කුඩම්මාගේ දුව 14

කුඩම්මාගේ දුව 14

©උපුටා ගැනීම තහනම්

මම කාර් එක හරවගෙන ගෙදරට ආවා. ඒ එද්දි මීෂා ගෙදර ඇවිත් සාලෙට වෙලා පොතක් බලනවා. මම එනවා දකිද්දි වෙනදට කාමරේට යන මීෂා අද මම ආවා කියලා වගක්වත් නැතුව පොත දිහා බලාගෙන ඉන්නවා. සමහරවිට කෙවින් මීෂාට කෝල් කරලා කියන්න ඇති ඒ දෙන්නාගේ හොරය අහු වුන බව. ඒ නිසා තමයි මේ ආඩම්බරකම...

“කොහේද අද ගියේ ?” 

මම සැරෙන් ඇහුවා. මීෂා ඒක ඇහුනේ නෑ වගේ පොත දිහාම බලාගෙන ඉන්නවා. මම තරහින් පොත ඇදලා අරගෙන විසි කරලා මීෂාගේ අතින් ඇදලා මගේ ළඟට ගත්තා.

“කොහෙද ගියේ ?” මම දත්මිටි කාගෙන අහද්දි මීෂා බයවෙලා මගේ මූණ දිහා බලාගෙන උන්නා. එයාගේ ඇස් බයෙන් ගැහෙනවා දකිද්දි මට ඇති වුනේ දුකක්. එයාගේ පරණ අහිංසකකම තාම ඒ ඇස්වල තියෙනවා කියලා මට හිතුණා.

“මොකද වෙලා තියෙන්නේ ?” තාත්තා එහෙම අහගෙන එද්දි ෂෙරිලුත් පිටිපස්සෙන් දුවගෙන ආවා.

“මගේ ළමයාව අත අරිනවා.” ෂෙරිල් කෑ ගැහුවා.

“ෂෙරිල් එක්කෝ ඔයා ඔයාගේ ළමයාව හදාගන්න. නැත්තං මට එයාව හදාගන්න දෙන්න.” මම එහෙම කියලා මීෂාව අත ඇරලා යන්න ගියා.

“මේක හරි කෝලමක්නේ. අපි දැන් එයා කියන විදිහටද ඉන්න ඕනා ?” ෂෙරිල් තාත්තාගෙන් එහෙම ඇහුවේ මට ඇහෙන්නත් එක්කමයි.

පහුවදා මම ඔෆිස් එකට ගියා. ඒ යන්න කලින් මම ලුසීගෙන් එක දෙයක් ඉල්ලුවා.

“මීෂා ගැන හැම විස්තරයක්ම අහලා දැනගන්න. එයාගේ තාත්තා ඉන්න තැන එඩ්‍රස් එක තාත්තාගේ ෆෝන් නම්බර් එක එහෙම අහලා එයාට හොරෙන් ඒවා ලියාගන්න. මීෂා ආයෙත් මේ ගෙදරින් ගියොත් අපිට එයාව හොයාගන්න පුලුවන් වෙන විදිහට එයා ආව ගිය තැන් ගැනයි එයාගේ යාලුවන්ගේ විස්තර ගැනයි අහ ගන්න. ඔයා මේ දේවල් මට කරලා දුන්නොත් මේ මාසේ පඩිය දෙගුණයක් මම ඔයාට දෙන්නම් ලුසී.”

“මොනවද මේ කියන්නේ ෂේන්. ඔයයි මීෂායි මට මගේ දරුවෝ වගේ. මට සල්ලි ඕන නෑ. මම ඒ දේවල් හොයාගන්න උත්සාහ කරන්නම්. ඒත් මට තේරුන විදිහට මම ඒ දේවල් අහද්දි එයා ඒවා මග අරිනවා....”

“එහෙමද ? එහෙනම් එයා ගැන ඇහැ ගහගෙනම ඉන්න. එයා කොහේ ගියත් එයාට හොරෙන් ඬේවිඞ් ව එයා පිටිපස්සෙන් යවන්න. මම ඬේවිඞ්ටත් මේ ගැන කියලා තියන්නම්. ලුසී...... මට ආයෙත් මීෂාව නැතිකරගන්න බෑ. ඔයාටත් බෑ කියලා මම දන්නවා.”

