කුඩම්මාගේ දුව 12
කුඩම්මාගේ දුව 12
©උපුටා ගැනීම තහනම්
මම ගැහෙන හදවතින් පඩිපෙල නැගලා මීෂාගේ කාමරේ ළඟට ගියා. මම හිතාගෙන උන්නේ ගිය ගමන් මීෂාට කතා කරලා එයා දොර ඇරිය ගමන් එයාව බදාගන්නවා කියලා. ඒත්...., මම ටික වෙලාවක් නිහඬවම එයාගේ දොර ළඟම හිටගෙන උන්නා. හරියට නන්නාඳුනන අමුත්තෙක් වගේ. ඊට පස්සේ මම හෙමින් එයාගේ දොරට තට්ටු කලා.
“කව්ද ?” මීෂා අහද්දි මගේ පපුව තවත් හයියෙන් ගැහුනා.
“මේ මම.......”
“මම කිව්වේ ?” මීෂා එහෙම අහද්දි මම පුදුම වුනා. මගේ කටහඬ වෙනස් වෙලාද ? මම කල්පනා කලා.
“මම ෂේන්.......” මම එහෙම කිව්වම ඇති වුනේ ලොකු නිහඬ බවක්. තත්පර කීපයක් බලාගෙන උන්නත් මීෂා නිහඬ නිසා මම ආයෙත් කතා කලා.
“මීෂා.....” මම ආයෙත් දොරට තට්ටු කලා.
“මම ඇඳුම් මාරු කරනවා. තව ටිකකින් මම පහලට එන්නම්.” මීෂා කිව්වා.
“හොඳයි.... මම සාලෙන් ඉන්නම්.” මම මගේ හිත සන්සුන් කරගන්න උත්සාහ කරන ගමන් කිව්වා.
මම සාලෙට වෙලා මීෂා එනකල් බලාගෙන උන්නා. විනාඩි පහක් ගෙවුනා. විනාඩි පහලවක් ගෙවුනා. පැය බාගයකුත් ඒ විදිහට ගෙවෙද්දි මම තරහින් නැගිට්ටා.
“මීෂා දැන්ම එලියට එන්න.” මම මීෂාගේ දොරට අතින් ගහලා කෑ ගැහුවා. ඒත් එයා නිශ්ශබ්දයි.
“ඔයා එනවද ? මම ඇතුලට එන්නද ?” තවමත් මීෂා නිහඬයි.
“මීෂා මම දහයට ගණන් කරලා දොර කඩනවා. ඔයා දන්නවා මම එහෙම කරන බව.”
ඒත් මීෂා කතා කළේ නෑ.
“ඒකත් එහෙමද ? එකයි..... දෙකයි.... තුනයි... හතරයි.....” මම ගණන් කරන්න පටන් ගත්තා.
“අටයි...... නවයයි......” මම නවයට ගණන් කරද්දිම දොරේ අගුල ඇරුනා.
හෙමින් ඇරෙන දොරෙන් මතුවෙන මීෂාගේ රූපේ දිහා මම ගල් ගැහිලා බලාගෙන උන්නා. එයා ගොඩක් ලොකු වෙලා තවත් ලස්සන වෙලා කියලා මට හිතුනා. ඒත් එයා උන්නේ බිම බලාගෙන. ඒ නිසා එයාගේ මූණ මට හරියට පෙනුනේ නෑ.
“මීෂා... මං දිහා බලන්න.” මම ආදරෙන් කිව්වා.
“ඇයි දොර අරින්න කිව්වේ ?” මීෂා මං දිහා නොබලා ම එහෙම අහද්දි මට පුදුම හිතුනා.
“අවුරුදු තුනකට පස්සේ ඔයා ගෙදර ආවේ. ඔයාට මගෙන් අහන්න තිබුනේ ඔය ප්‍රශ්නේ විතරමද ?” මම කලකිරීමෙන් ඇහුවා
“මට වැඩ වගයක් තියෙනවා......”
