කුඩම්මාගේ දුව - 11
කුඩම්මාගේ දුව - 11
©උපුටා ගැනීම තහනම්
මීෂා උන්නේ බිම බලාගෙන. මීෂාට නොපෙන්නුවාට මම උන්නේ හිත යටින් ගොඩක් කලබල වෙලා. මීෂාට කොල්ලෙක් ඉන්නවා කියලා දැනගත්ත වෙලාවේ ඉඳලා මගේ හිතට දැනුනේ නොසන්සුන්කමක්.
“එයා ලස්සනද ?” මම මීෂාගෙන් අහද්දි එයා මං දිහා බැලුවා.
“ඔව්.... ලස්සනයි....” මීෂා මං දිහා බලාගෙන කිව්වා.
“එයා තමයි මම දැකපු ලස්සන ම කෙනා.... මට එයා වෙනුවෙන් මැරෙන්න වුනත් පුලුවන්....” මීෂා එහෙම කියද්දි මගේ හදවත තව තවත් පෑරෙන්න ගත්තා.
ඊ ළඟ දවසේ මම මීෂාව එක්කගෙන හොස්ටල් එකට ගියා. ගේට්ටුව ළඟදි මීෂා එක පාරටම අඬාගෙන මගේ බෙල්ල බදාගත්තා. මම එයාව තුරුල් කරගද්දි මගේ හදවතට දැනුනේ ඉවසන් ඉන්න පුළුවන් තරමේ වේදනාවක් නම් නෙවෙයි. මට දැනුනේ මීෂාව සදහටම මට නැති වෙන්න යනවා වගේ. මීෂා ඉකි ගගහා අඬනවා. මට ඊටත් වඩා හයියෙන් අඬන්න ඕන වුනා. ඒත් මම ඇඬුවේ නෑ. මගේ හිත අස්සේ මගේ කඳුලු හංගගෙන මගේ වේදනාව මම තනියම දරාගෙන උන්නේ මම පිරිමියෙක් නිසයි.
“ඉතින් ඇයි අඬන්නේ ?” මම මගේ දුක නොපෙන්වා ඉන්න උත්සාහ කරමින් ඇහුවා.
එයා මොකුත් නොකියා ඒ තරම් ඇඬුවේ ඇයි කියන්න මම දන්නේ නෑ. ඒත් එයා මගේ කමිසය තදින් මිරිකගෙන අඬද්දි මට දැනුනා මට වගේම එයාටත් මේ වෙන්වීම දරාගන්න ගොඩක් අමාරු බව.
“මට එයාව ඉක්මණින් හම්බවෙන්න ඕනා කිව්වා කියන්න.” ටික වෙලාවකට පස්සේ මීෂා යන්න හදද්දි මම කිව්වා.
“කාවද ?”
“ඔයාගේ බෝයි ෆ්‍රෙන්ඞ්...”
“ඔහ්.. මම එයාට කියන්නම්....”
“මම එයාව හම්බවෙලා එයා එක්ක කතා කරලා එයා කොයි වගේ කෙනෙක්ද කියලා දැනගන්නකල් ඔයා එයාව හම්බවෙන්නේ නෑ කියලා මට පොරොන්දු වෙන්න....” මම කිව්වා.
“පොරොන්දු වෙනවා.....”
“මේ ටික තියාගන්න ඔයාට ඕන දේවල් ගන්න...” මම මීෂාට සල්ලි මිටියක් දික් කරලා කිව්වා.
“ෂේන්... මට ඔයාගෙන් සල්ලි ගන්න බෑ. ඔයා ඊට වඩා වටින දෙයක් මට දුන්නා. මගේ අම්මා එවන සල්ලි මට හොඳටම ඇති..........”
“මම දන්නවා ඒ සල්ලි හොඳටම මදි කියලා. මේක ගන්න. ප්ලීස්.....”
“මට ඔය සල්ලි අරන් කරන්න දෙයක් නෑ ෂේන්. ඕක ඔයා තියාගන්න. මම දන්නවා ඔය සල්ලි ඔයාටත් කොයි තරම් වටිනවද කියලා. ඔයා දැන් ඉඳන් ම සල්ලි එකතු කරන්න පටන් ගන්න. මෙලීවත් ඔයාට නොලැබිලා තාත්තාත් ඔයාට දේපල නොදුන්නොත් ඔයා ලොකු අමාරුවක වැටෙයි.”
“මම ඉගෙනගෙන ඉවර වෙලා හොඳ රස්සාවක් කරනවා. මට කාගේවත් දේපල ඕන නෑ....”
