කුඩම්මාගේ දුව - 15
කුඩම්මාගේ දුව - 15
©උපුටා ගැනීම තහනම්
“කව්ද ?” මම ඇහුවා.
“මම....” මීෂාගේ කටහඬ දොර එහා පැත්තෙන් ඇහෙද්දි මම ඉක්මණට ගිහින් දොර ඇරියා.
“ස්තූතියි.... බඩු වලට. ඒත්... එච්චර බඩු ගොඩක් ? මට ඒ හොඳටම වැඩියි...” මීෂා මං දිහා කෙලින් නොබලා කිව්වා.
“එන්න ඇතුලට...”
“නෑ කමක් නෑ......”
“එන්න.....” මම මීෂාගේ අතින් අල්ලගෙන ඇතුලට එක්කගෙන ගියා.
“ඉඳගන්න....”
මම මීෂාව ඇඳෙන් ඉන්දවලා එයා ළඟින්ම ඉඳගත්තා. මීෂා ලැජ්ජාවෙන් බිම බලාගද්දි මම එයා දිහාම බලාගෙන උන්නා. මීෂා ළඟ සුවඳයි. ඒත් වෙනදා එන සුවඳ නෙවෙයි.
“ඔයා මොනවද ගෑවේ...?” මම පුදුමයෙන් ඇහුවා.
“ආ.....?” මීෂා මං දිහා බලලා ඉඳගෙන ඉන්න තැනින් පොඞ්ඩක් ඈත් වුනා.
“ඇයි ඈතට ගියේ.....? මම එහෙම ඇහුවේ අද ඔයා ළඟින් එන සුවඳ වෙනස් නිසයි.”
“ඔයා ගෙනත් දීපුවා තමයි ගෑවේ.....” මීෂා හෙමින් කිව්වා.
ඇත්ත නේන්නම්.කෙවින් එක්ක තරහට මම එයාට ගෙනාවේ වෙනත් පර්ෆියුම් වර්ගයක්නේ. මීෂා එයාගේ ගවුමේ පටියක් අල්ලගෙන ඒක දිහා බලාගෙන අඹරන්න ගත්තේ හරියට බය වුන පොඩි ළමයෙක් වගේ.
“අලුත් පර්ෆියුම් එකට කැමතියිද ?” මම එහෙම අහද්දි මීෂා ‘ඔව්’ කියන්න ඔලුව හෙලෙව්වා.
“ඔයා මට බය වෙලා ඉන්නේ ඇයි ? මම ඒකට පොඞ්ඩක්වත් කැමති නෑ...”
“මං..... ඔයාට ස්තූති කරන්නයි ආවේ. ඒත් මං වෙනුවෙන් ඔයා මොකුත් කරන්න ඕන නෑ...” මීෂා එහෙම කියද්දි මට තරහා ගියා.
“ඇයි ? ඒ දේවල් කරන්න කෙවින් ඉන්න නිසාද ?” මම තරහින් අහද්දි මීෂා පුදුමයෙන් මං දිහා බැලුවා.
“මං යන්නම්...” මීෂා කලබලෙන් යන්න නැගිට්ටා.
“ඔහොම ඉන්න.... මට ඔයාත් එක්ක ටිකක් කතා කරන්න ඕනා.”
මම එහෙම කියද්දිත් මීෂා වේගයෙන් යන්න ගියා. එයා පඩිපෙල බැහැගෙන ගියේ කුස්සිය පැත්තටයි.
“මීෂා, මගේ යකා අවුස්සගන්නේ නැතිව නවතින්න. මං කතා කරනවා ඇහෙන්නේ නැද්ද ?” මම තරහින් කියන ගමන් පඩිපෙල බැහැගෙන යද්දි තාත්තායි ෂෙරිලුයි මං දිහා බලාගෙන උන්නා.
“මොකක්ද මේ වෙන්නේ....?” තාත්තා ඇහුවා.
“මොනවා වෙන්නද ?” මම තරහින් ඇහුවා.
“ඔයාලා දෙන්නා හැසිරෙන්නේ හරියට කොල්ලයි කෙල්ලයි වගේ....” තාත්තා සැරෙන් කිව්වා.
