කුඩම්මාගේ දුව 13
කුඩම්මාගේ දුව 13
©උපුටා ගැනීම තහනම්
#පෙබරවාරි 14
--අද ආදරවන්තයින්ගේ දවස නිසා ආදරේ කරන අය වෙනුවෙන් බාර් එකේ ලොකු උත්සවයක් තිබුනා. ගෑණු ළමයි ලස්සන ඇඳුම් ඇඳගෙන එයාලා ආදරේ කරන අය එක්ක ගොඩක් සතුටින් ඉන්න හැටි දකිද්දි මට දුක හිතුනා.--
#පෙබරවාරි 15
--ඊයේ රෑ එලි වෙනකල් ඩීන් මගේ දොරට තට්ටු කර කර මට කතා කලා. එයා හොඳටම බීලා උන්නේ. මම ගොඩක් බයෙන් උන්නේ එයා දොර කඩාගෙන ඇතුලට එයි කියලා. තාත්තාත් බීලා උන්න නිසා එයා හොඳටම නිදි ඇති. මම තනියම අඬ අඬ උන්නා. ඔයා උන්නා නම් ඩීන්ගේ දත් කැඩෙන්න ගහයි.--
#පෙබරවාරි 18
--ඊයේ රෑ ඩීන් ඇවිත් මගෙන් සමාව ඉල්ලුවා. එයා මට ඇත්තටම ආදරේ කරන බව මම දන්නවා. මට එයා ගැන දුකත් හිතුනා.--
#මාර්තු 1
--අද කෙවින් ආවා. එයා එද්දි තාත්තා මට බැන බැන උන්නේ. කෙවින් තාත්තාට හොඳටම බැන්නා. එයාත් එක්ක යන්න එන්න කියලා කෙවින් අදත් ගොඩාක් බැගෑපත් වුනා. ඒත් මම අදත් වෙනදා වගේම ඒක ප්‍රතික්ෂේප කලා.--
“කෙවින් ?” මම පුදුම වුනා. මගේ යාලුවා කෙවින් ගැනද මේ කියන්නේ ? නෑ වෙන්න බෑ.
#මාර්තු 2
--කෙවින් අදත් එනවා කියලා කිව්ව නිසා මම බලාගෙන උන්නා. ඒත් එයා ආවේ නෑ. ගොඩක් දුර නිසා එයාට එන්න අමාරු ඇති.--
#මාර්තු 3
--අදත් කෙවින් එයි කියලා බලාගෙන උන්නට ආවේ නෑ.--
#මාර්තු 4
--කෙවින් අදත් ආවේ නෑ. --
#මාර්තු 5
--අදත් කෙවින් ආවේ නෑ. --
එක පාරටම මගේ හිතට ඇති වුනේ ලොකු සැකයක්. මීෂා ආදරේ කරන්නේ මගේ යාලුවාටවත් ද ? මම ඒ ගැන හිතද්දි ම මට ඇහුනා කවුරු හරි තරප්පු පේලිය නැගගෙන උඩට එන සද්දේ. මම ඉක්මණට දිනපොත ලාච්චුවට දාලා වැහුවා. දැන් මම එලියට ගියොත් මාව අහුවෙන බව දන්න නිසා ඉක්මණට මීෂාගේ ඇඳ යටට රිංග ගත්තා. එතකොටම මීෂා දොර ඇරගෙන ඇතුලට ආවා. ඇඳ දෙපැත්තෙන් වැක්කෙරෙන්න දාලා තිබ්බ දුහුල් ඇතිරිල්ල අස්සෙන් මට කණ්නාඩි මේසය පේනවා. කණ්නාඩි මේසයේ වීදුරුවෙන් මට මීෂාගේ ඡායාව පේනවා. එයා කණ්නාඩි මේසයේ යටම ලාච්චුවෙන් එයාගේ ෆෝන් එක එලියට අරගත්තා.
“ෂිහ්....... ෆෝන් එක බලාගන්න බැරි වුනානේ. ෆෝන් එක බැලුවා නම් එයාගේ කොල්ලා කවුද කියලා හරියටම දැනගන්න තිබ්බා.”