මීෂා මාව ගණන් නොගෙන එහෙම කියද්දි මම තරහෙන් එයාව එලියට ඇදලා අරගෙන බිත්තියට තද කරගත්තා. එතකොටම එයා පුරුදු විදිහටම එයාගේ ලස්සන ඇස් වලින් බය වෙලා මං දිහා බැලුවා. ඒ බැල්මට මගේ තරහා නිවුනා වගේම මගේ මූණ දැක්කම එයාගේ මූණේ ඉරියව්වත් වෙනස් වුනා. ටික වෙලාවක් යනකල් මීෂා පුදුම වෙලා වගේ මගේ මූණ දිහා බලාගෙන උන්නා. මීෂා එහෙම බලන් ඉද්දි මම එයාව අල්ලගෙන උන්න අත් මටත් නොදැනිම ලිහිල් වුනා. මීෂා එකපාරටම මගෙන් මිදිලා කාමරයට ගිහින් ‘දඩාස්’ ගාලා දොර වහගත්තා.
මම තරහින් මගේ කාමරයට ගිහින් මීෂාගේ මේ වෙනස ගැන කල්පනා කර කර නොසන්සුන් හිතින් කාමරේ එහා මෙහා ඇවිද්දා. එයා මට මූණ නොදී ඉන්නේ එයා මගෙන් මොනවා හරි හංගන නිසාවත්ද ? පහුගිය අවුරුදු තුනේ එයා මොන වගේ ජීවිතයක් ගෙවන්න ඇද්ද ?
රෑ කෑම කන්න මීෂා ආවේ නෑ. එයාගේ කෑම එක ලුසී කාමරයට අරන් ගියා. මම තරහින් කෑම කටවල් දෙක තුනක් කාලා මගේ කාමරයට ගියා. මම පහුවදා පාන්දර ම නැගිටලා වෙනදටත් වඩා කලින් ඔෆිස් ගියේ මීෂා එක්ක තිබුන තරහටයි. ඒත් මම ගෙදර නැති වුනා කියලා එයාට නම් ගාණක්වත් නැතුව ඇති. මම ඔෆිස් එකේ ඉඳගෙනත් කල්පනා කලේ මීෂා ගැන. ඔෆිස් එකේ වැඩ ගොඩක් මග හැරුනත් මට ඒ දේවල් කරන්න කිසිම ඕනකමක් දැනුනේ නෑ. එදා මම කිසිම දෙයක් කෑවේ නෑ. හවස් වෙද්දි දැනුන ලොකු බඩගින්නයි හිතේ තිබුන නොසන්සුන්කමයි එක්ක මම ගෙදර ආවා. මම කාර් එක ගේට්ටුවෙන් හරවනකොටම දැක්කා මීෂා මල් වලට වතුර දානවා. ඒත් මම එනවා දකිද්දිම එයා වතුර බටේ අත ඇරලා හදිස්සියෙන් ගේ ඇතුලට ගියා. මම ගේ ඇතුලට යද්දි මීෂා එයාගේ කාමරයට ගිහින් දොර වහගෙනත් ඉවරයි.
“ලුසී......” මම තරහෙන් කෑ ගැහුවා.
“ඇයි ෂේන් ?” ලුසී පුදුමයෙන් ඇහුවා.
“අරයාට මොනවා වෙලාද ?”
“මීෂාටද ?”
“ඔව්... එයා මාව මග අරිනවා. එයා ඔයා එක්ක හොඳට කතා කරනවද ?”
“ඔව් ෂේන්. ඒත් එයා මොකක් හරි ලොකු දුකකින් ඉන්නවා වගේ. ඒ නිසා එයා තනියෙන් ඉන්න උත්සාහ කරනවා වෙන්න පුලුවන්.”
