කුඩම්මාගේ දුව - 08
කුඩම්මාගේ දුව - 08
©උපුටා ගැනීම තහනම්
“අරයා....? මීෂාද ?”
“ඔව්....”
“එයාගේ කාමරේ ඇති.”
“මාව එයාට අඳුන්වලා දෙන්නේ නැද්ද ?”
මෙලී එහෙම කියද්දි මගේ හිතට පැකිලීමක් ඇති වුනේ ඇයි කියලා මම දන්නේ නෑ. මට ගෑනු ළමයෙක් ඉන්න බව මම කිසිම වෙලාවක මීෂාට කියලා තිබුනේ නෑ. කලින් දවසේ ගඟ ළඟදි මෙලී ගැන මීෂා එක්ක කියන්න මම දෙ තුන් සැරයක් උත්සාහ කලත් මට ඒක කියාගන්න බැරි වුනා.
“හ්ම්..... යමු....”
මම මෙලීව එක්කගෙන මීෂාගේ කාමරය ළඟට ගියා. මම මීෂාගේ දොර ළඟ නතර වෙලා තත්පර කීපයක් ගැහෙන හිතින් බලාගෙන උන්නේ එයාට කතා කරනවද නැද්ද කියලා හිතන ගමන්. මම එහෙම ඉද්දි මෙලී එක පාරටම දොරට තට්ටු කලා.
“ඉන්න.....” මම කලබලෙන් කිව්වා.
“ඇයි මොකද ?”
“මීෂා දන්නේ නෑ තාම.... ඔයා..... ඔයා මගේ......”
මම කියලා ඉවර වෙන්න කලින් මීෂා දොර ඇරියා. මීෂා මෙලීව දැකලා එක පාරටම පුදුම වුනා වගේම මෙලීත් මීෂා දිහා බලන් උන්නේ අදහා ගන්න බැරි දෙයක් දැක්කා වගේ. මීෂා මේ තරම් ලස්සන කෙනෙක් බව මෙලී හීනෙකින්වත් හිතන්න නැතුව ඇති. මීෂා කුතුහලයෙන් වගේ මං දිහා බැලුවේ ‘කව්ද‘ කියලා අහන්න වගේ.
“මීෂා... මේ.... මෙලී.... මගේ..... මගේ......” මම මෙලීව අඳුන්වලා දෙන්න බැරුව ගොත ගැහුවේ මීෂාගේ හැසිරීම මොන වගේ වෙයිද කියලා බයෙන්.
“මම ෂේන්ගේ ග(ර්)ල් ෆ්‍රෙන්ඞ්... මම හිතනවා එයා මං ගැන ඔයාට කියන්න ඇති කියලා...” මෙලී අහංකාර ස්වරයෙන් කිව්වා.
මීෂා ටික වෙලාවක් පුදුමයෙන් වගේ මගේ ඇස් දිහා බලාගෙන ඉද්දි මම මීෂා දිහා බලාගෙන උන්නේ ලොකු පසුතැවීමකින්. මගේ හිතට ලොකු වරදකාරී හැඟීමක් දැනුනේ මෙලී ගැන කලින් ම මීෂාට කියන්න බැරි වුන නිසා වෙන්න ඇති.
“කොහොමද මෙලී.... මට ගොඩක් සතුටුයි ඔයාව අඳුරගන්න ලැබුනට...” මීෂා හිනා වෙලා මෙලීගේ අතට අත දුන්නා.
“මටත්....” මෙලී කෙටියෙන් උත්තර දුන්නා.
“අපි යමු බබා ඔයාගේ කාමරේට....”
මෙලී මගේ අතේ එල්ලිලා කියද්දි මම එක පාරටම මීෂා දිහා බැලුවා. එයා මං දිහා ටික වෙලාවක් දුකෙන් වගේ බලාගෙන ඉඳලා කාමරයේ දොර වහගත්තා.
“මහා අහංකාර කෙල්ලක්.....” මෙලී එහෙම කියද්දි මට මීෂා ගැන දුක හිතුනා.
“නෑ... එයා පොඞ්ඩක් ලැජ්ජයි....” මම යන ගමන් කිව්වා.
“එයාට මොනා හරි කියද්දි ඔයාට මාර දුකයි නේද..?”
“ඔව්... එයා මගේ නංගිනේ...”
“විකාර......”
කාමරයට ගිය ගමන් මෙලී මාව තදින් බදාගත්තා. එයා ඉස්සර එහෙම කරද්දි මගේ හිතට හැඟීමක් ඇති වෙනවා. ඒත් අද.... මගේ හිතේ උන්නෙම මීෂා. එයා මෙලීව දැකලා ඇත්තටම සතුටු වෙනවද? නැත්නම් කාමරේට වෙලා දුක හංගගෙන ඉන්නවද ? මට කල්පනා වුනේ ඒ ගැනයි.