“හෙලෝ... ඔයා කෝල් එකක් අරන් නේද ? ඔව්. මම පොඩි වැඩක උන්නේ. ඔව් ගෙදර. ඔව් තෑන්ක්ස්. ඕ කේ බායි.”
මීෂා කතා කරලා ෆෝන් එක තිබ්බා. එයා කතා කලේ එයාගේ කොල්ලාට වෙන්න ඇති. මම ඇඳ යටට වෙලා මීෂා යනකල් සද්ද නොකර උන්නා. ඒත් මීෂා කාමරෙන් එලියට යන පාටක් නෑ. පැයක් විතර ගත වෙද්දි මීෂාට තව කෝල් එකක් ආවා.
“කියන්න..... හා මම ලෑස්ති වෙන්නම්.”
මීෂා එහෙම කියලා ෆෝන් එක තිබ්බා. එයා ලෑස්ති වෙන්නම් කිව්වේ කොහේ යන්නද ? කාත් එක්කද ? මම කල්පනා කලා. මීෂා ෆෝන් එක කණ්නාඩි මේසය උඩින් තියලා එයාගේ ගවුමේ පටියක් ගැලෙව්වා. මීෂා ඇඳුම් ගලවන්න යන බව මට තේරෙද්දි එක පාරටම මගේ පපුව තදින් ගැහෙන්න ගත්තා. මම මීෂාව මට නොපෙනෙන්න හෙමින් ඔලුව අනිත් පැත්ත හරවා ගත්තා.
ටික වෙලාවකින් නාන කාමරයේ දොර ඇරලා වහන සද්දේ ඇහුනා ම මට තේරුනා මීෂා නාන කාමරයට ගිය බව. මම ඉක්මණින් ඇඳ යටින් එලියට ඇවිත් මීෂාගේ ෆෝන් එක අතට ගත්තා.
“ෂිහ්...... පාස්වර්ඞ් දාලානේ...”
මම තරහින් ෆෝන් එක කණ්නාඩි මේසය උඩින් තියලා දොර ඇරගෙන එලියට ගියා. මම එලියට එද්දිම සිද්ධ වුනේ හිතන්නත් බැරි දෙයක්. තාත්තා මගේ කාමරේ ළඟ හිටගෙන මගේ කාමරේ දොරට තට්ටු කරනවා. මම මීෂාගේ කාමරෙන් එලියට එනවා දැකලා තාත්තා ඇස් ලොකු කරගෙන මං දිහා බලාගෙන උන්නා.
“ඇයි ඔෆිස් ආවේ නැත්තේ ? මම ඔයාට කී පාරක් නම් කෝල් කලාද ?” තාත්තා මං ළඟට ඇවිත් මීෂාගේ කාමරය දිහා සැරින් සැරේ බලන ගමන් ඇහුවා.
“ආ... මේ..... පොඞ්ඩක් ඔලුව රිදෙනවා.”
“එහෙමද ? අමාරුද ?” තාත්තා ආයෙත් මීෂාගේ කාමරේ පුරා ඇහැ යනව ගමන් ඇහුවා.
“නෑ දැන් අඩුයි”
“මීෂා කොහෙද ?”
“එයා..... නානවා....”
“නානවා ?”
“ඔව්... ඇයි අමුතු විදිහකට කතා කරන්නේ ?” මම එහෙම ඇහුවේ තරහින්.
“අමුතු වෙලා තියෙන්නේ මම නෙවෙයි. ඔයා......”
තාත්තා තරහෙන් එහෙම කියලා යන්න ගියා. තාත්තා මං ගැන වරදවා හිතුව බව මට දැනුනත් ඒ වරද හරිගස්සන්න උවමනාවක් මට තිබුනේ නෑ. මම කාමරයට ගිහින් දොර අගුළු දාගෙන ඇඳට වැටිලා කල්පනා කලා. එහෙම ටික වෙලාවක් ඉද්දි මටත් නොදැනිම නින්ද ගියා. මම ඇහැරෙද්දි කලුවර වැටීගෙන එනවා. මම එක පාරටම නැගිට්ටා. මීෂා කොහේ හරි යන්න උන්න බව මතක් වෙලා මම ඉක්මණට මීෂාගේ කාමරය ළඟට ගියා.
