කුඩම්මාගේ දුව - 06
කුඩම්මාගේ දුව - 06
©උපුටා ගැනීම තහනම්
©උපුටා ගැනීම තහනම්
“මීෂා......” මම එයා පස්සෙන් කාමරයට යද්දි එයා ඇඳ උඩ වාඩි වෙලා අඬනවා.
“ෂේන් වැඩිහිටියන්ට ඒ විධියට කතා කරන්න හොඳ නෑ. ඔයා දැන්මම එයාලාගෙන් සමාව ගන්න ඕනා. මම නෑවිත් ඉන්නයි තිබුනේ. මම නිසයි මේ සේරම ප්‍රශ්න.......” මීෂා අඬ අඬා කිව්වා.
“නෑ මීෂා....” මම දුකෙන් එහෙම කියන ගමන් එයා ළඟ දණගහගත්තා.
“ඔයා නෑ කියලා කිව්වාට ඔයත් දන්නවා ෂේන් මේ හැම ප්‍රශ්නයක්ම ඇති වුනේ මම ආව නිසයි.”
“නෑ... මේ ප්‍රශ්න වලට එකම හේතුවයි තියෙන්නේ....”
“ඒ මොකක්ද ?”
“එදා මම ඔයාව ගඟ ළඟ අතරමං කරලා ආපු එක...”
“නෑ ෂේන්.... ඔයා ඒ ගැන හිතලා ඔයාටම දොස් පවරගන්න එපා. ඔයා දැන් ඒක අමතක කරන්න ඕනා.... ඒක අතීතයේ එක සිදුවීමක් විතරයි.”
“නෑ..... ඒක නිකන් එක සිදුවීමක් නෙවෙයි. මම ඒ කරපු දේ නිසා ගොඩාක් දෙවල් වෙනස් වුනා. ඔයාගේ ජීවිතේ විනාශ වුනා....”
මම එහෙම කියද්දි මගේ ඇස් වලට කඳුළු උනනවා මට තේරුනා. මීෂා ඒ කඳුළු දැකපු නිසා වෙන්න ඇති, මගේ ඇස් දිහා ලොකු සෙනෙහසකින් බලාගෙන උන්නා.
“නෑ ෂේන්....., ඔයා දන්නවාද ? මගේ ජීවිතේ විනාශ වුනේ නෑ. මම අද ඔයාගේ ඇස් වලින් ආදරයක් දකිනවා... ඔයා එදා ගඟ ළඟ මාව දාලා එන වෙලාවේ මම කරපු ප්‍රාර්ථනාව අද ඉශ්ට වෙලා..”
“ඒත්....... මම ඒ කිව්වේ බොරුවක්. එතන ප්‍රාර්ථනා කලාට මොකුත් ඉශ්ඨ වෙන්නේ නෑ...”
“වෙන්න ඇති. ඒත් මගේ ප්‍රාර්ථනාව ඉශ්ට වුනා... මේ ඉශ්ඨ වුන ප්‍රාර්ථනාව බොරුවක් කියලා කවදාවත් මට හිතෙන්න දෙන්න එපා.”
“නෑ... කවදාවත් ම නෑ. මම ඔයාට කිව්වනේ. මගේ පණටත් වඩා ආදරෙන් මම ඔයාව බලාගන්නවා....”
“එපා... මුලින් ම ඔයා ඔයාට ම ආදරේ කරන්න.... ඊට පස්සේ මට.”
“නෑ... ඕනම අයියා කෙනෙක් තමන්ගේ නංගිට තමන්ගේ පණට වඩා ආදරය කරනවා...” මම එහෙම කියද්දි මීෂාට හිනා ගියා.
“ඒකත් එහෙමද ? නංගිලාත් එහෙමයි...” මීෂා හිනා වෙවී කිව්වා.
“කොහොමද....?”
“තමන්ගේ පණට වඩා අයියාට ආදරෙයි....” මීෂා එහෙම කිව්වේ හුරතල් විධියට එයාගේ අතකින් මගේ කොණ්ඩෙ අවුල් කරන ගමන්.