“දුකක් තියෙනවා නම් තනියෙන් ඉඳලා හරි යනවද ? ඇයි මේ මම ඉන්නේ එහෙනම් මොකටද ?”
“සමහර කාරණා තියෙනවා, කාට කිව්වත් අපි වැඩිපුරම ආදරේ කරන කෙනාට කියන්න බැරි.....”
“එයා මට ආදරේ නෑ ලුසී. එයා මාව අඳුරන්නේවත් නැති ගාණටයි හැසිරෙන්නේ.”
“එයාට ටිකක් කල් දෙන්න. හරි වෙලාව ආවහම එයා ආයෙත් ඉස්සර වගේ ඔයත් එක්ක ඉඳියි.”
“මොකක්ද හරි වෙලාව ?” මම පුදුමයෙන් එහෙම අහද්දි ලුසී කලබල වුනා.
“ඔයා මීෂා ගැන මොනවා හරි දෙයක් දන්නවා නේද ?” මම ආයෙත් අහද්දි ලුසී බයෙන් මං දිහා බලාගෙන උන්නා.
“ලුසී.... මට කියන්න. ප්ලීස්.”
“මම මොකුත් දන්නේ නෑ. ඔයාට දැනගන්න දෙයක් තියෙනවා නම් ඒක මීෂා ඔයාට කියයි.” ලුසී කිව්වා.
“කියයි... කියයි....” මම තරහෙන් එහෙම කියලා වේගයෙන් පඩිපෙල නැගලා ගිහින් මීෂාගේ කාමරය ළඟ නැවතුනා.
“මීෂා දොර අරින්න....” මම කතා කලා.
“මට ඉන්න දෙන්න ෂේන්.....” මීෂා කිව්වා.
“දොර අරින්න. නැත්තම් දොර කඩනවා.”
“මේ ඔයාගේ අම්මාගේ ගේ. ඔයාට බෑ ඔයාගේ අම්මාගේ දේවල් කඩන්න.” මීෂා එහෙම කියද්දි මම පැකිලුනා.
“හොඳයි. ඔයා කොයි වෙලාවේ හරි එලියට එයිනේ.” මම තරහින් එහෙම කියලා මගේ කාමරයට ගියා.
එදා රෑත් මීෂා කෑම කන්න එලියට ආවේ නෑ. මම කෑම කාලා ඬේවිඞ් හම්බෙලා කාටත් හොරෙන් එයාට දෙයක් කිව්වා. පහුවදා පාන්දර මම ඔෆිස් නොයා කාමරේ ඉද්දි ඬේවිඞ් මම යන විදිහට කාර් එක එලවගෙන ගියා. තව පොඞ්ඩකින් මීෂා කාමරෙන් එලියට එයි මම ගෙදර නෑ කියලා හිතාගෙන. මම ඇඳුම් ගලවලා ඇඳ උඩට දාලා නාන කාමරයට ගිහින් නා ගත්තා. නාලා ඉවර වෙලා ඇවිත් කලිසමක් ඇඳ ගද්දිම මගේ කාමරයේ දොරට එහා පැත්තෙන් කවුරු හරි ඇවිත් නතර වුන බව මට ඇහුනා. දොරට යටින් එයාගේ හෙවණැල්ල ලාවට පේනවා. ඒ මීෂාද ? කවුරු වුනත් එයා හෙමින් මගේ දොර අගුල කරකවද්දි මම ඉක්මණට මගේ ඇඳ යටට රිංගුවා.