“මීෂා..... මීෂා.............” මම දෙතුන් සැරයක්ම කතා කලත් උත්තරයක් ලැබුනේ නෑ.
“මීෂා........” මම සාලෙට ගිහින් කතා කලා.
“එයා කොහෙද ගියා.....” තාත්තා එයා බල බල උන්න පත්තරය දිහා බලාගෙනම කිව්වා.
“කොහෙද ?”
“දන්නේ නෑ. කලු පාට කාර් එකක් ආවා. එයා ඒකේ නැගලා ගියා.”
“ඇයි යන්න දුන්නේ....?” මම තරහින් කෑ ගැහුවා.
“මොකක්ද ඒ කතාවේ තේරුම..? එයාගේ කැමැත්තෙන් යන ගමන් මම මොකටද නවත්තන්නේ ?” තාත්තා පත්තරය පැත්තකින් තියන ගමන් කිව්වා.
“එයා නැති වෙලා ඉඳලා හම්බුනා විතරයි. දැන්වත් එයාව හොඳින් බලාගන්න තාත්තේ. ප්ලීස්.... ඇයි මනුස්සයෙක් වගේ හිතන්න බැරි ? එයාට ඕන කරන ආදරේ මේ ගෙදරින් ලැබෙනවා නම් එයා ඔහොම යන්නේ නෑ. මීෂා එයාගේ ජීවිතේ නාස්ති කරගනියි.”
“එයා මොනවා කරගත්තත් මට වැඩක් නෑ. මම එයාගේ තාත්තා නෙවෙයි. එයා ගැන බලන්න එයාගේ අම්මායි තාත්තායි ඉන්නවා. ඔයාත් ඔයාගේ පාඩුවේ ඉන්න අහක යන කුණු ඇඟේ දාගන්නැතුව.”
තාත්තා එහෙම කියද්දි මම තරහෙන් තාත්තා දිහා බලාගෙන උන්නේ වෙන කරන්න දෙයක් නැති නිසයි. මම ඬේවිඞ් ට කතා කරලා කාර් එක ගෙන්න ගත්තා. කාර් එක ගරාජ් එකේ නතර කරද්දි මම එතනට ගිහින් ඬේවිඞ් අතේ මුදලක් තිබ්බා.
“එපා සර්...” ඬේවිඞ් සල්ලි ගන්න කැමති වුනේ නෑ.
“ගන්න ඬේවිඞ්. ඔයා මේ කරපු උදව්වේ වටිනාකම දන්නේ මම විතරයි.”
“තැන්ක් යූ සර්..”
මම කාර් එක අරගෙන ටවුන් එක පුරා එහා මෙහා ගියේ මීෂා පේන්න ඉන්නවද බලන්නයි. ඒත් ටවුන් එකේ කිසිම තැනක මීෂා පේන්න උන්නේ නෑ.
“කෙවින් උඹ කොහෙද ඉන්නේ ?” මම කෙවින්ට කෝල් එකක් අරන් ඇහුවා.
“මම පොඩි ගමනක් ආවා ෂේන්. ඇයි ?”
“පොඩි ගමනක් කිව්වේ ?”
“පොඩි වැඩකට එලියට ආවා.”
“මගේ යකා අවුස්සගන්නේ නැතුව ඉන්න තැන කියපන්.”
“මේ.... අපේ මාමාගේ ගෙදර ආවා.”
“හරි.... මම ඔහෙට එන්නම්.”
“එපා....” කෙවින් එකපාරටම එහෙම කියද්දි මගේ සැකය තවත් අලුත් වුනා.
“එපා කියන්නේ ඇයි ?” මම සැකෙන් ඇහුවා.
“මං... මං දැන් මේ එන්න හදන්නේ.”
“හරි.... ඔහොමම ටවුන් එකේ “මිකාසා කැෆේ” එක ළඟට වරෙන්.”
“උඹ ටවුන් එකේද ?”
“ඔව්...”
“හා එන්නම්......”
පැය බාගයකින් විතර කෙවින් මම ඉන්න තැනට ආවා.
මම කාර් එකෙන් බැහැලා ගිහින් කෙවින්ගේ කාර් එක ඇරලා බැලුවත් ඇතුලේ කවුරුත් උන්නේ නෑ. ඒත් මම දත්මිටි කාගෙන කෙවින්ව එලියට ඇදලා අරගෙන කාර් එකට හේත්තු කරගත්තා.