“ඔව්..... මටත් එයාව ආයේ නැතිකරගන්න බෑ.....” ලුසී දුකෙන් කිව්වා.

“මම යන්නම්.....”

“ඉන්න...” ලුසී කිව්වා.

“ඇයි ලුසී...”

“ඔයා හොඳ ගෑණු ළමයෙක්ව බඳින්න. සමහරවිට එතකොට ඔයාගේ නංගිව ආයෙත් ඔයාට ලැබෙයි.”

“ඇයි එහෙම කිව්වේ ? මීෂා එහෙම දෙයක් කිව්වාද ?”

“නෑ.... මට එහෙම හිතුනා.”

“මීෂා බඳිනකල් මම බඳින්නේ නෑ.”

“හ්ම්...” ලුසී කණගාටුවෙන් බිම බලාගත්තා.

මම ඔෆිස් එකේ වැඩ කරන ගමන් ලුසී කියපු දේ ගැන හිතුවා. මීෂා ලුසී එක්ක මොනවා හරි දෙයක් කියලා තියෙන බව මට තේරුනා. ඒත් ලුසී කවදාවත් ඒ දේවල් මාත් එක්ක කියන එකක් නෑ කියලත් මම දැනගෙන උන්නා.

සතියක් විතර මේ විදිහට ගෙවෙද්දි ඊ ළඟ ප්‍රශ්නේ ආවේ මෙලීගෙන්. එයා මීෂා ගෙදර ආව බව දැනගත්ත ගමන් ගෙදර ගිහින් මීෂාට බැනලා තිබුනා. ඒක දැනගත්තට පස්සේ මම මෙලීට හොඳටම බැන්නා. මට මීෂා ගැන ඇති වුනේ ලොකු දුකක්. මෙලී බනිනකොට මීෂා වචනයක්වත් නොකියපු බව මට ලුසී කිව්වා.

“ෂේන්....... මම අද එක දෙයක් ඉල්ලන්නම්. මෙලීව බඳින්න එපා....” ලුසී එහෙම කියද්දි මම හිනා වුනා.

“ඇයි හිනා වෙන්නේ ?”

“එයාගෙන් මට ගැලවීමක් නෑ. පේන්නේ නැද්ද ? මගේ පස්සෙන්මයි. අනික මෙලීගේ අම්මාට වුන පොරොන්දුව මට කඩන්න බෑ.”

“ඔයාට කවදාවත් මෙලී එක්ක සතුටින් ඉන්න ලැබෙන්නේ නෑ. ඔයාට ඒක තේරෙන්නේ නැද්ද ?”

“මම දන්නවා ලුසී. මම වෙන කෙනෙක් බැන්දත් ඒකේ වෙනසක් නෑ. මට හරි යන කෙනාව මවන්න දෙවියන්ට අමතක වෙලාද කොහෙද ? හිතට අල්ලන කෙනෙක් තවම හම්බුනේ නෑ.”

“කවුද දන්නේ. සමහරවිට අමුතුවෙන් කියලා හම්බවෙන්න දෙයක් නැතුව ඇති.”

“ඒ කිව්වේ ?”

“සමහරවිට එයා ඔයා ඉස්සරහම ඇති”

“ලුසී..... මගේ ඉස්සරහා ඉන්නේ ඔයානේ.” මම හිනා වෙවී එහෙම කියලා ලුසීව උස්ස ගත්තා.

“අයියෝ මේ මොකද ? පොඩි එකෙක් වගේ”

“අපි බඳිමු ලුසී. ඔයා රසට කෑමත් හදනවනේ. මෙලී හදන කෑම මෙලෝ රහක් නෑ.” මම ලුසීට විහිලු කලා.

“හා හා දැන් මාව අත අරින්න. මගේ කොන්දත් රිදෙනවා.”

“ඇත්තද ? අපි අලුත් කෙනෙක් වැඩට ගේමු. ඔයා දැන් වයසයි.”

“වයස ඇති ඔයාගේ ආච්චිට. මට තවම හොඳට හයිය තියෙනවා.” ලුසී එහෙම කියද්දි මට හිනා ගියා.

“පවු....” මම තනියම කියා ගත්තා.