එලියේ උන්න කෙනා ඇතුලට ඇවිත් දොර වැහුවා. මම ඇඳ යට ඉඳන් බලාගෙන උන්නා එයාගේ කකුල් දෙක දිහා. මම හිතුවා හරි. ඒ මීෂා තමයි. විලුඹ ළඟට ම දිග ගවුමයි එයා කාමරයට එද්දි මට දැනුන සුවඳයි ඒ ආවේ මීෂාමයි කියලා මට ඔප්පු කළා. මීෂා ඇවිත් මගේ ඇඳ උඩ වාඩි වුනා. එයා මොනවා කරනවා ඇද්ද ? මට ඒක දැනගන්න විදිහක් තිබුනේ නෑ. ඉස්සර එයා මම නිදාගෙන ඉද්දි මගේ ඔලුව අත ගාපු හැටි මට මතක් වුනා. එක පාරටම මගේ මතක ලෝකය බිඳුනේ මීෂාගේ ඉකිබිඳුම් හඬ ඇහෙනකොටයි. මීෂා හොඳටම අඬනවා. ඒත් ඇයි ?
ටික වෙලාවකින් මීෂා යන්න ගියා. ඒත් මම තවත් ටික වෙලාවක් ඇඳ යටට ම වෙලා ඔහේ බලාගෙන උන්නා. මීෂාව නම් තේරුම් ගන්න හරි අමාරුයි. එයා මම නෑ කියලා හිතාගෙන මගේ කාමරේට ආවේ තවමත් හදවතින් එයා මට සමීප නිසයි. මොකක් හරි හේතුවක් නිසා එයා ඕනකමින් මාව මග ඇරියත් එයාගේ හිත යටින් එයා මං ළඟට වෙලා ඉන්න ආසා කරන බව මට තේරුනා. එයා මගේ කාමරේට එද්දි මමත් කාමරේ උන්න බව දැනගත්තොත් මීෂාට මොනවා හිතෙයිද ? එයාට ගොඩක් ලැජ්ජා හිතෙයි. මම ගෙදර ඉන්න බව දන්නේ ඬේවිඞ් විතරයි. ඒ නිසා මුලු දවසම මම කාමරේට වෙලා උන්නා. බඩගිනි වෙද්දි මට කන්න වුනේ කාමරේ තිබුන පොඩි ෆ්‍රිජ් එකේ තිබ්බ චොකලට් විතරයි. කුස්සියට ගිහින් හොඳට බඩ පිරෙන්න කන්න හිතුනත්, මම ගෙදර ඉන්න බව ලුසී දැනගනියි කියන බයට මම කාමරේ ඇතුලටම වෙලා උන්නා.
මීෂා හවස මල් පැල වලට වතුර දාද්දි මම චොකලට් එකක් කන ගමන් ජනෙල් රෙද්දේ පොඩි හිඩැසකින් එයා දිහා බලාගෙන උන්නා. එයාගේ පෙනුමට හිත ඇදිලා යනවා. එයාගේ අහිංසකකමට ඊටත් වඩා හිත යනවා. මෙලීත් මීෂා වගේ වුනා නම් මම මෙලීට කොයි තරම් ආදරේ කරයිද ?
මීෂා දිහා බලාගෙන ඉද්දි එක පාරටම මගේ හිතට අදහසක් ආවා. මීෂා මල් වලට වතුර දාන නිසා දැන්ම උඩට එන එකක් නෑ කියලා මට විශ්වාසයි. මම හෙමින් සැරේ මගේ කාමරේ දොර ඇරලා එලියේ කවුරුත් ඉන්නවාද කියලා බැලුවා. කවුරුත් පේන්න නෑ. මම ඉක්මණින් මීෂාගේ කාමරයට ගිහින් දොර වහ ගත්තා. මුලු කාමරේ පුරාම මීෂාගේ සුවඳ විහිදිලා.
“මීෂා මොනවා ගානවද දන්නේ නෑ මෙච්චර සුවඳ වෙන්න.” මම තනියම කියාගෙන එයාගේ කණ්නාඩි මේසේ උඩ තියෙන බෝතල් තුන අතට අරගෙන බැලුවා. එතන තිබුනේ ඇඟට ගාන ක්‍රීම් එකයි, සුවඳ විලවුන් බෝතලයයි, කොණ්ඩෙට ගාන තෙලුයි විතරයි.