“පොඞ්ඩක් ඉන්න.....” මම මෙලීව පැත්තකට කරලා ඉක්මණට මීෂාගේ කාමරය ළඟට ගියා.
“මීෂා....” මම කතා කලා. ඇතුලෙන් කිසිම ප්‍රතිචාරයක් ලැබුනේ නෑ.
“මීෂා....” මම හයියෙන් දොරට තට්ටු කරන ගමන් කතා කලා. මෙලී මගේ කාමරෙන් එලියට ඇවිත් මං දිහා බලාගෙන උන්නා.
“මීෂා දැන්ම දොර අරින්න....” මම දොරට ගහන ගමන් කෑ ගැහුවා.
මීෂා දොර ඇරියා.
“ඇයි ෂේන්.....?” මීෂා ඇහුවා.
මම ටික වෙලාවක් මීෂා දිහා බලාගෙන උන්නා. මීෂා මට පිටිපස්සෙන් උන්න මෙලී දිහා බලලා එයා එක්ක හිනා වුනා. මෙලී තරහෙන් ගස්සලා ආපහු මගේ කාමරේට ගියා. මීෂා හිනා වුනාට එයාගේ ඇස් දකිද්දි මට තේරුනා එයා අඬලා තියෙන බව.
“මීෂා... මේ අහන්න......... මට මීට කලින් මෙලී ගැන කියන්න බැරි වුනාට සමාවෙන්න. ඔයාට එයාව දැකලා දුක හිතුනා නේද ?”
“හ්ම්... ටිකක්.....” මීෂා බිම බලාගෙන කිව්වා.
“ඔයා මා එක්ක හිටපු නැති කාලේ ගොඩක් දේවල් වෙනස් වුනා. අලුත් බැඳීම් ඇති වුනා..... ඒත් ඔයාත් එක්ක මගේ තියෙන බැඳීම ඒ හැම බැඳීමකට ම වඩා වැඩියි. මම මේ මුලු ලෝකෙන් ම වැඩියෙන් ආදරේ ඔයාටයි.... මාව විශ්වාස කරන්න.”
මම එහෙම කියද්දි මීෂා පුදුම වෙලා වගේ මං දිහා බලාගෙනම උන්නා.
“මට ඔයාව විශ්වාසයි..... ”
මීෂා මගේ ඇස් දිහා බලන් විශ්වාසයෙන් එහෙම කියද්දි මගේ හිතට දැනුනේ පුදුම සැනසීමක්. මීෂාගේ කටින් ආයෙත් ඒ දේ අහන්න ලැබෙයි කියලා මම කවදාවත් හිතුවේ නෑ.
“අපි අදත් ගඟ ලඟට යමුද ? මෙලීත් එක්ක...” මම මීෂාගේ හිත හැදෙන්නත් එක්ක ඇහුවා.
“යමු.......” මීෂා හිනාවෙලා කිව්වා.
“එහෙනම් ලෑස්ති වෙලා එන්න.” මම හිනා වෙලා කිව්වා.
මීෂා ලෑස්ති වෙලා කුස්සියට ගිහින් කූඩයකට කෑම බීමත් අහුරගෙන එද්දි මෙලී ඒ දිහා බලලා උපහාසෙට වගේ හිනා වුනා. මීෂා ඒක දැකලා අහිංසක විදියට බිම බලා ගද්දි මගේ හිතට එයා ගැන ලොකු දුකක් දැනුනා.
“හොඳ ළමයා. ඔයාටයි මටයි කන්න කෑම ගත්තද ?” මම මීෂාගේ හිත හැදෙන්න කිව්වා.
“ඇයි මම කන්නේ නැද්ද ?” මෙලී තරහෙන් මා දිහා බලලා ඇහුවා.
“ආ ඔයත් කනවද ? ඒත් මම හිතුවා ඔයා මේ දැන් කෑම කූඬේ දිහා බලලා හිනා වුනා කියලා.”
“මල විකාර.... ඇයි මට හිනා වෙන්නවත් බැරිද......?.” මෙලී එහෙම කියලා ගස්සලා අහක බලා ගත්තා.
“අද නම් අපිට පයින් තමයි යන්න වෙන්නේ මීෂා........” මම කිව්වා.
“ඒක හොඳයිනේ. එතකොට අපිට ගොඩක් වෙලා මල් යාය මැදින් ඇවිදන් යන්න පුලුවන්.”
“මොනවා ? ඔයාලා දෙන්නා මීට කලින් ගඟ ලඟට ගියාද ?” මෙලී මායි මීෂායි දිහා මාරුවෙන් මාරුවට බලලා ඇහුවා. මීෂා බය වෙලා මං දිහා බැලුවා.