මම මගේ කාමරයට ඇවිත් කණ්ණාඩිය ඉස්සරහට වෙලා මීෂා අවුල් කරපු මගේ කොණ්ඩය දිහා ටික වෙලාවක් ආසාවෙන් බලන් උන්නා. ඊට පස්සේ මම මගේ මූණ දිහා බැලුවා. ඒ මූණේ යන්තමට ඇඳුන ලස්සන හිනාවක් තිබුනා. අවුරුදු ගාණකට පස්සේ මගේ ජීවිතේ ලොකු වෙනසක් වේගෙන යන බව ඒ හිනාව දකිද්දි මට තේරුනා. එක පාරටම ඇඳ උඩ තිබුන මගේ ෆෝන් එක රිං වෙද්දි මම ගැස්සිලා පියවි ලෝකයට ආවා.
“මෙලී....” මගේ හිතේ තිගැස්මක් ඇති වුනා.
“කියන්න මෙලී........”
“ඔයා කොහේද උන්නේ...? මම කී පාරක් ඔයාට කතා කලාද ? බලන්න මිස්ඞ් කෝල් විස්සක් විතර ඇති.”
“සොරි මම මීෂා එක්ක පොඞ්ඩක්....” මම එක පාරටම එහෙම කියලා නතර කලේ මම කවදාවත් මෙලීට මීෂා ගැන කියලා නැති බව මතක් වුන නිසයි.
“මීෂා එක්ක ? කවුද මීෂා කියන්නේ ?”
“මගේ නංගි......”
“නංගි....? ඔයාට නංගියෙක් නෑනේ.... මට ඇත්ත කියන්න.” මෙලී තරහින් කිව්වා.
“මෙලී.... එයා මගේ කුඩම්මාගේ දුව. ඉන්න මම දැන් ඔයාලගේ ගෙදර එනවා. එතකොට ඔයාට විස්තරේ කියන්නම්....”
මම ඉක්මණට තාත්තාගේ කාර් එක ඉල්ලගෙන මෙලී ළඟට ගියේ එයා කලින් වතාවක් මගේ ආදරේ වෙනුවෙන් එයාගේ අත කපාගත්ත හැටි මතක් වුන නිසයි.
“ඔයා ඇයි මීෂා ගැන කවදාවත් නොකිව්වේ ?” මම කියපු දේවල් අහගෙන ඉඳලා මෙලී මගෙන් ඇහුවා.
“කියන්න අවස්ථාවක් ලැබුනේ නෑ. අනික ඒක ඔයාට කියන්න තරම් විශේෂ දෙයක් කියලා මම හිතුවෙ නෑ.”
“විශේෂයි..... මට ඒක ගොඩක් විශේෂයි... මොකද එයා ඇත්තටම ඔයාගේ නංගි නෙවෙයිනේ...”
“මොනවද ඔයා මේ කියන්නේ ?” මම කතා කලේ බොහොම ඉවසීමෙන්.
“මම කියන්නේ බොරුද ? එයා ඔයාගේ නංගි නෙවෙයි. ඔයා පිට කෙල්ලෙක් එක්ක එකම ගෙදර ඉන්නේ. දවල්ට ඔයාගේ තාත්තායි එයාගේ අම්මායි ගෙදර නෑ. එතකොට ඔයාලා දෙන්නා තනියම......”
“කට වහනවා. ෂිහ්....” මට මෙලී කියපු දේ ගැන ඇති වුනේ ලොකු පිළිකුලක්.
“එයා මගේ නංගි. වෙන කෙනෙක් ඔය කතාව කිව්වා නම් දුක නෑ. මට දුක මගේ කෙල්ල මං ගැන ඔය වගේ පහත් විදිහට හිතන එක ගැනයි...”