“ඔයා එහෙම හිතන එක ගැන මට සතුටුයි. ඔයාට මං නිසා දුක් විඳින්න වෙයි කියලා මට බයයි. මට නම් දුක් විඳලා හුරුයි. ඒත් ඔයා පොඩි කාලේ ඉඳන් සැප විඳගෙන හැදුන කොල්ලෙක්. හරියට රාජ කුමාරයෙක් වගේ. ඔයා ආපහු මෙලී ළඟට යන්න. මොනා වුනත් ඔයාගේ පළවෙනි ආදරේ මෙලී... මම යන්නම්.” මීෂා එහෙම කියලා යද්දි මම එයා දිහා බලාගෙන එයා කියපු දේ ගැන කල්පනා කලා.
“පළවෙනි ආදරේ......” මම තනියම කියාගත්තේ මීෂා යන දිහා බලාගෙනමයි.
“සින්ඩරෙල්ලා.....” මම එහෙම කියද්දි මීෂා නතර වුනා.
එයා ආපහු හැරෙයි කියලා මම බලාගෙන උන්නා. ඒත් මීෂා ටික වෙලාවක් එහෙම ම ඉඳලා මං දිහා නොබලා ම යන්න ගියා. මීෂාගේ මූණ තව වතාවක් බලාගන්න බැරි වුන කේන්තියෙන් මම කාර් එකට නැගලා තරහින් එයා යන දිහා බලාගෙන උන්නා. පුංචි පොද වැස්සක් වැටිලා කාර් එකේ වීදුරු තෙමෙද්දි මීෂාගේ රූපයත් ටික ටික බොඳ වෙලා යන්න ගත්තා.
මම ආපහු ගෙදර ආවේ දරාගන්න බැරි පාලුවක් හිතේ දරාගෙනයි. මම හැම වෙලාවෙම කල්පනා කලේ මීෂා ආදරය කරන කෙනා එයාටත් අවංකවම ආදරේ කරනවා ඇත්ද කියලායි. මම සති දෙකක් නොඉවසිල්ලෙන් බලාගෙන උන්නා මීෂා මට කෝල් කරයි කියලා. ඒත් ඒ ගෙවුන සති දෙකටම මීෂා ගැන කිසිම ආරංචියක් මට ලැබුනේ නෑ.
“හලෝ...” මම හොස්ටල් එකේ පාලිකාවට දුරකතන ඇමතුමක් ගත්තා.
“කව්ද මේ ?”
“මම ෂේන්. මීෂාගේ අයියා.... මට මීෂාට කතා කරන්න පුලුවන්ද ?”
“මීෂා ගිය සතියේ මෙහෙන් ගියා.”
“මොනවා. එයා.... එයා කොහෙද ගියේ ?” මට ඇහුන දේ අදහාගන්නත් බැරුව මම ඇහුවා.
“මීෂා එයාගේ තාත්තාට කෝල් කරලා එයාව එක්කගෙන යන්න කිව්වා. එයාගේ තාත්තා ඇවිත් එයාව එක්කගෙන ගියා.”
“එයා ආව ගමන් මට කෝල් කරන්න කියනවද ?”
“එයා ආයෙත් එයි කියලා මම හිතන්නේ නෑ. මීෂාගේ තාත්තා එයාව ඉස්කෝලෙනුත් අස් කරගෙනයි ගියේ.”
“මොනවා.... ඒත් මීෂා කොහොමද......?” මට කියවෙන්න ගිය දේ මම වළක්වා ගත්තා.
‘මීෂා කොහොමද මට නොකියා එහෙම ගියේ ?’ මට දැනගන්න ඕන වුනේ ඒකයි.
“මීෂාගේ තාත්තා ඉන්න තැන ෆෝන් නම්බර් එකක් හරි එඩ්‍රස් එක හරි මට දැනගන්න පුලුවන්ද ?”
“සමාවෙන්න. ඒ කිසිම විස්තරයක් එයා අපිට දීලා නෑ. මීෂාගේ තාත්තාගේ නම මාක් විල්සන් කියලා විතරයි දන්නේ.”
“හොඳයි...... ස්තූතියි.” මම බලාපොරොත්තු කඩවුන වේදනාවෙන් ෆෝන් එක තිබ්බා. දැන් මට ඉතුරු වෙලා තියෙන්නේ එකම එක බලාපොරොත්තුවයි. ඒ ෂෙරිල්.
“ෂෙරිල්.........” රෑ කෑම මේසයට ෂෙරිල් වාඩි වෙද්දි ම මම කතා කලා. ෂෙරිල්ට මම කතා කරනවා ඇහිලා ෂෙරිල්, තාත්තා වගේම ලුසීත් පුදුමයෙන් මං දිහා හැරිලා බැලුවා.
“ඔව් කියන්න......” ෂෙරිල් පුදුමයෙන් ඇහුවා.