“මොකක්...?” මම තරහින් ඇහුවා.
“මට මේ ගැන කලිනුත් තේරුනා. ඒත් දැන් නම් මේක එන්න එන්නම ඕනාවට වඩා වැඩි වේගෙනයි එන්නේ.....” තාත්තා කියද්දි මට ඇති වුනේ දරාගන්න බැරි තරමේ කේන්තියක්.
“මොන විකාරයක්ද ඔයා කියවන්නේ ?” මම කෑ ගැහුවා.
“ඔයාගේ හිතේ එහෙම අදහසක් නැත්තං ප්‍රශ්නයක් නෑනේ.” ෂෙරිල් කිව්වා.
“ඔයා කට වහගන්න. තාත්තාගෙයි පුතාගෙයි කතා වලින් ඔයාට වැඩක් නෑ....” මම තරහින් කිව්වා.
“ෂේන්.... කාටද ඔය කතා කරන්නේ ? මීෂා ඔයාගේ නංගි කියලා හිතනවා නම් මේ එයාගේ අම්මා කියන එකත් මතක තියා ගන්න.”තාත්තා කෑ ගැහුවා.
“කව්ද මීෂාගේ අම්මා ? මෙයාද ? මරු අම්මා.....” මම උපහාසෙට හිනා වෙවී කිව්වා.
“ෂේන්.....” තාත්තා කෑ ගහද්දි ෂෙරිල් තාත්තාගේ අත අල්ල ගත්තා.
“එයා ඔහේ ඕන දෙයක් කියපුවාවේ.” ෂෙරිල් මං දිහා තරහෙන් බලාගෙන තාත්තාට කිව්වා.
“ඔව් තමුසේ ඕන දෙයක් කියනවා. කරනවා.... හැබැයි අපේ පවුලට ලැජ්ජා කරන්න විතරක් එපා. ඒ වගේම තමුසේ මෙලීට දීලා තියෙන පොරොන්දුව අමතක කරන්නත් එපා...” තාත්තා මට කිව්වා.
“මොන පොරොන්දුවද...?” මම හිනා වෙවී ඇහුවා.
“මම මෙලීට කිසිම පොරොන්දුවක් වෙලා නෑ....” මම කිව්වා.
“තමුසේ එයාව බඳින්න ඕනා....” තාත්තා කිව්වා.
“බඳිනවා තමයි. මම යාලු වෙච්ච කෙල්ලව මම බඳිනවා. ඒක ඔයාලා ප්‍රශ්නයක් කර ගන්න එපා....”
“එහෙනම්...... එච්චරයි. මීෂා එක්ක ඕනාවට වඩා දඟලන්න එපා......” තාත්තා එහෙම කියද්දි ආයෙත් මට තරහා ගියා.
“මොනවාද ඔයා කියන්න හදන්නේ....? මගේ නංගි එක්ක මම මොනවා කලත් ඒකෙන් ඔයාලාට වැඩක් නෑ. ඒක හොඳට මතක තියාගන්න. අද ඉඳන් එයාට අවශ්‍ය හැමදේම මම හොයලා බලලා කරනවා. එයාගේ හැම වගකීමක්ම මම ගන්නවා. ඒ නිසා මීෂා අද ඉඳන් සම්පූර්ණයෙන්ම මගේ.....”
මම එහෙම කියද්දි ෂෙරිල් බයවෙලා තාත්තා දිහා බැලුවා. තාත්තාත් මූණ අමුතු කරගෙන ෂෙරිල් දිහා බලලා ආයෙත් මං දිහා බැලුවා.
“සම්පූර්ණයෙන් ඔයාගේ කියන්නේ ?” ෂෙරිල් ඇහුවා.
“ඔයා මොකුත් කරන්න අවශ්‍ය නෑ. එයාට ඕන දේවල් අපි දෙනවනේ.” තාත්තා කිව්වා.
“නෑ.... ඔයාලා හරියට ඒ දේවල් හොයලා බලලා කරන්නේ නෑ. මම එයා ගැන බලා ගන්නම්.”
මම එහෙම කියලා කුස්සියට යද්දි මීෂා ලුසී ළඟින් වාඩි වෙලා උන්නා.