“මම දන්නවා ඔයා ගොඩක් හොඳ කෙනෙක් කියලා. ඒත් ගින්දරයි පුළුනුයි එක ළඟ තියන්න හොඳ නෑ. කොයි වෙලාවෙ වුනත් එකපාරට ම ඇවිලිලා යන්න පුළුවන්.”
මෙලී කතා කරද්දි මම වචනයක්වත් නොකියා එයා දිහා බලන් උන්නේ ලොකු තරහකින්.
“කතා කරලා ඉවරද ?” මම ඇහුවා.
“ඔව්... ඉවරයි.....” මෙලී එහෙම කියලා තරහෙන් අහක බලාගත්තා.
“එහෙනම් දැන් මම කියන දේ හොඳට අහගන්න. මීෂා කියන්නේ මට මගේ ම නංගි. ඔයා හිතන විදිහේ වරදක් කවදාවත් මගෙන් එයාට සිද්ධ වෙන්නේ නෑ. ඒ වගේම වෙන කාගෙන්වත් එහෙම දෙයක් වෙන්න මම ඉඩ තියන්නෙත් නෑ. මොකද මීෂා කියන්නේ දාහකින් හොයගන්න බැරි තරම් හොඳ කෙල්ලෙක්.... එයාට පිරිමි කෙනෙක්ගේ හුස්මක්වත් වැදිලා නෑ. ඒ නිසා.....”
“ඇත්තට ? එයාද ඔයාට ඔය දේවල් කිව්වේ ? ඔයාලා ඒ දේවල් ගැනත් කතා වෙනවද ? අනික ඔයා දන්නේ නැද්ද හොස්ටල් ඇතුලේ ගෑණු ගෑණු එකතු වෙලා කරන දේවල් ?”
මෙලී ඒ කියපු කතාව ඉවසන්න නම් මට කොහොමටවත් පුලුවන්කමක් තිබ්බේ නෑ.
“කට වහනවා......දෙයියන්ගේ නාමෙන් කට වහනවා.” මම කෑ ගහලා කියද්දි වටේම උන්න මිනිස්සු බය වෙලා අපි දිහා බැලුවා.
“ඔයාට ලැජ්ජා නැද්ද ෂේන් ? මෙතන මිනිස්සු ඉන්නවා.” මෙලී කිව්වා.
“ලැජ්ජා නැත්තේ ඔයාටයි. මීෂා ගැන ආයෙත් ඔය වගේ පහත් විධියට කතා කලොත් මේ සම්බන්ධෙත් මම නතර කරනවා.”
මෙලී මං දිහා බලන් උන්නේ ලොකු වෛරයකින්. එයා එයාගේ ඇස් වලට උනපු කඳුළු ආයාසයෙන් තදකරගත්තේ හොඳකට නම් නෙවෙයි කියලා මම දැනගෙන උන්නා. මෙලී අත කපාගෙන මැරුනත් මට කමක් නෑ කියලා හිතලා මම එයාව දාලා ආවේ හිතට ආව කේන්තිය දරාගන්න බැරුවයි.
පහුවදා පාන්දර ම මීෂා ආයෙත් හොස්ටල් එකට යන්න ලෑස්ති වෙලා උන්නේ මටවත් නොකියා.
“මේ මොකද ?” මීෂා ඇඳුම් බෑග් එකත් උස්සන් කාමරෙන් එලියට එද්දි මම ඇහුවා.
“මම යනවා....”
“ඔයා මට පොරොන්දු වුනා දවස් දෙකක් ඉන්නවා කියලා.”
“මම මෙහේ ඉන්න එකෙන් ප්‍රශ්න ඇති වෙනවා ෂේන්. අනික, අපේ දෙමව්පියෝ හිතන දේටත් අපි ගරු කරන්න ඕනා...”
