කුඩම්මාගේ දුව - 09
කුඩම්මාගේ දුව - 09
©උපුටා ගැනීම තහනම්
“මෙලී ඔයා වැරදියට තේරුම් අරන්......” මීෂා බයෙන් වගේ මෙලී දිහා බලන් කියද්දි මෙලී එක පාරටම එයා දිහා හැරිලා බැලුවේ ගොඩක් රෞද්‍ර විදියට.
“තමුසේ කටවහගන්නවා....” මෙලී තරහෙන් කියද්දි මීෂා බය වෙලා මං දිහා බැලුවා.
“හරි.... එහෙනම් දැන් ඔයාට ගෙදර යන්නනේ ඕනා... යමු.... මීෂා ඔය කෑම ටික විසි කරන්න....” මම ගොඩක් තරහින් කිව්වා.
“විසි කරන්නේ ඇයි.......?” මීෂා බයෙන් ඇහුවා.
“මම කිව්වනේ සැරයක්.... විසි කරන්න.”
මම තරහෙන් කෑ ගහද්දි මීෂාගේ ඇස් වලට කඳුළු උනනවා මම දැක්කා. ඇත්තටම මට ඒ වෙලාවේ පොඞ්ඩක්වත් මතක් වුනේ නෑ ඒ කෑම මීෂා අද උදේ මං වෙනුවෙන් ම හදපු කෑම කියලා. මීෂා අඬ අඬ කෑම ටික හලද්දි මට එක පාරට ම මතක් වුනා ඒවා මීෂා අතින් හදපුවා කියලා.
“ඉන්න....” මම මීෂා දිහා බලලා කියද්දිත් එයා සේරම හලලා ඉවරයි.
“සොරි මීෂා....... මට අමතක වුනා ඔයා හදපු කෑම කියලා.......”
“ඒකට කමක් නෑ.....” මීෂා බිම බලාගෙන ම එහෙම කියලා හිස් භාජන සේරම කූඩෙට දාන්න පටන් ගත්තා.
“මීෂා ඔයා තරහා වෙලාද මාත් එක්ක......” මම ඇහුවා.
“නෑ.....” මීෂා මං දිහා නොබලා ම කිව්වා.
“එහෙනම් ඇයි ඔයා අහක බලාගෙන කතා කරන්නේ.....?”
මම කේන්තියෙන් මීෂා ලඟට යන ගමන් ඇහුවා. ඒ වෙලාවේ මට ගොඩක්ම තරහා ගියේ මීෂා එක්ක නෙවෙයි. මම ගැනමයි. ඒත් ඒක තේරුම් නොගත්ත මීෂා තවමත් බිම බලාගෙන අඬනවා.
“මම සමාව ගත්තානේ. ඇයි ඔයා අඬන්නේ.......” මම කෑ ගැහුවා.
“මම තරහා නෑ කියලා කිව්වනේ.... අපි දැන් ගෙදර යමු...” මීෂා මට බයෙන් අඬ අඬා එහෙම කියද්දි මම ඒකට පොඞ්ඩක්වත් කැමති වුනේ නෑ.
“මීෂා ඔයාට මොකද මේ වෙලා තියෙන්නේ ? ඔයා මට බය වෙලාද.....?”
මම කටහf`ඞ් සැර හොඳටම බාල කරලා එහෙම අහලා හෙමීට මීෂාගේ නිකටින් අල්ලලා උස්සද්දි එයා මගේ ඇස් දිහා බැලුවා. එයාගේ ඇස් වල කඳුලු දකිද්දි මගේ හිතට ලොකු වේදනාවක් දැනුනා. ඒ වේදනාව මීට කලින් වෙන කාගෙවත් කඳුලු වෙනුවෙන් මගේ හිතේ ඇති වෙලා නෑ.
“මට සමාවෙන්න....” මම ගොඩක් දුකින් කිව්වා.
“මෙලී ළඟට යන්න....”
මීෂා රහසින් එහෙම කියන ගමන් මගෙන් ඈත් වුනා. මට ඒ වෙද්දි මෙලී ඉන්නවද කියන එකත් අමතක වෙලායි තිබුනේ. මම ඉක්මණට මෙලී දිහා හැරිලා බලද්දි එයා අපි දිහාම බලාගෙන තරහෙන් වෙවුලන හැටි මම දැක්කා.
