කුඩම්මාගේ දුව - 07
කුඩම්මාගේ දුව - 07
©උපුටා ගැනීම තහනම්
“ඔයා මෙහේ ඉද්දි මුලු ගෙදරම එලියයි. අද තමයි අවුරුදු ගාණකට පස්සේ ෂේන් හිනා වෙනවා දැක්කේ..”
ලුසී එහෙම කියද්දි මීෂා පුදුමයෙන් වගේ මං දිහා හැරිලා බැලුවේ ඒක ඇත්තද කියලා අහන්න වගේ. මම මොකුත් නොකියා මීෂා දිහා බලාගෙන හිනා වුනා.
“හවසට අපි කොහෙද යන්නේ ?” කෑම කාලා ටීවී බලද්දි මම මීෂාගෙන් ඇහුවා.
“හවසට කොහේවත් යන්නේ නෑ. ගෙදර ඉඳගෙන වත්ත සුද්ධ කරමු....”
“ඇත්තටමද කියන්නේ ?”
“ඔව්......”
“අපි මොකටද වත්ත සුද්ධ කරන්නේ ? ඒවා තාත්තා බලලා කාව හරි දම්මලා කරයි....”
“නෑ... මේ දේවල් ඔයා බලලා කරන්න. මොකද මේ ගේ ඔයාගේ අම්මගේ.... ඔයාගේ තාත්තාට මේ දේවල් කරන්න උවමනාවක් නෑ”
“හ්ම්... මම පස්සේ කාව හරි දාලා සුද්ධ කරන්නම්... ඔයා මහන්සි වෙන්න එපා. ඔයා හොස්ටල් එකේ ඉද්දි ඇති තරම් වැඩ කලානේ. දැන් ඔයා ඉන්න ඕන රාජ කුමාරියක් වගේ...” මම එහෙම කියද්දි මීෂා අහිංසක විදිහට හිනා වුනා.
“මම රාජකුමාරියක් නෙවෙයි... මම කිසිම දෙයක් නැති දුප්පත් කෙල්ලෙක්......” මීෂා අහිංසක විදිහට බිම බලාගෙන කිව්වා.
“කවුද කියන්නේ ? මට නම් ඔයා රාජකුමාරිවක් තමයි... මගේ සින්ඩරෙල්ලා......”
මම මීෂාගේ නිකට යටින් අත තියලා එයාගේ ඔලුව උඩට හරවන ගමන් කිව්වා. මීෂා ටික වෙලාවක් මගේ ඇස් දිහා බලාගෙන උන්නා. එක පාරටම මගේ හිතට අමුත්තක් දැනුන නිසා මම මගේ අත පැත්තකට අරන් පුටුවකින් වාඩි වුනා.
“ඇත්තටමද ඒක කිව්වේ ?” මීෂා ඇහුවා.
“නැතුව.....”
“එතකොට කව්ද මගේ කුමාරයා ?” මීෂා එහෙම අහද්දි මම පුදුමයෙන් කල්පනා කලා.
‘ඇත්තටම, කව්ද එයාගේ කුමාරයා ?’ මම මීෂා දිහා බලාගෙන හිතුවා.
“මම ඇත්තටම රාජ කුමාරිකාවක් වුනත්, මගේ ගෙදර වැඩ මගේ අත් දෙකෙන් කරන්න මම ආසයි....” මීෂා එහෙම කියද්දි මට එයා ගැන ඇති වුනේ ගෞරවයක්.
“ඔයා ආසයි නම්....., යමු අපි වත්ත සුද්ධ කරමු” මම කිව්වා.
මීෂායි මායි හවස් වරුවම වත්ත සුද්ධ කලා. එයා කොල රොඩු අතුගාලා පුච්චද්දි මම මල් ගස් ඔතාගෙන වැවිලා තිබුන වැල් ගලවලා, ගස් වල අතු කපලා, තණකොල සුද්ධ කලා. හැන්දෑ වෙනකොට මායි මීෂායි දෙන්නම උන්නේ හොඳටම හෙම්බත් වෙලා. අපි දෙන්නා කිළුටු පෙරාගෙන අමාරුවෙන් ගේ ඇතුලට ආවාම ලුුසීට අපිව දැකලා හිනා ගියා.
“දෙන්නාම ගිහින් උණු වතුරෙන් හොඳට නාගන්න.....” ලුසී අම්මා කෙනෙක් වගේ අණ කලා.