“ඔයා කොච්චර අහිංසකද....? මෙලීගේ කාමරේ නම් මේ වගේ බෝතල් ජාති දුසිමක් විතර තියෙනවා.” මට හිතුනා.
“හැබැයි එයා ළඟ නම් මෙච්චර සුවඳ නෑ.” මම ආයෙත් හිතුවා.
මම බෝතල් තුන තිබුන විදිහටම ආපහු තියලා කණ්නාඩි මේසයේ උඩ ලාච්චුව ඇරියා. ලාච්චුව අරිද්දම එක පාරටම මම දැකපු දෙයින් පුදුම වුනා. ඒකේ තිබුනේ මගේ අම්මයි මායි එකට ඉඳලා ගත්ත ෆොටෝ එකක්. මම ෆොටෝ එක අතට අරගෙන බැලුවා. මීෂාට කොහෙන්ද මේ ෆොටෝ එක..? මම පුදුම වුනා. එයා අපි කාටත් හොරෙන් මගේ අම්මාගේ කාමරේට ගිහින් වගේ. මම ෆොටෝ එක තිබුන විදිහටම තියලා දෙවෙනි ලාච්චුව ඇරියා. ඒකේ උඩින්ම තිබුනේ මීෂාගේ දිනපොත.
මම ටික වෙලාවක් මීෂාගේ දිනපොත දිහා බලන් උන්නා. මගේ පපුවේ ගැස්ම ටිකක් වැඩි වෙලා කියලා මට තේරුනා. වෙන කෙනෙක්ගේ දිනපොතක් බලනවා කියන එක සදාචාරාත්මක දෙයක් නෙවෙයි. ඒත් මීෂා මට හංගන රහස් මේ පොතේ ඇති කියලා මම දැනගෙන උන්නා. මම ටික වෙලාවකින් මීෂාගේ දිනපොත අතට ගත්තා. මුල් පිටු දෙක තුන හිස්. ඒත් ඊට පස්සේ මීෂාගේ ලස්සන අකුරු මම දැක්කා.
#ජනවාරි 8
--අලුත් අවුරුද්ද නිසා බාර් එකේ සෙනඟ වැඩියි. පහුගිය සතියෙම එක දිගට වැඩ කරලා ගොඩක් මහන්සියි. ඊයේ විද්‍යාව පීරියඞ් එකේ නිදා වැටුනා කියලා සර් මට බැන්නා. පන්තියේ සමහර ළමයි මං ගැන දුක් වුනා. සමහර අය හිනා වුනා. --
#ජනවාරි 9
--අද බාර් එකේ සෙනග අඩුයි. බාර් එකේ සෙනඟ එකපාරටම අඩු වුනේ මම හරියට වැඩ නොකරපු නිසා කියලා තාත්තා මට හොඳටම බැන්නා. මගේ රෑ කෑම එක මගේ ඉස්සරහම බල්ලාට දැම්මා. මට අද ඔයාව ගොඩක් මතක් වෙනවා. ඔයා මං ළඟ උන්නා නම් මට මෙහෙම බඩගින්නේ ඉන්න වෙන්නේ නෑ.--
මගේ ඇස් වලට කඳුලු ඉනුවේ මටත් නොදැනිමයි. මීෂා කොයි තරම් දුක් විඳලද ? එයා ආදරේ කරපු කෙනාත් එයාව දාලා ගිහින්ද ? මම ඊ ළඟ පිටුව පෙරලුවා.
#ජනවාරි 10
--එක වෙලාවකට හිතෙනවා හැම දේම දමලා ගහලා ඔයා ළඟට එන්න. ඒත් ආයෙත් මට මතක් වෙනවා මගේ තත්වය මොකක්ද කියලා.--
ඊ ළඟට තිබුන පිටු ගොඩක් හිස්.

Comments
Post a Comment