“දෙමව්පියෝ ? කාටද ඔයා දෙමව්පියෝ කියන්නේ ? මීෂා...., ඔයාගේ අම්මාගෙන්වත් මගේ තාත්තාගෙන්වත් අපි දෙන්නට ම වැඩක් නෑ. ඒක ඔයාත් හොඳටම දන්නවා. අනික එයාලා මෙහේ ඉන්නේ රෑට විතරයි. එයාලා කියන දෙයක් රෑටනේ කියවන්නේ. ඒ කිසිම දෙයක් ඔයා ගණන් ගන්න එපා.”
“ඒත් ෂේන්..”
“මීෂා.., මේ අහන්න... එයාලාට ඔයාගේ ජීවිතේ ලස්සනම කාලේ නැති කරන්න ඉඩ දෙන්නෙපා. ඔයා දැන් තරුණ කෙල්ලෙක්. ඔයා සමාජය ගැන දැන ගන්න ඕනා. ඔයාට ආරක්ෂාව තියෙන ගෙදරක් ඕනා. නමට හරි ඔයාට පවුලක් කියලා දෙයක් තියෙන්න ඕනා. මං කියන දේ ඔයාට තේරෙනවද ?”
“හ්ම්.....” මීෂා ඔලුව වැනුවා.
“හොස්ටල් එක ඇතුලේ හිරවෙලා ඉන්න එක නෙවෙයි ජීවිතේ කියන්නේ.... මේ ලෝකේ කොයි තරම් ලස්සන තැනක්ද...? මේ ලෝකේ ඔයා නොදැකපු තැන් කොච්චර තියෙනවද ? මාත් එක්ක ඉන්න. මම ඔයාට ඒ හැම දෙයක්ම පෙන්නන්නම්.... ඔයාගේ ජීවිතේ ඉතිරි කාලය ගොඩක් ලස්සන එකක් වෙයි. ඒක පොරොන්දුවක්...”
මම එහෙම කියද්දි මීෂා මං දිහා ආදරෙන් බලලා හිනා වුනා.
“දැන් ඔය බෑග් එක ඇතුලෙන් තියලා වෙන ඇඳුමක් ඇඳගන්න. අද ඔයා යන්නේ හොස්ටල් එකට නෙවෙයි..... අද ඔයා යන්නේ මා එක්ක ඇවිදින්න....” මම එහෙම කියන ගමන් මීෂාගේ බෑග් එක කාමරය ඇතුලෙන් තිබ්බා.
උදේ කෑම ගත්ත ගමන් මම මීෂාව බයික් එකේ නග්ගගෙන ඩෙවිල් ගඟ පැත්තට ගියා. ඉස්සර බඩ ඉරිඟු යාය තිබුන තැන දැන් තියෙන්නේ මල් යායක් බව දැකපු මීෂා එතන නතර වෙලා ආසාවෙන් බලාගෙන උන්නා.
“දෙයියනේ......, මෙතන ලස්සන...... මේ සේරම මෙහෙම වෙනස් වුනේ කොහොමද ?”
“අවුරුදු දෙකකට කලින් ඔය ඉඩම් සේරම විකුණුවා. ඉඩම් ගත්ත අය බඩ ඉරිඟු සේරම ගලවලා දාලා මල් හිටෙව්වා. ඒ අය ඔය මල් පිටරට යවලා හොඳ ආදායමක් ගන්නවා.”
“අනේ.... මම ජීවිත කාලෙටම මේ තරම් ලස්සන තැනක් දැක්කමයි...”
“හොස්ටල් එක ඇතුලෙ ම හැදුන නිසයි ඔයා ඔහොම කියන්නේ. ඔයාට මීට වඩා ගොඩාක් ලස්සන දේවල් කොයි තරම් මඟ ඇරිලා ඇද්ද ? ඔයා හොස්ටල් එකේ ඉන්නකොට මට දැනෙන්නේ ඔයා කූඩුවක හිර කරපු කිරිල්ලියක් වගේ.... ඉගිල්ලෙන්න ආසයි. ඒත් ඉගිල්ලෙන්න බෑ.”