මායි මීෂායි නාගෙන ආවාම ලුසී අපි දෙන්නට බොන්න උණුවෙන් චොකලට් බීම හදලා තිබුනා. රෑ තාත්තායි ෂෙරිලුයි ආවාම වත්ත දිහා බලලා පුදුම වෙන හැටි මම කාමරයේ ජනේලයෙන් බලන් උන්නා.
“ලුසී..... කව්ද වත්ත සුද්ධ කලේ ?” තාත්තා පුදුමයෙන් අහද්දි ලුසී ඇවිත් හිනා වෙවී මායි මීෂා යි වත්ත සුද්ධ කරපු හැටි කිව්වා.
ලුසී කියන දේවල් අහගෙන තාත්තා මොකුත් නොකියා ෂෙරිල් දිහා බලන හැටි මම දැක්කා. කෑම මේසයේදීවත් ඒ දෙන්නා අපි දෙන්නා එක්ක කතා කලේ නෑ. මායි මීෂායි කෑම කන ගමන් සැරින් සැරේ මූණට මූණ බලන් හිනා වුනා. රෑ ඇඳට ගිහින් මම කල්පනා කලෙත් මීෂා ගැන. එයත් එක්ක ගෙවුන එක දවසක් මේ තරම් ලස්සන නම්..... එයාත් එක්ක මුළු ජීවිත කාලයම ගෙවන්න ලැබුනොත් මගේ ජීවිතය කොයි තරම් ලස්සන වෙයිද ? ඒත් මීෂා දවසක කාව හරි කසාද බැඳලා මාව දාලා යන්න යයි. ඒ හැඟීමත් එක්ක මගේ පපුව පිච්චිලා යනවා වගේ මට දැනුනා.
“එතකොට කව්ද මගේ කුමාරයා ?” මීෂා දවල් මගෙන් අහපු දේ මට ආයෙත් මතක් වුනා.
මීෂා කොයි වගේ කෙනෙක්ට ආදරේ කරයිද ? මීෂාව කසාද බඳින කෙනා එයාව හොඳින් බලා ගනියිද ? මම මීෂාට ආදරේ කරන තරම් එයාට ආදරේ කරන්න තව කෙනෙක්ට පුළුවන් වෙයිද ? මීෂා මට ආදරේ කරනවාටත් වඩා එයාව බඳින කෙනාට ආදරේ කරයිද ? මේ වගේ සිතුවිලි සමුදායක් එක්ක මට කොයි වෙලේ නින්ද ගියාද කියලා මම දන්නේ නෑ.
උදේ ඇහැරෙද්දි මම එක පාරටම දැකපු දෙයින් පුදුම වුනා. මීෂා එයාගේ අතේ මල් පොකුරක් තියාගෙන මගේ මේසේ උඩ තිබුන වාස් එකට ඒවා එකින් එක දානවා. මම ඇහැරුන බව එයා තවම දැක්කේ නැති නිසා මමත් සද්ද නොකර එයා මොනවද කරන්නේ කියලා බලන් උන්නා. ඇරපු ජනේලයෙන් එන හුලං පාරට මීෂාගේ දිග කොණ්ඩෙ අකීකරු විදිහට එයාගේ මූණට එනවා. එයා ඇඳගෙන උන්න ලස්සන දිග ගවුමත් හුලඟට හෙලවෙනවා. එයාගේ ලස්සන ඇස්... රෝස පාට කම්මුල්..... ලා රතු පාට තොල්....
දෙවියෝ මීෂාව කොයි තරම් ලස්සනට මවලාද ? අහසින් පොලවට බැහැපු සුරංගනාවියක් වගේ.... මම එයා දිහා බලන් උන්නේ වශී වෙලා වගේ.
එක පාරටම මට තේරුනා එයා හැරෙන්න යන බව. මම ඉක්මණට ආයෙත් ඇස් වහගත්තේ මම ඇහැරුන බව එයා දැනගන්නවට අකමැති නිසයි. එයා දැන් කාමරෙන් යයි. මම එහෙම හිතුවට එයා කාමරයෙන් ගියේ නෑ. ඒ වෙනුවට මට තේරුනා එයා මං ළඟට එන බව.
එයා ඇත්තටම මං ළඟට එනවද ? ඒක දැනගන්න මම ඇස් අරින්න ඕන. මම ඇස් අරින්න යද්දි ම මගේ අතේ එයාගේ ගවුම වදිනවා මට තේරුනා. එයා ඇත්තටම මං ළඟට ඇවිත්. මම ඇස් ඇරියේ නෑ. එයා හෙමින් මං ළඟ දණගහගත්තා වගේ මට දැනුනා. එයාගේ හුස්ම ඉහල පහල යන සද්දෙත් දැන් මට ඇහෙනවා. ඒ විතරක් නෙවෙයි... මගේ පපුව හයියෙන් ගැහෙන සද්දෙත් දැන් මට ඇහෙනවා ඇහෙනවා වගේ.