“මීෂා.... මෙහේ එන්න.....” මම එක පාරටම කතා කරද්දි එයා ගැස්සිලා මං දිහා බැලුවා.
“ඇයි....?” මීෂා හෙමින් ඇහුවා.
“මම කිව්වේ මෙහේ එන්න කියලා.....”
මම තරහින් කෑ ගහද්දි ඬේවිඞ්ගේ බිරිඳයි ලුසීයි මූණෙන් මූණ බලා ගත්තා. මීෂා හෙමින් මං ළඟට ආවාම මම එයාගේ අතින් අල්ලගෙන එක්කගෙන ගියා. මම මීෂාවත් එක්කගෙන එයාගේ කාමරේට ගිහින් දොර වහද්දි මීෂා බය වෙලා මං දිහා බලාගෙන උන්නා.
“බය වෙන්න එපා. මට ඔයත් එක්ක කෙවින් ගැන කතා කරන්න ඕනා.” මම කිව්වා.
“කෙවින් ? ඇයි එයා මොනවද කිව්වේ ?” මීෂා කලබලෙන් ඇහුවා.
“එයා මොකුත් කියන්නේ නෑ. ඒකයි ඔයාගෙන් අහන්නේ. ඔයා..... ඔයා එයාට...... ආදරෙයිද ?”
මම ඒ දේ අහන්න වචන ගලප ගත්තේ ගොඩක් අමාරුවෙන්. ඒත් මීෂා මොකුත් නොකියා මං දිහා බලාගෙන උන්නා.
“ඔයාට එයාව ඕන නම්........ මං.... කෙවින් එක්ක කතා කරන්නම්.”
මම එහෙම කියද්දිත් මගේ උගුර හිරවෙනවා වගේ මට දැනුනා. මීෂා ඇස් දෙකේ කඳුලු පුරවගෙන මං දිහා බලාගෙන ඉද්දි මට එයා ගැන අනුකම්පාවක් ඇති වුනා.
“ඔයාව මට ආයෙත් හම්බුනේ සෑහෙන කාලෙකට පස්සේ. ඔයා දැන්ම ගෙදරින් යනවාට මම පොඞ්ඩක්වත් කැමති නෑ. ලුසීටත් දුක හිතෙයි. ඒත්.... ඔයාගේ සතුට තියෙන්නේ කෙවින් ළඟ නම්...... මම එයාට ඔයාව දෙනවා... අපි ලස්සනට වෙඩින් එක ගමු......”
මම එහෙම කියද්දි මීෂා එකපාරටම මං ළඟට ඇවිත් මාව බදාගෙන අඬන්න පටන් ගත්තා.
“අඬන්න එපා... අන්තිමට සින්ඩරෙල්ලාට එයාගේ කුමාරයාව හම්බවෙන්නයි යන්නේ.....”
මම දුකින් මීෂාව තුරුලු කරගන්න ගමන් කිව්වා. එයා මේ තරම් මට ළං වුනේ අවුරුදු ගාණකට පස්සේ. ඉතින් එයාව ඈත් කරගන්න මට ඕන වුනේ නෑ. මීෂා ටික වෙලාවකින් අඬන එක නැවැත්තුවා. ඒත් එයා මගෙන් ඈත් නොවී එහෙමම උන්නා. බිත්තියේ තිබුන ඔරලෝසුවේ කටු කැරකෙන හැටි මම බලාගෙන උන්නා. විනාඩි දහයක් ගෙවෙද්දිත් මීෂා මගෙන් ඈත් වුනේ නෑ. මටත් ඈත් වෙන්න ඕන වුනේ නෑ. ඒත් මීෂා එහෙම ඉන්න එක ගැන මම පුදුම වුනා.
“මීෂා.....” මම කතා කලා.
“ම්ම්....”
“කෑම කන්න යමුද ?”
“හ්ම්.....” මීෂා එහෙම කිව්වට මගේ ළඟින් හෙල්ලුනේවත් නෑ.
“මීෂා...”
“ම්ම්....”
“දැන් යමු...”
“හ්ම්....” මීෂා තවමත් ඇස් දෙක වහගෙන මගේ තුරුලෙම ඉඳගෙන කිව්වා.
