ටික වෙලාවක් මං දිහා බලාගෙන උන්නා.
“හරි.... මම එන්නම්. හැබැයි දවස් දෙකකට විතරයි.”
“දවස් දෙකක්....?” මම කල්පනා කලා.
මීෂා දවස් දෙකකට හරි ගෙදර එන්න කැමති වුන එක ම ලොකු දෙයක්. හෙමින් සැරේ ටිකෙන් ටික එයාගේ හිත වෙනස් කරවගන්න මට පුළුවන් වෙයි. දැනට මට මේ ලැබුන දවස් දෙක හොඳටම ඇති.
”හ්ම්..... කමක් නෑ. දවස් දෙකකින් ඔයා ආපහු එන්න...” මම කිව්වා.
“ඉන්න, මම ලෑස්ති වෙලා එන්නම්...” මීෂා එහෙම කියලා ඇතුලට යද්දි මට ඇති වුනේ කියා ගන්න බැරි සතුටක්.
මීෂා ඉස්සර වගේම කලුපාට දිග ගවුමක් ඇඳගෙන එලියට ආවා. එයාගේ අහිංසක චාම් බව දිහා මම තත්පර දෙක තුනක් බලන් උන්නා. මම මීෂාගේ ලොකු බෑග් එක අතට අරන් පෙරමුණ ගත්තා ම එයා කිසිම දෙයක් නොකියා මගේ පිටිපස්සෙන් ඇවිදගෙන ආවා. අපි කෝච්චියට නැගලා වාඩි වුනාම එයා මං දිහා නොබලා ජනේලයෙන් එලිය බලාගෙන උන්නා. එයා එහෙම උන්න නිසා මටත් එයා එක්ක කතා කරන්න ධෛර්යයක් තිබුනේ නෑ. කොහොම හරි එයා මාත් එක්ක එන්න කැමති වුන එක මට ලොකු දෙයක්.
කෝච්චියෙන් බැහැලා අපි ගෙදර ආවේ ටැක්සියකින්. මම මීෂා එක්ක ටැක්සියෙන් බහිද්දි ලුසී පුදුම වෙලා බලන් උන්නා.
“ලුසී....” මීෂා එයාට ම ඇහෙන ගානට එහෙම කියලා ලුසී දිහා බලලා හිනා වුනේ දරාගන්න බැරි සතුටකින් වගේ.
“මීෂා.....” ලුසී සතුටින් කෑ ගහන ගමන් වේගයෙන් අපි දිහාට දුවගෙන ආවේ එයාගේ අමාරු කකුලත් ඇද ඇදයි. මීෂා දුවලා ගිහින් ලුසීව බදා ගත්තා.
“දෙයියනේ.... මම හිතුවේ නෑ ආයේ දකින්නවත් ලැබෙයි කියලා.” ලුසී මීෂාගේ කම්මුල් දෙක අල්ලගෙන කිව්වා.
“කොහොමද මාව අඳුර ගත්තේ....?”
“ඔයා දැන් ගොඩක් ලොකු වෙලා, ලස්සන වෙලා තමයි. ඒත් ඔයාගේ අහිංසක කමයි, හුරතල් හිනාවයි තවමත් එහෙමමයි.” ලුසී මීෂාගේ කම්මුලක් මිරිකලා එහෙම කියද්දි මම පැත්තක ඉඳන් තනියම හිනා වුනා.
ඇත්තටම මීෂා කොයි තරම් ලස්සන වෙලාද ? එයාව දකින ඕනම කොල්ලෙක් එයාට ආදරේ වුනොත් ඒකේ පුදුමයක් නෑ. මීෂා හරියට අලුතින් පිපුන මලක් වගේ. පිරිමියෙකුගේ හුස්මක්වත් වැදිලා නැති එයාව මගේ පණ වුනත් දෙවෙනි කරලා ආරක්ෂා කරන්න තරම් වටිනවා.
ලුසී මීෂා ගේ කාමරය සුද්ද කරන අතරේ මීෂා මගේ නාන කාමරයෙන් නාලා ඇඳුම් මාරු කර ගත්තා. දවල් කෑම පිටින් ඕඩර් කලේ මීෂා වෙනුවෙන් විශේෂ දෙයක් හදන්න ලුසීට කාලයක් නොතිබුන නිසයි.
’‘කෝ පපී....?” මීෂා කන ගමන් ඇහුවා.
“ආ... පපී.... පපී කොටුවේ....” මම කිව්වා.
“කාලා යන්නම් පපීව බලන්න...” මීෂා ආසාවෙන් කිව්වා.
“හ්ම්ම්......”
“දැන් පපී ලොකු ඇති. ඌට මාව මතකත් නැතුව ඇති.”
මීෂා කන ගමන් දිගින් දිගටම පපී ගැන කියවද්දි මම බිම බලාගෙන සද්ද නැතුව කෑවා.
“ඔයා කෑම කාලා ඉන්නකෝ....”