“මම මෙතන අඬද්දි ඔයා මීෂාව හුරතල් කරනවද ?” මෙලී තරහින් කෑ ගහලා එක පාරටම අපිවත් දාලා වේගෙන් දුවන්න පටන් ගත්තා.
“මෙලී....” මම කතා කලත් එයා නතර වුනේ නෑ.
“ෂේන්.... එයා පස්සෙන් යන්න.” මීෂා බය වෙලා කිව්වා.
“මට බෑ.........” මම කියද්දි මීෂා පුදුමයෙන් මං දිහා බැලුවා.
“ඇයි......?”
“ඔයාව දාලා යන්නේ කොහොමද ? අපි දෙන්නම යමු.”
“ඒත් මට මේ කූඩෙත් අරන් දුවන්න අමාරුයි. ඔයා යන්න...”
“කව්ද කිව්වේ දුවනවා කියලා...?. අපි ඇවිදගෙන යමු.... ඔය කූඬේ මෙහෙට දෙන්න...” මම මීෂාගේ අතින් කූඬේ ගන්න ගමන් කිව්වා.
මායි මීෂායි මල් යාය මැදින් ආපහු ඇවිදගෙන එද්දි මීෂා සැරින් සැරේ මං දිහා බැලුවා.
“මොකද සැරින් මං දිහා බලන්නේ....?” මම බොරු තරහක් පෙන්නලා ඇහුවා.
“මොකුත් නෑ...” මීෂා එහෙම කියලා බිම බලා ගද්දි මට තේරුනා එයා ආයෙත් මට බය වුන බව.
“මීෂා.... ඇයි ඔයා මට ඔහොම බය වෙන්නේ....? මම විහිලුවක්නේ කලේ...” මම නතර වෙලා දුකෙන් ඇහුවා.
“මම බය නෑ...”
“මොකද නැත්තේ... ගඟ ළඟදි මට තරහා ගියාම ඔයා හොඳටම බය වුනා....”
“ඒ තරහා ගියාමනේ.... ඔයාට තරහා යද්දි මට බයයි. මට මතකයි ඔයා පොඩි කාලෙත් හරියට තරහා ගන්නවා. මම ඒ කාලෙත් ඔයාට තරහා යද්දි ගොඩක් බයයි. මං හිතුවා දැන් ඒ දේවල් හරි ගිහින් ඇති කියලා...”
“මොනවා කරන්නද ? ඒ මගේ හැටිනේ. තරහා ගියාම පාලනය කරගන්න අමාරුයි. හැබැයි මට කොයි තරම් තරහා ගියත් මම ඔයාට මොකුත් කරන්නේ නෑ. ඒ නිසා මට තරහා ගියාට ඔයා බය වෙන්න එපා....” මම එහෙම කියද්දි මීෂා පොඩි එකෙක් වගේ ඔලුව වනලා ඒක පිලිගත්තා.
අපි හෙමින් හෙමින් ගෙදර යද්දි කොයි තරම් කාලයක් ගත වුනාද දන්නේ නෑ. ඒ කාලය ඇතුලත සිද්ධ වෙලා තිබුනේ මම හීනෙකින්වත් නොහිතපු දෙයක්. මායි මීෂායි ගෙදර යද්දි මෙලී මගේ කාමරේ මැද්දේ ලේ ගොඩක් මැද වැටිලා උන්නා. එයා ආයෙත් අත කපාගෙන.
මම මෙලීව කාර් එකට දාද්දිත් මෙලීට සිහිය තිබුනේ නෑ. මීෂායි ලුසීයි වගේම මම උන්නෙත් ගොඩක් බය වෙලා.
“ලුසී මීෂාව බලාගන්න. මම ඉක්මණින් එන්නම්.”
මම මෙලීව අරන් යද්දි මීෂා මාව නොපෙනී යනකල්ම පාරට ඇවිත් මං යන දිහා බලාගෙන උන්නා. මෙලීව ඉස්පිරිතාලේ නතර කරපු ගමන් එයාට ලේ දුන්නා. මෙලීගේ අම්මයි තාත්තායි යාලුවොයි ඇවිත් මං දිහා බැලුවෙ හරියට මිනීමරුවෙක් දිහා බලනවා වගේ.
“මගේ ළමයගේ හිත රිදෙන්න තමුසේ මොනවද කලේ...?” මෙලීගේ තාත්තා මාව මරන්න වගේ කේන්තියකින් අහද්දි මටත් තරහා ගියා.