එදාම මම ගෙදර වැඩට ලුසීට උදව්වට කෙනෙක් හොයන්න කියලා ඬේවිඞ්ට කිව්වා.

“සර්... අපේ වයිෆ්ව එක්කගෙන එන්නද ?” ඬේවිඞ් ඇහුවා.

“ෂා.... ඒක නියම අදහස. හැබැයි වයිෆ් එක්කගෙන ආවාට පස්සේ ඬේවිඞ් සැරින් සැරේ කුස්සියට දුවයිද දන්නේ නෑ.” මම හිනා වෙවී කිව්වා.

එදා රෑ මම ගෙදර එන ගමන් මීෂාට බඩු ගන්න ගියා. ගෑණු ළමයින්ගේ බඩු තියෙන තැනට ගිහින් මම අන්ද මන්ද වෙලා වගේ බලන් ඉද්දි සේවිකාවක් එතනට ආවා.

“මොනවද සර් බැලුවේ ?”

“ආ... මගේ නංගිට අවශ්‍ය කරන බඩු ටිකක් ගන්න බැලුවේ. ඒත් මට තෝරන්න අමාරුයි. ඔයාට පුළුවන් නම්.....”

“ආ ඉන්න මම උදව් කරන්නම්....”

“ලොකු දෙයක්. ස්තූතියි.....” මම කිව්වා.

“ක්‍රීම් මොනවද හොඳ ? එයාගේ හම මොන වගේද ? තෙල් සහිතද ? වියලිද ?”

“අපෝ නෑ. එයාට ලස්සන හමක් තියෙන්නේ ?” මම කිව්වා.

“එහෙනම් සාමාන්‍ය සමට හරි යන එකක් තමයි. මොකක්ද ගන්න වර්ගය ?”

“හොඳම එකෙන් දෙක තුනක් දාන්න.”

“තුනක් දාන්නද ?”

“හා දාන්න”

“කොණ්ඬේ කොහොමද ?”

“ම්ම්..... ගොඩක් දිගයි. ලස්සනයි. ආ... ඔයාගේ කොණ්ඬේ වගේ.” මම කියද්දි සේවිකාවට හිනා ගියා.

“එහෙනම් හොඳ කොණ්ඩයක් එයාටත් තියෙන්නේ. මේකෙන් තුනක් දාන්නද ?”

“හා”

“පර්ෆියුම් ?”

“ඉන්න.... එයා ගාන වර්ගයක් තියෙනවා. මම බලන්නම්. ඔයා එයාට හරි යනවා කියලා හිතෙන ඕනම දෙයක් තෝරලා මේකට දාන්න. ඕනම එකක් දාන්න.”

මම එහෙම කියලා ට්‍රොලිය සේවිකාවට බාර දීලා සුවඳ විලවුන් තියෙන තැනට ගියා. මම මීෂාගේ සුවඳ විලවුන් වර්ගයේ නම මතක් කරන්න උත්සාහ කලා. මට මතක තිබුනේ බෝතලේ තිබුන දියරය දම් පාට බව විතරයි.

“මෙතන දම් පාට ඒවා ගොඩක් තියෙනවනේ.”මට කියවුනා. එතකොටම මම දැක්කා මම ඉන්න තැනට මීටර් පහ හයක් එහායින් කෙවින් ඉන්නවා.

“මෙයා මොනවද ගෑණු ළමයින්ගේ බඩු තියෙන පැත්තේ ඉඳන් කරන්නේ?” මම පුදුම වුනා. පේන හැටියට එයාත් ගෑණු ළමයෙක්ට බඩු තෝරනවා වගේ.

“ෂේන්...” කෙවින් මාව දැකලා ළඟට ආවා.

“තවමත් තරහෙන්ද ඉන්නේ ?” කෙවින් එහෙම ඇහුවේ මම එයා එද්දි අහක බලාගත්ත නිසා වෙන්න ඇති.

“නෑ.....” මම කෙටියෙන් උත්තර දුන්නා.

“කාටද පර්ෆියුම් තෝරන්නේ ? මෙලීටද ?”

“නෑ..”

“එහෙනම් ? මීෂාටද ?”

“ඔව්...” මම කෙවින් ගේ ඇස් දිහා කෙලින් බලලා එහෙම කියලා ආයෙත් සුවඳ විලවුන් දිහාට හැරුනා.