මීෂා කියන දේවල් අහගෙන ඉඳලා මම එහෙම කිව්වා.
ටික වෙලාවකින් මීෂා කෑම මේසයෙන් නැගිට්ටා. පේන හැටියට නම් එයා කෑම කාලා ඉවරයි වගේ.
“ඉන්න...., කොහේද යන්නේ...?” මම කලබලෙන් ඇහුවා.
“පපී බලන්න....” එයා එහෙම කියලා යන්න හැරුනා.
“ඉන්න...., පපී මැරුනා....”
මම එක පාරටම එහෙම කියද්දි මීෂා ආපහු හැරිලා පුදුමයෙන් මං දිහා බලාගෙන උන්නා.
“ඉතින් ඇයි ඔයා මට බොරු කිව්වේ ? පපී කොටුවෙ කියලා ?”
“ඔයා දුක් වෙන නිසා.....”
“ඔයා ඒක ඒ වෙලාවෙ නොකියා දැන් කිව්වා කියලා දුක අඩු වෙනවද ?”
“නෑ...... ඒත්, ඔයා කෑම ටිකවත් සතුටින් කෑවනේ.....”
මම එහෙම කියද්දි මීෂා මොකුත් කිව්වේ නෑ. එයා එයාගේ කාමරයට ගියේ ගොඩක් දුකින් කියලා මට තේරුණා. මම කලේ වැරැද්දක් ද කියලා මගේ හිත මට දොස් කිව්වා. සමහරවිට එයා පපී ගැන අහපු වෙලාවෙ ම මම එයාට ඇත්ත කිව්වා නම් තත්වය මීට වඩා හොඳ වෙන්න තිබුනා.
“මීෂා....” මම එයාගේ කාමරයේ දොර ළඟට ගිහින් කතා කලා. මීෂා ඇවිත් දොර ඇරියා. මීෂාගේ ඇස් දකිද්දි මට තේරුනා එයා අඬලා තියෙන බව. මම කාමරය ඇතුලට ගිහින් පුටුවකින් වාඩි වුනා.
“සමාවෙන්න. මං ඔයාගේ හිත රිද්දුවා නේද ?”
“නෑ ෂේන්. ඒක ඔයාගේ වරදක් නෙවෙයි. පපී නැති වුන එක ගැනයි මට දුක. මම පපී එක්ක වැඩිපුර නොහිටියා වුනත්..., මට හොස්ටල් එකේදිත් පපීව ගොඩාක් මතක් වුනා. සමහර වෙලාවට, සත්තුන්ගෙන් ලැබෙන ආදරය මිනිස්සුන්ගෙන් ලැබෙන ආදරයට වඩා ගොඩක් අවංකයි......”
මීෂා හැඟීම්බරව කියපු වචන මගේ පපුවට උල් පිහියකින් අනිනවා වගේයි මට දැනුනේ. මම ටික වෙලාවක් යනකල් මොකුත් නොකියා මීෂා දිහා බලාගෙන උන්නා.
“අපි තව බල්ලෙක් ගේමු....”
“හ්ම්......” මීෂා පොඩි එකෙක් වගේ ඔලුව වැනුවා.
රෑ තාත්තායි ෂෙරිලුයි ආවාට පස්සේ ගෙදර එක ම යුද්ධයක් වුනා. මම මීෂාව එක්කගෙන ආව එකට එයාලා පොඞ්ඩක්වත් කැමති වුනේ නෑ.
“ෂේන්..... ඔයා මොකක්ද මේ පාර නටන්න යන නාඩගම ? තමුන් මීෂාට ආයෙත් මොනවා හරි කලොත් තමුන්ව මං හිරේට යවනවා.” ෂෙරිල් කෑ ගැහුවා.
“ෂෙරිල් ඔයා කටවහගන්න. මේක මම බලාගන්නම්.” තාත්තා ෂෙරිල් ට සැර කළා.
“ඔයාට මතක නැද්ද කලින් වුන දේවල් ජෝජ් ? ෂේන් කියන්නේ හැදෙන ළමයෙක් නෙවෙයි. එයා මේ සේරම කරන්නේ මාත් එක්ක තියෙන තරහට.”
“ඔයාත් එක්ක තියෙන තරහට මීෂාගෙන් පලිගන්න තරම් මම පහත් කෙනෙක් නෙවෙයි.” මම තරහින් කිව්වා.
“ඇත්තට ? එහෙනම් කලින් පාර ඔයා මොනවාද කලේ ? මීෂාව කාත් කවුරුත් නැති පාලු බඩ ඉරිඟු යායක තනි කරලා ආවෙ කාගෙන් පලිගන්නද ?”
“එතකොට මම පොඩි ළමයෙක්. මම එදා කරපු දේ ගැන ගෙවෙන හැම තප්පරයක් ගානෙම පසුතැවෙනවා. දැන් මට ඕන මගේ අතින් වුන වරද හදාගන්නයි.”