“ඔයාගේ කලින් හස්බන්ඞ් ඉන්න තැනක් හරි, එයාගේ ෆෝන් නම්බර් එකක් හරි දන්නවද.....?”
“ඔයා මොකටද ඒ දේවල් හොයන්නේ ?”
“මට එයාත් එක්ක පොඞ්ඩක් කතා කරන්න ඕනා....”
“ඒ මොකටද.....?”
“මේ කාරණාවට ඔයාව අදාල වෙන්නේ නෑ. ඒ නිසා ඔයා එයා ගැන මොනවා හරි විස්තරයක් දන්නවා නම් මට කියන්න. ප්ලීස්..........” මම ගොඩක් කරුණාවන්තව ඉල්ලුවා.
“අද මෙයාට මොනවා වෙලාද ? මං සම්බන්ධ නැත්නම් අනිවාර්යයෙන්ම මීෂා සම්බන්ධව කාරණාවක් වෙන්න ඇති. එහෙම නේද.....?” ෂෙරිල් අහද්දි මම නිරුත්තර වුනා.
“මීෂා හොස්ටල් එකෙන් ගිහින් කියලා ඔයා දන්නවාද....?” මම අහද්දි ෂෙරිලුයි තාත්තායි පුදුමෙන් මූණට මූණ බලාගත්තා.
“මීෂා ගිය සතියේ එයාගේ තාත්තා ළඟට ගිහින්.” මම කිව්වා.
"විල්සන් ළඟට ද ගිහින් තියෙන්නේ ?” ෂෙරිල් පුදුමයෙන් ඇහුවා.
“එහෙම තමයි මීෂා කියලා තියෙන්නේ.... එයා ඉන්න තැනක් ඔයා දන්නවද ?”
“නෑ...... මම දන්නේ නෑ. ඉස්සර උන්නේ මොන්ටානා වල. ‘පර්ල් රේජ්’ බාර් එකේ. ඒත් එයා බාර් එකත් විකුණුවා කියලා මට ආරංචි වුනා. ඒකා මහා බේබද්දෙක්. මට හිතාගන්න බෑ ඇයි මීෂා විල්සන් ළඟට ගියේ කියලා.” ෂෙරිල් පුදුමයෙන් තාත්තා දිහා බලලා කිව්වා.
“ඔයා ඒ ගැන හිතන්නෙපා. දැන් ඔයා මීෂාගෙනුත් නිදහස්නේ. ඒ ගැන හිතලා සතුටු වෙන්න......” තාත්තා එහෙම කියද්දි මට තාත්තා ගැන දරාගන්න බැරි තරමේ තරහක් හිතට ආවා.
“ඒකත් ඇත්ත තමයි.” ෂෙරිලුත් එහෙම කියද්දි මට අදහා ගන්න බැරි වුනා.
“තිරිසන්නු....” මම එහෙම කියලා කෑම පිඟාන හයියෙන් තල්ලු කරලා නැගිටලා ගියා.
“බලන්න ෂෙරිල්. මීෂා ගැන ඔයාටවත් නැති අමාරුවක් ෂේන් ට තියෙන්නේ.”
මම යද්දි තාත්තා එහෙම කියලා හයියෙන් හිනාවෙනවා මට ඇහුනා. මම හැරිලා බලද්දි ලුසී ඇස් වල ක`ඳුලු පුරවගෙන මං දිහා බලාගෙන ඉන්න හැටි මම දැක්කා.
මම හැම සති අන්තයකම කෙවින් එක්ක මොන්ටානා වලට යන්න පටන් ගත්තා. ඒ විදිහට මාස ගාණක් මොන්ටානා වල හැම අස්සක් මුල්ලක් නෑරම මම ‘විල්සන්’ ව හොයන්න ගත්තා. මම මොන ගමන යන්න පාරට බැස්සත් ඒ යන හැම තැනකදිම මගේ ඇස් මීෂාව හෙව්වා. සමහර වෙලාවට මම මීෂා කියලා හිතලා වෙන ගෑණු ළමයින් ට රැවටුන අවස්ථාත් තිබුනා. ඒත් මට මීෂාව නම් ආයෙත් කොහේදිවත් දකින්න ලැබුනේ නෑ. මම මීෂාව හීනෙන් නොදැකපු රැයක් නැති තරම්. ඒත් ඒ හැම හීනයකම මට පෙනුනේ මීෂා මට පිටුපාලා මාව දාලා යන හැටි විතරයි.