“ඊයේ ගියා.” මම කිව්වා.
“ඔයාට මාව තමයි එක්කගෙන යන්න බැරි නේද ?” මෙලී මං ලඟට ඇවිත් හෙමින් ඇහුවේ ගොඩක් තරහින් කියලා මට තේරුනා.
“දැන් මම මේ ඔයාව එක්කගෙන තමයි යන්නේ ?”
“මීෂාට පස්සේද මාව එක්කගෙන යන්නේ ?”
“අයියෝ ළමයෝ...... එයා හෙට ආපහු යන්නයි ඉන්නේ. ඔයයි මායි හැමදාම වගේ ඇවිදිනවනේ. මම ඔයාව ෆාම් හවුස් එකටත් එක්කගෙන ගියානේ. මතක නැද්ද ?”
“හ්ම්..... දැන් යමුකෝ. මම පස්සේ ඔයාව අල්ලගන්නම්. මේක මෙතනින් ඉවරයි කියලා හිතන්නෙපා.” මෙලී තරහෙන් කිව්වා.
“ඕක මට දෙන්න.........” මම මීෂාගේ අතින් කෑම කූඩෙත් අරන් ඉස්සර වුනා. මෙලී ඇවිත් මගේ අතේ එල්ලිලා යද්දි මීෂා අහිංසක විදියට තනියම අපේ පිටිපස්සෙන් ආවා.
“මෙලී ඔයා අතේ එල්ලෙද්දි මට මේ කෑම කූඩෙත් එක්ක අමාරුයි.........” මම බොරුවට කිව්වා. මෙලී අකමැත්තෙන් මගෙන් ඈත් වුනා.
“මීෂා ඔයා මගේ ඉස්සරහට එන්න. ඔයා පිටිපස්සෙන් එද්දි කව්රු හරි උස්සන් ගියත් මට පේන්නේ නෑ.” මම එහෙම කියද්දි මීෂා අපේ ඉස්සරහට වුනා.
“කෝ ඔයත් ඉස්සර වෙන්න.....” මම මෙලීට එහෙම කියද්දි එයා මං දිහා රවලා බලලා මීෂා ළඟට ගියා.
“ෂා.... බලන්නකෝ මේ දෙන්නගේ ලස්සන..... මල් අස්සෙන් යද්දි හරියට සුරංගනාවියෝ දෙන්නෙක් වගේ.”
මල් යාය ළඟදි මම කිව්වා. මීෂායි මෙලීයි මං දිහා බලලා හිනා වෙලා ආයේ ඒ දෙන්නා මූණට මූණ බලාගෙන හිනා වුනා.
“ෂේන්ගේ චාටු කතා වලට අහු වෙන්න එපා මීෂා.” මෙලී කියද්දි මීෂා ආයෙත් හැරිලා මං දිහා බලලා අහිංසක විදියට හිනා වුනා.
මෙලීගේ කොට කලිසමට නිරාවරණය වුන කකුල් දෙකයි, මීෂාගේ ලා නිල් පාට දිග ගවුමයි මට පෙනෙද්දි ඒ අතරින් මගේ හිත ගොඩාක් ඇදිලා ගියේ මීෂා දිහාටයි. මෙලීගේ කොට කලිසම වගේම එයාගේ කොණ්ඩෙත් කොටයි. මීෂාට තිබුනේ ලස්සන දිග කොණ්ඩයක්. ඒ කොණ්ඩෙ මල් යාය පීරගෙන එන හුලඟට ගැස්සෙනකොට තවත් ලස්සනයි.
මෙලීයි මීෂායි දැන් ටිකක් එකතුයි වගේ. ඒ දෙන්නා මාවත් අමතක වෙලා වගේ කතා කර කර යනවා. මීෂා ඉන්නේ ගොඩක් සතුටින් කියලා මට පෙනෙද්දි මගේ හිතට ඇති වුනේ ලොකු සැනසීමක්. ගඟ ලඟ ඉඳන් අපි තුන් දෙනා පැයක් විතර කතා කර කර උන්නා. ටික වෙලාවකින් මෙලී මං ලඟ වාඩි වෙලා මට තුරුල් වුනාම මම නිහඬවම බිම බලාගෙන උන්නා.
මම හෙමින් සැරේ ඔලුව උස්සලා මීෂා දිහා බලද්දි එයා තනියම ගඟේ ඈත කෙලවර දිහා බලාගෙන උන්නා. ඒ විදිහට ගත වුන විනාඩි කීපය මට දැනුනේ කල්පයක් වගේ. මම ගොඩාක් වෙලා මීෂා දිහා බලාගෙන උන්නත් එයා එක පාරක්වත් අපි දිහා හැරිලාවත් බැලුවෙ නෑ.