“මේ මොකද ?” කෙවින් බයවෙලා ඇහුවා.
“කෝ මීෂා ?” මම ඇහුවා
“මීෂා ? උඹට පිස්සුද ? මීෂා කොහොමද මා එක්ක ඉන්නේ ?” කෙවින් එහෙම කියද්දිම මම තරහෙන් අත මිට මොලවලා කෙවින්ගේ මූණට පාරක් ගැහුවා.
“උඹට මොකද වෙලා තියෙන්නේ ?” කෙවින් තරහින් එහෙම ඇහුවේ මම ගහපු පාරට තොල්පට පැලිලා එන ලේ ටික අතින් පිහන ගමන්.
“බොරුකාරයා. මට කාර් එක අරිද්දිම මීෂාගේ පර්ෆියුම් සුවඳ දැනුනා. එයා උඹත් එක්ක මේ කාර් එකේ ඉඳලා තියෙනවා. මට දුක මෙච්චර කාලයක් උඹලා දෙන්නම හැමදේම මගෙන් හැංගුව නිසයි.”
මම එහෙම කියද්දි කෙවින් මොකුත් නොකියා බිම බලාගත්තා.
“ඇයි මට නොකිව්වේ ? අවුරුදු කීයක් හංගගෙන උන්නද ? මගේම නංගියි මගේ හොඳම යාලුවායි මට හොරෙන්..... ෂිහ්... මට කිව්වා නම් මම අකමැති වෙනවාද ? ආ......? කියපන්....?” මම කෙවින්ගේ කොලර් එකෙන් අල්ලගෙන ඇහුවා.
“උඹ කැමති වෙන්නේ නෑ. කවදාවත් කැමති වෙන්නේ නෑ.” කෙවින් මාව පැත්තකට තල්ලු කරලා කිව්වා.
“මොකක් ? ඇයි මම අකමැති වෙන්නේ ?”
“හොඳයි. මම දැන් අහන්නම්. උඹ මට මීෂාව බඳින්න අවසර දෙනවාද ?”
“නෑ. උඹ වගේ බොරුකාරයෙක්ට මම මීෂාව දෙන්නේ නෑ. අවුරුදු ගාණක් මගේ ඇස් වලට වැලි ගහලා උඹ මීෂාව හම්බවෙන්න ගියා. උඹ හොඳටම දන්නවා මම මීෂාව කොයි තරම් හෙව්වද කියලා. උඹ මාව රැවැට්ටුවා නම් ඒ අහිංසක කෙල්ලව කොහොම රවට්ටයිද?” මම එහෙම කියද්දි කෙවින් උපහාසෙට වගේ හිනා වුනා.
“මොකද ? උඹට ඒකට හිනා යනවද ? දැන් පලයන්. උඹට මම මගේම සහෝදරයෙක්ට වගේ සැලකුවේ. ඒත් දැන් වැඩක් නෑ.”
“මම දෙයක් කියන්නද ෂේන් ? උඹ මට තියා වෙන කිසිම කෙනෙකුට මීෂාව බඳින්න දෙන්නේ නෑ.”
“මොකක්ද උඹ කිව්වේ ? මම උඹට වඩා හොඳ කෙනෙකුට මීෂාව දෙනවා.”
“හහ්..... ඕන ඔට්ටුවක්. උඹ කවදාවත් ඒක කරන්නේ නෑ. පුලුවන් නම් කරලා පෙන්නපන්.”
“හරි වෙලාව ආවාම මම ඒක කරන්නම්. දැන් පලයං. ආයේ මීෂාව හම්බවෙලා තිබ්බොත් මම මීෂාව උඹට හොයාගන්නවත් බැරි දිහාවකට යවනවා.”
කෙවින් කාර් එක හරවගෙන යද්දි මගේ ඇස් දිහාම බලාගෙන ගියේ හරියට හතුරෙක් දිහා බලනවා වගේ. මම ටික වෙලාවක් කාර් එකට අත් දෙක තියාගෙන කල්පනා කලා.

Comments
Post a Comment