මම සමහර දාට මීෂාගේ කාමරේට යනවා. මීෂාගේ කාමරේ ඉතුරු වෙලා තිබුනේ එයාගේ සුවඳයි විතරයි. ටික දවසකින් ඒ සුවඳත් නැත්තට ම නැති වෙලා ගියා. අවුරුදු තුනක් ඒ විදිහට ඉවර වෙද්දි මම වේදනාවත් එක්ක ජීවත් වෙන්න හුරු වුනා. මම තාත්තාගේ ව්‍යාපාර වලට සම්බන්ධ වෙලා ලොකු ව්‍යාපාරිකයෙක් වුනා. කිසිම බලාපොරොත්තුවක් නොතිබුන මගේ හිතේ තිබුන එකම ඉලක්කය ‘සල්ලි’.
ව්‍යාපාර වෙනුවෙන් කැප වෙලා රෑ දවල් නොබලා වැඩ කරලා මම කෙටි කාලයකින් තාත්තාට වඩා සල්ලිකාරයෙක් වුනා. තාත්තාගේ ව්‍යාපාර වලට වගේම එයාගේ හවුල්කාරයන්ට මාව නැතුවම බැරි කෙනෙක් වුනා. මොකද මගේ අලුත් අදහස් නිසා අපේ ව්‍යාපාර වල සීඝ්‍ර වර්ධනයක් ඇති වුනා. මගේ සල්ලි වලින් මම අනාථ නිවාස වලට ආධාර කලා. මගේ හොඳම යාලුවා කෙවින්ට රස්සාවක් දීලා එයාව මගේම සහෝදරයෙක් වගේ මම බලා ගත්තා.
මීෂා ආසා කරපු ගඟ ළඟ තිබුන මල් වතු සේරම මම සල්ලි දීලා අරගත්තා. ඒ වතු වල මල් පිටරට අපනයනය කරලා ලැබුන සල්ලි වලින් මම මල් වත්ත මැද ලොකු ගෙයක් හදන්න පටන් ගත්තා. මීෂා කවදා හරි ආවොත් ඒ ගේ මීෂාගේ නමට ලියනවා කියන බලාපොරොත්තුව මගේ හිතේ තිබුනා. ඒත් එයා ආයෙත් එයිද ? එයා කවදාවත්ම නෑවිත් ඉඳියිද ? ඒ ගැන හිතද්දිත් මගේ හිත වෙවුලලා ගියා.
මෙලී මගෙන් ආදරේ වගේම නිතරම සල්ලිත් ඉල්ලුවා. එයා සල්ලි ඉල්ලද්දි මම කවදාවත් එයාට ‘බෑ’ කිව්වේ නෑ. මොකද එයා මගෙන් ඉල්ලපු දේවල් වලින් මට ‘බෑ’ නොකියා දෙන්න පුලුවන් වුන එකම දේ සල්ලි විතරයි.
“ෂේන්....” දවසක් මම ඔෆිස් එකේ ඉද්දි තාත්තා ඇවිත් මට කතා කලා.
“ඇයි..” තාත්තාගේ මූණේ තිබුන කුතුහලය දැකලා මාත් පුදුමෙන් ඇහුවා.
“ලුසී කෝල් කලා....”
“ඉතින් ?”
“මීෂා ගෙදර ආවාලු. ඔයා මේ ගැන මොනවා හරි........”
“මොකක්.” මම උන්න තැනින් එක පාරට නැගිටලා ඇහුවේ තාත්තා කිය කිය උන්න දේ සම්පූර්ණ කරන්නත් කලින්.
“ඔයා මේ ගැන දැනගෙන උන්නේ නැද්ද ?”
“නෑ... නෑ...........” මම එහෙම කියද්දිත් මගේ තොල් වෙවුලනවා මට දැනුනා.
“හ්ම්...”
“මම ගිහින් බලන්නම්.........”
“එපා... වැඩ දාලා යන්න එපා. රෑට ගෙදර ගියාම එයත් එක්ක කතා කරන්න පුලුවන්නේ...” තාත්තා එහෙම කියද්දිත් මම ඔෆිස් එකේ දොර ඇරලා එලියට ගිහින් ඉවරයි.
මම වේගයෙන් කාර් එක එලවගෙන ගෙදරට ගියා. මම කාර් එකෙන් බැහැලා යද්දිම ලුසී ආසාවෙන් මං ළඟට ආවා.
“මීෂා ආවා....” ලුසී හිනා වෙවී කිව්වා.
“එයා කෝ ?” මම කලබලෙන් ඇහුවා.
“එයාගේ කාමරේ ඉන්නවා.... මම ජෙරමිවයි ඬේවිඞ්වයි දම්මලා එයාගේ කාමරේ අස් කරවලා දුන්නා.......” ලුසී ඒ කිව්වේ අපේ ගෙදර උන්න අලුත් වැඩකාරයෝ දෙන්නා ගැනයි.
“හ්ම්... මම ගිහින් බලන්නම්.......”

Comments
Post a Comment