කුඩම්මාගේ දුව - 17
කුඩම්මාගේ දුව - 17
©උපුටා ගැනීම තහනම්
මම එක පාරටම එහෙම කියද්දි මීෂා ගල්ගැහුනා. එයා ටික වෙලාවක් මගේ ඇස් දිහා එයාගේ ගැහෙන ඇස්වලින් බලාගෙන ඉඳලා අනිත් පැත්ත හැරිලා මගේ ඇඳ අස්කරන්න පටන් ගත්තා.
“ඔව්.... මම ඒක දන්නවා. ඔයා මට ආදරේ කරන තරම් වෙන කිසිම අයියා කෙනෙක් තමන්ගේ නංගිට ආදරේ කරන්නේ නැතුව ඇති.....” මීෂා අහක බලාගෙන ම කිව්වා.
“නෑ. මම අදහස් කලේ එහෙම නෙවෙයි. මීෂා.... මං දිහා බලන්න.”
මම එහෙම කියද්දිත් මිෂා එයාගේ වැඬේ නිරත වුණා මිසක් මං දිහා බැලුවේ නෑ.
“මීෂා... මං දිහා බලන්න...”
මම එයාගේ අතින් ඇදලා මගේ පැත්තට හරවා ගත්තා.
මීෂා මං දිහා නොබලා බිම බලාගෙනම උන්නා. එයාගේ ඇස් දෙකයි තොල්පටයි ගැහෙන හැටි දකිද්දි මට තේරුනා එයා ඉන්නේ හිත යටින් ගොඩක් කලබල වෙලා කියලා.
“ඔයාට මම කලින් කියපු දේ තේරුනාද ? මම ඔයාට ආදරෙයි කියලා කිව්වේ...” මම එහෙම කියද්දි මීෂා මගෙන් ඈත් වෙන්න දැඟලුවා. ඒත් මම එයාව තද කරලා අල්ලගෙන උන්නා.
“මීෂා. මම කියන දේ තේරෙන්නේ නැද්ද ?”
“ෂේන්.... ඔයා මට රිද්දනවා....”
මීෂා එහෙම කියද්දි ම එයාට ඇඬුනා. මට එයාට රිද්දන්න ඕනකමක් තිබුනේ නෑ. එයාට රිදෙනවා කියපු ගමන් මම ඉක්මණින් එයාව අත ඇරියා. එතකොටම එයා අඬාගෙන කාමරයෙන් එලියට දුවලා ගියා.
“මීෂා....” මමත් එයා පස්සෙන් ගියාට මම යද්දි එයා කාමරේ දොර වහගෙනත් ඉවරයි.
“මීෂා.... දොර අරින්න.....” මම දොරට ගහලා කතා කලා. ඒත් එයා කතා කලේවත් නෑ.
“මීෂා..... ඇත්තමයි මේ දොර ඇරියේ නැත්නම්, මම මේ දොර කඩන එකත් කඩනවා...” මම තරහින් කෑ ගැහුවා.
“ෂේන්.....” තාත්තායි ෂෙරිලුයි ඇවිත් මට කෑ ගැහුවා.
“ඔයාලා මේ ප්‍රශ්නෙන් ඈත් වෙලා ඉන්න.....” මම තාත්තාටයි ෂෙරිල්ටයි කෑ ගැහුවා.
“මොන ප්‍රශ්නෙද ?” තාත්තා ඇහුවා.
“මොන ප්‍රශ්නේ වුනත් ඔයාලාට ඒකෙන් වැඩක් නෑ. ඔයාලා පැත්තකට වෙලා ඉන්න....” මම තරහින් කෑ ගැහුවා.
“මේක නම් දැන් මහ කරදරයක්. ඔයා දැන් ඔෆිස් යන්නෙත් නෑ. අපිට ලැබෙන්න තිබුන හොඳම කොන්ත්‍රාත්තුවත් ඔයා නිසා අපිට නැති වුනා. ඔයා හොඳටම දන්නවා ඔයා නැති වුනොත් අපේ වැඩ සේරම ඇණ හිටිනවා කියලා.”