එක පාරටම මීෂාගේ අතක් මගේ ඔලුව උඩින් තියලා හෙමින් සැරේ මගේ ඔලුව අතගාන්න ගත්තා. ඊට පස්සේ එයාගේ අත හෙමින් සැරේ මගේ කම්මුල ළඟට ඇවිත් නතර වුනා. එයා ටික වෙලාවක් එයාගේ අත මගේ කම්මුලින් අහක් කරගත්තේ නෑ. එයාගේ සිනිඳු අතේ උණුසුම මගේ කම්මුල විතරක් නෙවෙයි මගේ මුලු හදවතත් අල්ල ගත්තා වගේ මට දැනුනා. තවත් මොහොතකින් මීෂා නැගිටලා යන සද්දේ මට ඇහුනා.
ටික වෙලාවකින් මම ඇස් ඇරලා ඇඳේ දිගා වෙලා ඉඳගෙනම මීෂා කරපු දේ ගැන කල්පනා කලා. මගේ අම්මාගේ උණුසුම ඇතුලේ තිබුන ආදරය ම මට මීෂාගේ උණුසුම ඇතුලේ දැනුනා. ඒත් මම ඇහැරිලා උන්න බව දැනගෙන උන්නා නම් මීෂා ඒ තරම් මට ලං වෙයිද ?
මම ඇඟ හෝදලා ඇඳුම් මාරු කරගෙන එලියට යද්දි මීෂා මං දිහා බලලා හිනා වුනා. මමත් ගොඩක් ආදරෙන් එයාත් එක්ක හිනා වෙලා ගිහින් කෑම මේසයෙන් වාඩි වුනා. කෑම මේසෙන් බාගයක්ම පිරිලා තිබුනේ මම ආසාම කෑම වලින්.
“අද කෑම හැදුවෙ මීෂා. එයා කිව්වා එයා අතින්ම ඔයා ආසා කරන කෑම හදලා දෙන්න ඕන කියලා.” ලුසී කිව්වා.
“මීෂා ? ඇයි එයාට මහන්සි වෙන්න දුන්නේ...?” මම එහෙම කිව්වාට මීෂා මං වෙනුවෙන් හදපු කෑම කන්න මගේ හිතේ තිබුනේ ලොකු නොඉවසිල්ලක්.
“මීෂා කෑවද ?”
“නෑ.... එයා අද උදේට කන්නේ නෑ කිව්වා...”
“ඒ ඇයි....?”
“එයා අද උදේ වරුව නිරාහාරව යාච්ඥා කරනවා කිව්වා....”
“ඒ මොකටද....?”
“දන්නේ නෑ. එයාට දෙවියන්වහන්සේගෙන් ලොකු දෙයක් ඉල්ලන්න තියෙනවා කිව්වා....”
“පිස්සු.... මම ගිහින් එයාව එක්කන් එන්නම්.”
“මීෂා... එන්න කෑම කන්න...” මම මීෂාගේ කාමරය ළඟට ගිහින් කතා කලා.
“මට කන්න බෑ. ඔයා කන්න...”
“පිස්සු නැතුව මෙහේ එන්න. ඔයා ලෙඩ වෙයි නොකා ඉඳලා....”
“බෑ... අද නම් කන්න බෑමයි.....”
“ඔයාට මොනවද ඔච්චරටම දෙවියන්ගෙන් ඉල්ලන්න තියෙන්නේ...?” මම එහෙම කියද්දි ම මීෂා දොර ඇරියා.
“ලුසී නේද කිව්වේ...?” මීෂා අමනාපයෙන් ඇහුවා.
“හ්ම්...” මම ඔලුව වැනුවා.
“යමු... යමු...” මම කිව්වා.
“ම්හ්හ්.... මට කන්න බෑ. ඒත් යමු, මම ඔයාට කවන්නම්....”
මීෂා එහෙම කියද්දි මම පුදුම වුනා. එයා මට ඇත්තටම කවන්නද යන්නේ ? ඒත් මීෂා මට කවනවා ලුසී දැක්කොත් මොනවා හිතයිද ? මම කල්පනා කරන ගමන් මීෂා පස්සෙන් ගියා. මීෂා පිඟානක් අරන් මට කෑම බෙදන්න පටන් ගත්තා.