“එයා ගාන්නේ මේක. ඔයා ඒක අතට අරගෙනත් ආපහු තිබ්බා.”

කෙවින් දම් පාට බෝතලයක් අරගෙන මට දික් කලා. කෙවින් කිව්වා හරි. මම ඒක කලින් අතට අරගෙනත් ආපහු තිබ්බ බව මට මතක් වුනා. මම තරහින් කෙවින් දිහා හැරිලා බැලුවා.

“එයා ගැන මට වඩා දන්නවා කියලා පෙන්නන්නද ඔයාට ඕනේ...?” මම අහද්දි කෙවින්ට හිනා ගියා.

“ඔයා මොනවද එයා ගැන දන්නේ..?”

කෙවින් එහෙම කියද්දි මම එයාව ඇදලා අරගෙන එතන තිබුන රාක්කයට තද කරගත්තා. සුවඳ විලවුන් බෝතල් වලින් බාගෙකටත් වඩා බිම වැටිලා සමහර ඒවා බිඳෙන්න ගත්තත් මම කෙවින්ව අත ඇරියේ නෑ. සාප්පුව ඇතුලේ හිටපු මිනිස්සු කලබල වුනා.

“සර් ඔය මොකද කරන්නේ ?” මට උදව් කරපු සේවිකාව කෑ ගහගෙන ආවා.

මම කෙවින් දිහා බලාගෙනම අත දික් කරලා අතට අහු වුන සුවඳ විලවුන් බෝතලයක් අරගෙන ඒක උස්සලා කෙවින්ට පෙන්නුවා.

“මීෂා... අද ඉඳන්..... ගාන්නේ.... මේක....” මම දත්මිටිකාගෙන කිව්වා.

“හහ්....” කෙවින් හිනා වෙද්දි මම ගහන්න අත උස්සලත් ආයේ අත පාත දාලා එයාව පැත්තකට තල්ලු කලා.

“සර් මොනවද මේ කලේ...” සේවිකාව ඔලුවට අත ගහගෙන ඇහුවා.

“මොකක්ද මෙතන වෙන්නේ....?” සාප්පුවේ අයිතිකාරයා මුරකාරයෝ දෙන්නෙක් එක්ක කෑ ගහගෙන ආවා.

“මේකෙන් අලාභය ගන්න......” මම අයිතිකාරයාට ක්‍රෙඩිට් කාඞ් එක දික් කරද්දි කෙවින් ආයෙත් තනියම හිනා වුනා.

“සර්.... සල්ලි විතරක් නෙවෙයි ප්‍රශ්නය. බලන්න අර මිනිස්සු කලබල වෙලා.”

“අලාභය දෙගුණයක් ගන්න...”

“සර්... මම කියන්නේ...”

“තුන් ගුණයක් ගන්න... මට මේ ජාතියෙන් දහයක් දාන්න..” මම අයිතිකාරයාගේ අතෙන් සුවඳ විලවුන් බෝතලය තියද්දි අයිතිකාරයයි එතන උන්න අනිත් අයයි පුදුමයෙන් මං දිහා බලාගෙන උන්නා.

“ඔයා එන්න.... තව බඩු තෝරන්න තියෙනවා....” මම කලින් උදව් කරපු සේවිකාවත් එක්ක එතනින් යද්දි කවුරුත් ඒකට බාධා කළේ නෑ.

මම සාප්පුවෙන් පිට වුනේ මුලු කාර් එකම පිරෙන්න බඩු පටවගෙනයි. ගෙදර ගිහින් ඬේවිඞ්ටයි එයාගේ බිරිඳටයි කතා කරලා ඒ බඩු ටික මීෂාගේ කාමරයට යැව්වා. තාත්තායි ෂෙරිලුයි බඩු ටික දැකලා මූණට මූණ බලා ගත්තා මිසක් මට මොකුත් කිව්වේ නෑ.

මම කාමරේට ගිහින් නාලා ඇඳුමක් දා ගත්තා. ටික වෙලාවකින් කවුරු හරි දොරට තට්ටු කලා.

Comments

Popular posts from this blog

BLOOD MOON - ලෝහිත සඳ - 03

BLOOD MOON - ලෝහිත සඳ - 01

BLOOD MOON - ලෝහිත සඳ - 02