“මට ඔය මොනාගෙන්වත් වැඩක් නෑ. මට පාඩුවේ ඉන්න දීලා යන්න තාත්තේ.” මම ආයෙත් කෑ ගැහුවා.
“මෝඩයා.... ඕන එකක් කරගන්නවා....” තාත්තා ෂෙරිල්වත් ඇදගෙන එතනින් යන්න ගියා.
මම තරහින් එතන තිබුන ලොකු වීදුරු පෝච්චියට ගැහුවම එක බිම වැටිලා කෑලි සී සී කඩ ගියා.
“මීෂා....” මම කෑ ගැහුවා.
“ආහ්.......” එක පාරටම මගේ කකුලට ලොකු වීදුරු කට්ටක් පෑගිලා මට කෑ ගැස්සුනා. මගේ කෑ ගැස්ම ඇහුණ මීෂා එක පාරටම දොර ඇරලා මට මොකද වුනේ කියලා බැලුවා.
“දෙයියනේ....”
මීෂා මගේ කකුල දැකලා අත් දෙකෙන් මූණ වහගත්තා.
“මොනවද මේ කර ගත්තේ ?”
මීෂා නැමිලා මගේ කකුලේ ඇනිලා තිබුන වීදුරු කටුව හෙමින් ඇදලා ගලවද්දි මම අමාරුවෙන් ඉවසන් උන්නා. ඊට පස්සේ මීෂා මාව එයාගේ නාන කාමරයට එක්කගෙන ගිහින් කකුලෙන් ගලන ලේ හේදුවා. මාව එයාගේ ඇඳ උඩින් ඉන්දවලා කකුල පිරිසිදු රෙදි කෑල්ලකින් පිහලා මීෂා මගේ තුවාලෙට බෙහෙත් දාලා වෙලුම් පටි වලින් හොඳට එතුවා.
“ඔහොම හාන්සි වෙන්න.....”
මීෂා කොට්ටය හදලා මාව එයාගේ ඇඳෙන් හාන්සි කෙරෙව්වා. මමත් පොඩි ළමයෙක් වගේ මීෂාගේ අණට කීකරු වෙලා එයා කියන විදිහටම කලා. මම කුඩු කරපු පෝච්චියේ කෑලි මීෂා අස් කලා. මම ඇඳේ ඉඳන් මීෂා එනකල් බලාගෙන උන්නා. ටික වෙලාවකින් මීෂා කිරි එකක් හදාගෙන ආවා.
“මේක බොන්න.” මීෂා මට කිව්වා.
“මීෂා මේ අහන්න.” මම ඇඳේ වාඩි වෙලා කිරි එක අතට අරගෙන කිව්වා.
“එපා... එපා... කකුල පාත දාන්නෙපා. ඔහොමම ඇඳට හේත්තු වෙන්න.” මීෂා කොට්ටය ඇඳ විට්ටමට හේත්තු කරලා කිව්වා.
“මීෂා.... ඔයා මට ආදරෙයි නේද ?”
මම එහෙම අහද්දි මීෂා මං දිහා හැරිලා බැලුවා. ඒ ඇස් වල කඳුලු පිරිලා.
“ඔයාගේ නංගි ඔයාට හැමදාම ආදරෙයි....” මීෂා කිව්වා. ඒත් ඒ මම බලාපොරොත්තු වුන උත්තරය නෙවෙයි.
“නෑ... මීෂා... මම අහන්නේ එහෙම දෙයක් නෙවෙයි...”
“ෂේන්..... මම කෙවින් ව බඳින්න කැමතියි.....” මීෂා එකපාරටම එහෙම කියද්දි මම ගල් වෙලා එයා දිහා බලාගෙන උන්නා.