“ලුසී.... මම කියපු බඩු ටික මට ගෙනත් දෙනවාද ?” මීෂා කෑම බෙදන ගමන් ලුසීට කිව්වා.
“දැන්ම ඕනද ?” ලුසී ඇහුවා.
“ඔව්... දැන්ම ගෙනත් දෙනවද.....?”
මීෂා ලුසීව කඬේට යැවුවේ හිතාමතාම වගේ. ලුසී ගියාට පස්සේ මීෂා මං ළඟින් වාඩි වෙලා මට කෑම කවන්න පටන් ගත්තා. අපි දෙන්නා අතර තිබ්බේ ලොකු නිහඬතාවයක්. මීෂා මට කවපු හැම කෑම කටක් ම මම කෑවාට එයා හදපු කෑම රසද නැද්ද කියලාවත් හිතන්න මට අමතක වුනා. මම බලාගෙන උන්නේ එයාගේ ඇස් දිහා. මම එහෙම බලද්දි එයා මගේ ඇස් දිහා කෙලින් බලන්න ලැජ්ජා වෙන බවක් මට තේරුනා. කාලය කොයි තරම් ගෙවුනද කියන්න දන්නේ නෑ. ලුසී ආපහු එන සද්දේ ඇහෙද්දි මීෂා ඉක්මණට පිඟාන තියලා අත හෝදගෙන කාමරයට ගියා.
මම කාමරයට ගිහින් කල්පනා කලේ මීෂාගේ අමුතු හැසිරීම ගැනයි. එයා එක පාරටම මට මේ තරම් ආදරය කරන්න පටන් ගත්තේ ඇයි කියලා මම පුදුම වුනා. මීෂා මුලු දවසම එයාගේ කාමරයට වෙලා ඉන්නද යන්නේ කියලා මම හිතුවා. එයා දෙවියන්වහන්සේගෙන් ඉල්ලන්නේ මොනවාද කියලා දැනගන්න ලොකු ආසාවක් මගේ හිතේ තිබුනා. පැයක් විතර ගෙවෙන්න ඇරලා මම මීෂාගේ කාමරය ලඟට යද්දි එයාගේ දොර ඇරලා තිබුනේ.
“මීෂා....” මම කතා කරගෙන ම ඇතුලට ගියා.
මීෂා මාව දැකලා ගැස්සුනාට වඩා මම මීෂාව දැකලා ගැස්සුනා. මීෂා නාලා ඇවිත් තෙත බේරෙන කොණ්ඬේ පිටින් තුවායක් ඇඳගෙන උන්නා. හරි විධියට නම් මම ආපහු හැරිලා කාමරයෙන් එලියට යන්න ඕනා. ඒත් මම ගල් ගැහිලා ටික වෙලාවක් මීෂා දිහා බලාගෙන උන්නේ මම මීට කලින් නොදැකපු අමුතුම ලස්සනක් ඒ වෙලාවේ මීෂාගෙන් මට පෙනුන නිසයි.
“ෂේන්.... මං..., ඇඳුමක් දාගෙන එන්නම්.” මීෂා බයෙන් වගේ එහෙම කියද්දි මම පියවි සිහියට ආවා.
“සොරි......” මම එහෙම කියලා ඉක්මණට එලියට ගියා.
මම හැසිරුන විධිය ගොඩක් වැරදියි කියලා මට තේරුනා. මම හිතේ ඇති වුන ලැජ්ජාවත් එක්ක කාමරයට ගිහින් දොර වහගත්තා. ටික වෙලාවකින් කාමරයේ දොරට කව්රු හරි තට්ටු කරද්දි මම හිතුවේ ඒ මීෂා කියලා.
“ෂේන්....” දොරෙන් එහා පැත්තේ හිටපු කෙනා කතා කරද්දි මම ගැස්සුනා.
“මෙලී....” මම පුදුමයෙන් ගිහින් දොර ඇරියා.
මෙලී මොකුත් නොකියා එක පාරටම කාමරයට ඇවිත් මුලු කාමරය පුරාම ඇහැ යවලා බැලුවේ හරියට මාත් එක්ක තව කවුරු හරි කාමරයේ ඉන්නවද බලන්න වගේ.
“ඇයි මේ වෙලාවෙ එක පාරටම ආවෙ..?” මම ඇහුවා.
“ඇයි මම එනවට කැමති නැද්ද....?”
“එහෙම දෙයක් නෙවෙයි... මම අහන්නේ ඇයි ආවෙ කියලා. මොකද ඔයා වෙනදට මෙහෙම එන්නේ නෑනේ.....”
“කෝ අරයා....?”

Comments
Post a Comment