“මම මොකුත් කලේ නෑ. කලින් සැරේ එයා අත කපාගත්තෙත් මගේ වරදකින් නෙවෙයි... මේ සැරෙත් එහෙමයි...”
“මෙලී ඊයේ දවසේම හිතේ අමාරුවෙන් උන්නේ.... තමුන්ගේ ගෙදර කෙල්ලෙක් ඉන්නවා කිව්වා. තමුන් ඊයේ එක පාරක්වත් මෙලීගේ කෝල් ආන්සර් කලේ නෑ කිව්වා.”
“ඊයේ... ඊයේ එයා මට කෝල් ගත්තේ නෑනේ....”
“බලනවා තමුසේ ඒකවත් දන්නේ නෑ...”
මෙලීගේ තාත්තා තරහෙන් කියද්දි මම ෆෝන් එක අරගෙන චෙක් කරන්න ගත්තා. ඊයේ මෙලීගෙන් මිස්ඞ් කෝල් දහ අටක් ඇවිත්. මෙලීගේ තාත්තාගෙන් මිස්ඞ් කෝල් පහයි.
“මම ඊයේ උදේ ගෙදර උන්නේ නෑ. ෆෝන් එක දාලා ගියේ. හවස් වරුවම වත්ත සුද්ධ කලා...”
“ඕවා නිදහසට කරුණුද මනුස්සයෝ...? තමුසේට ඊයේ දවසට එක පාරක්වත් මගේ දුවට කෝල් එකක් ගන්න ඕන කියලා හිතුනේ නැද්ද...?” මෙලීගේ තාත්තා මාව බිත්තියට තද කරගෙන ඇහුවා.
“ඕක නවත්තන්න දෙන්නම...... අතන මගේ ළමයා මැරෙන්න යද්දි මෙයාලා මෙතන නාඩගම් නටනවා.” මෙලීගේ අම්මා කෑ ගහද්දි මෙලීගේ තාත්තා මාව අත ඇරලා පැත්තකට ගියා.
මෙලීගේ අතෙන් ලේ ගලන එක නවත්වන්න දොස්තරලා ගොඩක් මහන්සි වුනා. ලේ ගලන එක නතර කරලා මෙලීගේ ජීවිතේට හානියක් වෙන්නේ නෑ කියලා ස්ථීර වුන ගමන් මම ගෙදර ආවා. මම ආපු ගමන් මීෂා මගෙන් මෙලී ගැන විස්තර අහන්න ගත්තා. මම එනකල් මීෂා කාලා උන්නේ නෑ. මම එයාත් එක්ක ම කෑම කාලා මගේ කාමරයට ගිහින් නා ගත්තා. මම නාලා එලියට එද්දිම මීෂා මගේ කාමරයට ආවා. මම තුවාය විතරක් ඇඳගෙන උන්න නිසා වෙන්න ඇති එයා ලැජ්ජාවෙන් බිම බලාගත්තා.
“ඇයි මීෂා...”
“මෙලීගේ අම්මා කතා කලා. මෙලීට සිහිය ආවාලු. ඔයාගේ ෆෝන් එකට කෝල් ගත්තට ඔයා කතා කලේ නෑ කිව්වා. සිහිය ආව වෙලාවේ ඉඳන් මෙලී ඔයාව අහනවලු. පුලුවන් තරම් ඉක්මණින් එන්න කිව්වා.....”
“හ්ම්...... මම ලෑස්ති වෙලා යන්නම්.”
මම ඇඳුම් ඇඳගෙන සාලෙට එද්දි මට තේරුනා මීෂා ඉන්නේ ලොකු දුකකින් කියලා.
“මීෂා ඔයා හොඳින්ද...?”
“ඔව්....”
මීෂා හිනා වෙලා මට කිව්වා. ඒත් එයාගේ හිනාවට යටින් හැංගුන ලොකු දුකක් තියෙන බව මට තේරුම්ගන්න අමාරු වුනේ නෑ.
“මොකක්ද ප්‍රශ්නේ මීෂා........?”
“මොකුත් නෑ. ඔයා ගිහින් එන්නකෝ.”
“හ්ම්..... ඉක්මණින් එන්නම්. ඔයා පරිස්සමින් ඉන්න....”
මම එලියට යද්දි මීෂාත් මගේ පස්සෙන් ආවා. මම හැරිලා එයාට අත වනලා කාර් එකේ දොර අරිද්දිම.......
“ෂේන්....” මීෂා අඬාගෙන මං ළඟට දුවගෙන ඇවිත් එක පාරටම මාව බදාගත්තා.