“මොකක්....? මොනවද ඔයා මේ කියන්නේ ?” මම පුදුමයෙන් ඇහුවා.
“ඔව්.... මම කෙවින් ගැන කල්පනා කරලා බැලුවා. මම හිතන්නේ මටත් නොදැනිම මම එයාට ආදරේ කරන්න පටන් අරන්....” මීෂා හිනා වෙලා කිව්වා.
“ඒත්..... ඔයා මෙච්චර කාලයක් ආදරේ කළේ මටනේ....” මම එහෙම කියද්දි මීෂා පුදුමයෙන් මං දිහා බැලුවා.
“ෂේන්...... ඔයා මොනවද මේ කියන්නේ ? එහෙම දෙයක් නෑ...”
“එතකොට ඔයාගේ දිනපොතේ.......” එකපාරටම මට කියවෙන්න ගිය දේ නවත්තගන්න මම කටවහගත්තත් ඒ වෙද්දි මම පරක්කු වැඩියි. මීෂා ඒ වෙද්දිත් ඇස් ලොකු කරගෙන පුදුමයෙන් මං දිහා බලාගෙන උන්නා.
“ඔයා මගේ දින පොත බැලුවාද ?” මීෂා අදහාගන්නත් බැරුව වගේ ඇහුවා.
“මට.... සමාවෙන්න....”
“කොයි තරම් පහත් වැඩක්ද ?” මීෂා එහෙම කිව්වේ ලොකු කලකිරිමකින් බව මට තේරුනා.
“මට වෙන කරන්න දෙයක් තිබුනේ නෑ....” මම කණගාටුවෙන් කිව්වා.
“ඔයා මේ තරම් පහත් කෙනෙක් කියලා මම කවදාවත් හිතුවේ නෑ.....”
“මම වෙන මොකද කරන්නේ ? ඔයා මම අහපු කිසිම දේකට උත්තර දුන්නේ නෑනේ....”
“ඔයාගේ ප්‍රශ්නවලට උත්තර හොයන්න ඔයා ඔයාට හරියි කියලා හිතෙන ඕන වැඩක් කරනවද.....?”
මීෂා තරහින් එහෙම කියලා කාමරෙන් එළියට යද්දි මම කරකියාගන්න දෙයක් නැතිව බලාගෙන උන්නා. මීෂා එනකල් බලාගෙන ඉඳලා බැරිම තැන මම මගේ කාමරේට ගියා.
එදා ඉඳලා මීෂා ආයෙත් මාව මඟ අරින්න පටන් ගත්තා. මම එයා පස්සෙන් නොන්ඩි ගගහා ගිහින් එයාට තේරුම් කරන්න උත්සාහ කළත් එයා මම කියන කිසිම දෙයක් අහන්න ලෑස්ති වුනේ නෑ.
“හරි.... මට මේක විතරක් කියන්න. ඔයා මට ආදරේ කළාද නැද්ද ?” අවසානෙදි මම එහෙම ඇහුවා.
“ඔව්..... ආදරේ කළා තමයි..... හැබැයි තවදුරටත් එහෙම නෑ.....” මීෂා කේන්තියෙන් එහෙම කියලා දොර වහ ගද්දි මට දැනුනේ මගේ ජීවිතේම එක මොහොතකින් කඩාගෙන වැටුනා වගේ.
මම ආයෙත් වැඩ කරන්න පටන් ගත්තේ හිතට පොඞ්ඩක් හරි සැනසීමක් දැනෙයි කියලා හිතලයි. ඒත් මට හැම වෙලාවෙම මීෂා ව මතක් වුනා. පොඩි කාලේ ඉඳලා එයා මට කොයි තරම් ආදරේ කළාද කියලා මතක් වෙද්දි හදවතට දැනුනේ දරාගන්න බැරි තරම් ලොකු වේදනාවක්. දැන් මීෂා මට පිට කෙනෙක් වෙලා. තවදුරටත් එයා මගේ නංගි නෙවෙයි. මම එයාගේ අයියාත් නෙවෙයි. අපි අතර කලින් තිබුන බැඳීමත් දැන් නැත්තටම නැති වෙලා ගිහින්.