“මීෂා අපි දෙන්නා කන්න එනකල් ලුසී කන්නැතුව බලාගෙන ඇති.” මීෂා මගෙන් ඈත් වුනේ මම එහෙම කිව්වමයි.
“යමු....” මම මීෂාගේ අතින් අල්ලගෙන එක්කගෙන ගියා.
අපි යද්දි තාත්තායි ෂෙරිලුයි කෑම කනවා. එයාලා මීෂා දිහා බලලා මූණවල් අමුතු කරගත්තාම මම මීෂා දිහා බැලුවා. එයාගේ කොණ්ඬේ අවුල් වෙලා. මීෂා සාමාන්‍යයෙන් පිළිවලට ඉන්න කෙනෙක් නිසා මේ පෙනුම එයාලාට නුපුරුදු බව මම දන්නවා. ඒ වගේම එයාලා මායි මීෂායි ගැන වරදවා හිතන බවත් මම හොඳාකාරවම දන්නවා.
“මීෂා.... කොණ්ඬේ පීරගෙන එන්න...” මම රහසින් මීෂාට කිව්වා. මීෂා එක පාරටම මං දිහා බලලා කලබලෙන් කාමරයට ගියා.
“ඔයාලා හිතන විදිහේ දෙයක් වුනේ නෑ. ඔහොම බය වෙලා වගේ මං දිහා බලන්න එපා......” මම තරහින් තාත්තාටයි ෂෙරිල්ටයි කිව්වා.
“අපි කිසිම දෙයක් හිතුවේ නෑ......” ෂෙරිල් කිව්වා.
“ඔව්... මට ඒ බව පේනවා...” මම එහෙම කියලා කෑම බෙදන්න පටන් ගත්තා. මුලින් ම මීෂාට බෙදලා ඊට පස්සේ මට බෙදා ගත්තා. තාත්තායි ෂෙරිලුයි ආයෙත් මූණට මූණ බලා ගත්තා.
“මේක නම් පිස්සුවක්......” ඒ දෙන්නා දිහා බලලා මම තනියම හිතුවා.
මීෂා කොණ්ඬේ පීරගෙන එනකල් මම කෑවේ නෑ.
“කන්නේ නැද්ද ?” තාත්තා ඇහුවා.
“මීෂා එනකල් ඉන්නවා.”
“එක පාරටම මෙච්චර වෙනසක් වුනේ මොකද ?” තාත්තා ඇහුවා.
“ඇයි මම කලින් කිව්වේ. මං මීෂාව අද ඉඳන් ගොඩක් හොඳින් බලාගන්නවා.”
“ඕවා ඔහොම ගිහින් කොහෙන් කෙලවර වෙයිද දන්නේ නෑ.” ෂෙරිල් නෝක්කාඩුවට වගේ කිව්වා.
“බය වෙන්න එපා. මීෂා ඔයා වගේ නෙවෙයි.” මම කිව්වා.
“මොකක්ද ඒ කියපු කතාවේ තේරුම...?” තාත්තා තරහෙන් ඇහුවා.
“අපි යමු ජෝජ්. මේ නාඩගම් බලන්න මට බෑ.” ෂෙරිල් තාත්තාවත් ඇදගෙන ගියා.
මීෂා එද්දි ඒ දෙන්නා කෑම මේසේ නො ඉඳපු එක ගැන මම සතුටු වුනා. අපි දෙන්නා තනියම කෑම කාලා කාමර වලට ගිහින් නිදා ගත්තා. පහුවදා උදේ මම හීනෙන් අම්මාව දැක්කා.
“ෂේන් මම ඔයාට ආදරෙයි.....”
අම්මා එහෙම කියලා මගේ ඔලුව අත ගෑවා. ඒක මට දැනුනේ ඇත්තටම සිද්ධ වෙන දෙයක් වගේ. එක පාරටම මම ඇස් ඇරියා. එතකොටම මට පෙනුනේ මීෂාව. එයා මගේ ඉහ ඉද්දර වාඩි වෙලා ඔලුව අත ගානවා. මම ඇහැරුන බව දැක්ක ගමන් මීෂා කලබල වුනා.

Comments
Post a Comment