“අපි කන්නේ නැද්ද ? මට බඩගිනියි.”
මම එහෙම ඇහුවෙ මෙලී මං ලඟින් අයින් වෙනකන් බලාගෙන ඉඳලා බැරිම තැනයි. මම එහෙම කියද්දි මීෂා මං දිහා හැරිලා බලලා නැගිටලා කෑම කූඩය ඇරියා. මෙලී මගෙන් අයින් වෙන ගමන් මං දිහා බැලුවෙ ලොකු තරහකින් වගේ. මම මීෂා දිහා බලාගෙන උන්න බව මෙලී දැක්කාවත්ද ?
“ඇයි ඔහොම බලන්නේ.......?” මම හෙමින් ඇහුවා. එතකොටම මීෂා අපි දිහා හැරිලා බලපු නිසා මෙලී මට කියන්න හදපු දේ නොකියා පැත්තකට වුනා.
මීෂා කෑම බෙදනකල් මෙලීයි මායි වාඩි වෙලා උන්නා. මීෂා තනියම වැඩ කරන එක ගැන මගේ හිතේ කැමැත්තක් ඇති වුනේ නෑ. මෙලී මීෂාට උදව් කරයි කියලා මම බලාගෙන උන්නත් මෙලීට ඒ ගැන වගක්වත් නොතිබුන නිසා මම නැගිට්ටේ මීෂාට උදව් කරන්න හිතාගෙන.
“කොහේද යන්නේ...?” මෙලී එක පාරටම මගේ අතින් අල්ලලා නවත්තගෙන ඇහුවා.
“මීෂාට උදව් කරන්න.....”
“ඔයා ඉන්න......... මම යන්නම්.” මෙලී තරහෙන් වගේ එහෙම කියලා නැගිට්ටා.
“හ්ම්....” මෙලී මීෂා ලඟට යද්දි මම ආයෙත් වාඩි වුනා.
“මීෂා.... ෂේන්ට පිපිඤ්ඤා බෙදුවේ ඇයි ? ඔයා දන්නේ නැද්ද එයා පිපිඤ්ඤා කන්නේ නෑ.........” මෙලී කිව්වා.
“නෑ... මෙලී... ෂේන් පිපිඤ්ඤා කනවා.....”
“ආ.... මීෂා...., මෙලී කිව්වා හරි. මම පිපිඤ්ඤා කන්නේ නෑ....” මම ඒ දෙන්නගේ කතාව අහන් ඉඳලා කිව්වා.
“ඒත්.... ඔයා අද උදේ පිපිඤ්ඤා සේරම කෑවනේ......” මීෂා පුදුම වෙලා කිව්වා.
“මොනවා.... ඔයා මට පිපිඤ්ඤාත් කැව්වද.....?”
මම හිනා වෙවී පුදුමෙන් අහද්දි මීෂා මං දිහා බය වෙලා වගේ බලාගෙන ඉඳලා හෙමින් මෙලී දිහා බලද්දි මට තේරුනා නොකිව යුතු දෙයක් මට කියවුන බව. මම මෙලී දිහා බලද්දි එයාගේ ඇස් තරහින් රතු වෙලා තියෙන හැටි මම දැක්කා. තත්පර දෙක තුනක් යන්නත් කලින් මෙලීගේ ඇස් දෙකේ ම කඳුලු පිරුණා.
“මෙලී......” මම කණගාටුවෙන් කතා කලා.
“ඔයාලා එහෙනම් කෑමත් කවා ගන්නවද....?” මෙලී මං දිහා බලලා එහෙම ඇහුවේ දත්මිටි කන ගමන්.
“නෑ... එහෙම නෑ. මෙතන ඔයා හිතන විදිහේ දෙයක් නෑ....”
“කොහොම දෙයක්ද ? කොහොම දෙයක්ද නැත්තේ ෂේන්....?” මෙලී තරහින් කෑ ගැහුවා.
“ඔයා මීෂාට කොයි තරම් වහ වැටිලද කියනවා නම් එයා පිපිඤ්ඤා කවපු බවවත් ඔයා දන්නේ නෑ.” මෙලී අඬ අඬ කිව්වා.
“මෙලී..... අඬන්නෙපා.... මීෂා කියන්නේ මගේ නංගි. ඔයා ඒක වැරදියට තේරුම් ගන්නේ ඇයි ?”
“ඔය බොරු කතාව මම ඇහුවා හොඳටම ඇති.... මීෂා වහ ටිකක් කැව්වොත් ඔයා ඒකත් ආදරෙන් කයි. බොරුකාරයා. මට දැන්ම ගෙදර යන්න ඕනා......”

Comments
Post a Comment