“මීෂා......”
මම පුදුමයෙන් එහෙම කියන ගමන් එයාව හෙමින් තුරුලු කර ගත්තා. මීෂා මුල් වතාවටයි මගේ තුරුලට ආවේ. මට ඒ වෙලාවේ මීෂා ගැන ලොකු සෙනෙහසක් ඇති වුනා.
“ඔයා ඇයි අඬන්නේ මීෂා....?” මම ආදරෙන් ඇහුවා.
“යන්න එපා.” මීෂා අඬ අඬා කිව්වා.
“ඇයි යන්න එපා කියන්නේ...?” මම පුදුම වෙලා ඇහුවා.
ඒත් මීෂා කිසිම දෙයක් නොකියා මාව බදාගෙන අඬනවා. මීෂා අඬද්දි මගේ හිතට ලොකු දුකක් වගේම පුදුමයක් දැනුනා.
“මට යන්න එපා කියන්නේ ඇයි ?” මම ආයෙත් ඇහුවා.
මීෂා ටික වෙලාවකින් අඬන එක නවත්තලා කිසිම දෙයක් නොකියා මගේ ඇස් දිහා බලාගෙන උන්නා. හරියට වචනවලින් කියාගන්න බැරි දෙයක් ඇස්වලින් කියන්න හදනවා වගේ. එයාගේ ඒ බැල්ම මගේ හිතේ ඇති කළේ අමුතු හැඟීමක්. මම ගොලුවෙක් වගේ ටික වෙලාවක් මීෂාගේ ඇස් දිහා බලාගෙන උන්නා. ඊට පස්සේ මීෂා එකපාරට ම මගෙන් ඈත් වෙලා ගේ දිහාට යන්න පටන් ගත්තා.
“මීෂා ඇයි මට යන්න එපා කියන්නේ.........?” මම පුදුමයෙන් අහද්දිත් එයා මොකුත් නොකියා ගේ ඇතුලට ගියා.
මම කාර් එකට නැගලා ටික දුරක් යනකල් කල්පනා කලා මීෂා මට යන්න එපා කිව්වේත්, මාව බදාගෙන ඇඬුවේත් ඇයි කියලා....... මම කාර් එක මඟ නතර කරලා කිසිම දෙයක් හිතා ගන්න බැරුව ඔහේ බලාගෙන උන්නේ මෙලී ළඟට යන්නද මීෂා ළඟට යන්නද කියලා තීරණයක් ගන්න බැරුවයි. හෙට මීෂා හොස්ටල් එකට ගියාම එයා ආයෙත් කවදා එයිද.....? මේ සිද්ධ වුන දේවල් නිසා එයා ආපහු නෑවිත්ම ඉඳියිද.....? මෙලී නැති වෙනවට වඩා මගේ හිත බය වුනේ මීෂා නැති වෙනවටයි. ඒ බය හිතට දැනෙනවාත් එක්ක ම මම දෙපාරක් නොහිතා කාර් එක හරවගෙන ආපහු ගෙදර ගියා.
මම මීෂාගේ කාමරය ළඟට යද්දි කාමරේ දොර ඇරලා තිබුනේ. මීෂා ඇඳ උඩ දිගා වෙලා කොට්ටයක් බදාගෙන අඬනවා මම දැක්කා. මම හෙමින් එයාගේ ඇඳ ළඟට ම ගියත් එයා මම ආව බව දැක්කේ නෑ.
“මීෂා.....” මම කතා කරද්දි එයා ගැස්සුනා. එයා පුදුමයෙන් මං දිහා බලන් ඉඳලා එක පාරටම ඇඳෙන් නැගිටලා මාව බදාගත්තා.
“ඔයා ඇත්තටම ආවද...? මං නිසා....?” එයා ඇහුවේ පුදුමයෙන් වගේම සතුටින්.
“ඔව්.... ඔයා හෙට යනවනේ.....”
“නෑ.... මම යන්නේ නෑ..... මට ඔයාත් එක්ක ඉන්න ඕනේ....” මීෂා මට තුරුල් වෙලා ම කිව්වා.
“ඔය ඇත්තමද ?” මම මීෂාගේ උරහිස් දෙකෙන් අල්ලගෙන එයාගේ ඇස් දිහා බලලා පුදුමයෙන් ඇහුවේ එයා කියන දේ අදහාගන්නත් බැරුව.

Comments
Post a Comment