මම එහෙම කියද්දි මීෂා මොකුත් නොකියා මං දිහා ටික වෙලාවක් බලාගෙන උන්නා. ආයෙත් අපි ගමන යන්න පිටත් වුනාට පස්සේ මම බයික් එකේ පැති කන්ණාඩියෙන් මීෂා දිහා බැලුවා. මට පෙනුනා එයා ඉන්නේ ලොකු කල්පනාවක කියලා. මම කියපු දේ එයාගේ හිතට තදින් වැදිලා තියෙන බව මට තේරුනා. මම මොකුත් නොකියා එයාට කල්පනා කරන්න ඉඩ ඇරියේ එයා ම හොඳට හිතලා තීරණයක් ගන්න ඕනා නිසයි. ගමන පුරාවට මම සැරින් සැරේ කන්ණාඩියෙන් මීෂා දිහා බැලුවා. එයාගේ කොණ්ඩෙ හුලඟට එහා මෙහා යද්දි එයාගේ ලස්සන තවත් වැඩි වෙලා මට පෙනුනා.
ගඟ ළඟදි මම එතන තිබුන ගහෙන් මලක් කඩලා මීෂා අතට දෙද්දි එයාට හිනා ගියා.
’‘අදත් පෙති කඩන්නද ?” මීෂා හිනා වෙවී ඇහුවා.
“එපා.... ලස්සන මල් වල පෙති කඩන්න හොඳ නෑ කියලා මම ඉගෙන ගත්තා...” මම මීෂාගේ මූණ දිහා බලාගෙන කියද්දි මීෂා ටික වෙලාවක් මගේ ඇස් දිහා බලාගෙන උන්නා.
“ෂේන්, ඔයා දැන් හොඳටම වෙනස් වෙලා...” මීෂා එහෙම කියද්දි මම තනියම හිනා වුනා.
“මම එක පාරක් වෙනස් වුනා අම්මා නැති වුනාම. මම තව පාරක් වෙනස් වුනා ඔයා නැති වුනාම....”
“එහෙනම් ඔයා තවත් වෙනස් වෙයි.....”
“ඒ ඇයි...?”
“ඔයාට මාව ආයෙත් ලැබුන නිසා.....”
“ඔයාව ලැබුන නිසා...? තවම මට ඔයාව ලැබුනේ නෑ මීෂා... ඔයා හෙට ආපහු යනවානේ. ඔයා දිගට ම ගෙදර උන්නොත් නම් මට හිතෙයි ඔයාව මට ආයෙත් ලැබුනා කියලා....” මම එහෙම කියද්දි මීෂා බිම බලාගත්තා.
“ඔයා හොස්ටල් එකේ දිගට ම උන්නොත් ඔයා දවසක සිස්ට කෙනෙක් වෙයි. එහෙම නැතත් ඉගෙනගෙන ඉවර වුන ගමන් ඔයා කසාද බඳියි. නැත්නම් රස්සාවකට යයි. එහෙම බලනකොට ඔයා කවදාවත් මා එක්ක ඉඳලා නෑ. ඔයාගේ හොඳම කාලය අර හොස්ටල් එක ඇතුලේ ම ගෙවිලා තියෙයි. ලෝකය කියන්නේ මොන වගේ තැනක්ද කියලාවත් ඔයා දන්නේ නැති වෙයි මීෂා.” මම එහෙම කියද්දි මීෂා බිම බලාගෙන ම උන්නා.
මම මීෂා ළඟින් ම වාඩි වෙලා එයාට හැමදේම තේරුම් කරලා දෙන්න උත්සාහ කලා. දවල් කෑම වෙලාවට අපි ආපහු එද්දිත් මීෂා උන්නේ බර කල්පනාවක. මම ගෙදරට එනකල්ම පැති කන්ණාඩියෙන් සැරින් සැරේ එයා දිහා බැලුවා. කොයි තරම් බැලුවත් එපා වෙන්නේ නැති ලස්සනක් මීෂාට තියෙනවා කියලා මට හිතුනා.

Comments
Post a Comment