“කොහොමද වරද හදාගන්න යන්නේ ? ජෝජ්...... මේ අහන්න. මට හොඳටම විශ්වාසයි, මෙයා මේ සැරේ කලින්ට වඩා හොඳ ප්ලෑන් එකක් ගහලා ඇති. මීෂා ඔයා හෙට ම මේ ගෙදරින් යන්න ඕනා......” ෂෙරිල් මීෂාට එහෙම කියද්දි මට තරහා ගියා.
“ඇයි එයා කොහේ යන්නද ? මේක එයාගෙත් ගෙදර.” මම කිව්වා.
“මේක කොහොමද එයාගේ ගෙදර වුනේ....?”
තාත්තා එක පාරටම එහෙම කියද්දි මම පුදුමයෙන් තාත්තා දිහා බලන් උන්නා. මම ආපහු හැරිලා මීෂා දිහා බලද්දි එයා අසරණ විදිහට මං දිහා බලලා එයාගේ ඇස් වලට උනපු කඳුලු නොපෙනෙන්න අනෙක් පැත්තට හැරුනා. ඒ වෙලාවේ මගේ හිතට මීෂා ගැන ලොකු දුකක් ඇති වුනා.
“මීෂා කියන්නේ මගේ නංගි..... මගේ දේපල වලින් බාගයක් එයාට මම දෙනවා.”
“ඔයාගේ දේපල....?” තාත්තා උපහාසයෙන් වගේ ඇහුවා.
“ආ.... වැරදුනා. මගේ අම්මාගේ දේපල. හැබැයි ලබන මාසේ මට අවුරුදු දහඅට සම්පූර්ණ වුන ගමන් මේ සේරම මට අයිති වෙනවා....” මම කිව්වා.
“මොනවාද ජෝජ් මෙයා මේ කියන්නේ ? මම හිතුවා මේ සේරම දේපල ඔයාගේ කියලා. ඔයා කිව්වේ ලබන අවුරුද්දේ ෆාම් එක මගේ නමට ලියනවා කියලනේ.” ෂෙරිල් පුදුම වෙලා තාත්තාගෙන් ඇහුවා.
“බය වෙන්න එපා ෂෙරිල්..... මේ දේපල සේරම අපේ තමයි.....”
තාත්තා ගාණක්වත් නැතුව එහෙම කියද්දි මම පුදුම වුනා. තාත්තායි ෂෙරිලුයි භුක්ති විඳින හැම දේපලක්ම කලින් අයිති වෙලා තිබුනේ මගේ අම්මට. මට අවුරුදු දහ අට සම්පූර්ණ වෙද්දි මේ හැම දේපලක්ම මට අයිති වෙයි කියලායි මම බලාපොරොත්තුවෙන් උන්නේ. ඒත් තාත්තා ගාණක්වත් නැතුව මං දිහා බලාගෙන උපහාසයෙන් හිනාවෙන හැටි දකිද්දි මට තේරුනා කොතනක හරි වැරැද්දක් වෙලා තියෙන බව.
“මීෂා ඔයා කාමරයට යන්න....” මම කිව්වා.
“ඔව්... ගිහින් බඩු බෑග් එක ලෑස්ති කරගන්නවා. හෙට ම ඔයා මෙහෙන් යනවා... ආයේ ඔයාට මේ ගෙදර පස් පාගන්නවත් තහනම්.....” ෂෙරිල් එහෙම කියද්දි මම තරහින් දත්මිටි කාගෙන ෂෙරිල් ළඟට ගිහින් එයාගේ බෙල්ලෙන් අල්ල ගත්තා.
“තමුන් කවුද මීෂාට එහෙම කියන්න.......?” මම තරහෙන් ඇහුවා.
“ෂේන්.....” තාත්තා කේන්තියෙන් ඇවිත් මාව පැත්තකට තල්ලු කලා.
“මම කතා කරලා ඉවර නෑ......” මම තාත්තගේ මූණටම ලං වෙලා කෑ ගැහුවා. මම කොයි තරම් තදින් කෑ ගැහුවාද කියනවා නම්, තාත්තා එක පාරට ගල් ගැහුනා
“කවුරු හරි කෙනෙක් ආයෙත් මීෂාගේ හිත රිදෙන්න තව වචනයක් හරි කිව්වොත් මම ඒ කෙනාගේ තත්වය තරාතිරමවත් නොබලා කට කැඩෙන්න ගහනවා.....”
“ෂේන්......”
මීෂා බය වෙලා වගේ කෑ ගහද්දි මගේ කේන්තිය එකපාරටම යටපත් වුනා. මම හැරිලා මීෂාගේ මූණ දිහා බැලුවා. එයා උන්නේ ගොඩක් බයවෙලා කියලා මට තේරුනා.
“මීෂා....” මම කතා කරද්දි ම එයා අඬාගෙන කාමරයට දුවලා ගියා.

Comments
Post a Comment