මේ හැමදේම සිද්ධ වුනේ මගේ වරදින්ද ? නෑ...... මීෂා තමයි මුලින්ම මට ආදරේ කරන්න පටන් ගත්තේ. එයා කවදාවත් මාව එයාගේ සහෝදරයෙක් කියලා පිළි අරගෙන තිබුනේ නෑ. ඒක එයාගේ දිනපොතේ ලියලා තිබුන දේවල් වලින් ඔප්පු වෙනවා. මම එදා මේ දේවල් හිත හිතා ගෙදර ගියේ මීෂා එක්ක ලොකු තරහකින්. මම ගේ ඇතුලට ගිහින් මීෂාගේ දොර ඇරගෙන කෙලින්ම එයාගේ කාමරේ ඇතුලට ගියා. මම එනවා දැකලා මීෂා කලබලෙන් නැගිට්ටා. මම එයා ළඟට ගිහින් එයාගේ අතක් තදින් අල්ල ගත්තා.
“ෂේන්......මොකද මේ ?” මීෂා බයෙන් අත ආපස්සට අදින ගමන් ඇහුවා.
“මොකද කියලා අහන්න ඕනා මමයි... ඔයයි මාව හැමවෙලේම මඟ අරින්නේ.” මම එහෙම කිව්වේ මීෂාගේ අත තවත් තදින් අල්ලගෙන.
“ෂේන්.... ප්ලීස්..... මට පාඩුවේ ඉන්න දීලා මගේ කාමරෙන් එළියට යන්න....”
“නෑ.... අද මට මේකේ දෙකෙන් එකක් විසඳගන්න ඕනා....”
“දැන් පරක්කු වැඩියි.... කෙවින් එනවා දැන් මාව හම්බ වෙන්න......” මීෂා එහෙම කියද්දි මගේ අතින් මීෂාගේ අත ඉබේටම අත ඇරුනා.
“ඒකත් එහෙමද ? එයාත් එක්කම ඉන්නවා එහෙනම්.......”
මම තරහින් එළියට ගිහින් කාර් එකේ නැගලා කෙලින්ම ගියේ මෙලී ළඟට. මම එනවා දැකලා මෙලී පුදුමයෙන් මං දිහා බැලුවා.
“දැන් ද මාව මතක් වුනේ....?” මෙලී ඇහුවා.
“සොරි බබා...... වැඩ ගොඩක් තිබුනා....” මම හිනා වෙලා එහෙම කියන ගමන් මෙලීව තුරුල් කරගත්තා.
“ඔයා.... අද අමුතුයි....” මෙලී පුදුමයෙන් හිනා වෙලා කිව්වා.
“ඇයි... එහෙම කිව්වේ ?”
“නෑ... අද ඔයා පලවෙනි වතාවට මට ආදරෙන් කතා කළේ...”
“හ්ම්.... අද ඉඳන් හැමදාම එහෙම තමයි......” මම එහෙම කියද්දි මෙලී ආසාවෙන් හිනා වුනා.
“අද රෑට අපේ ගෙදර යමු ඩිනර් එකට....”
“ෂා..... ඇත්තටමද ?” මෙලී පුදුමයෙන් ඇහුවා.
“හ්ම්ම්.... ලුසීට කියලා ඔයා ආසම කෑම හදවන්නම්.......”
“ෂේන්.... ඔයා තමයි මේ ලෝකේ ඉන්න හොඳම කොල්ලා...” මෙලී මාව බදාගෙන කිව්වා.
පොරොන්දු වුනා වගේම මම එදා ලුසී ලවා මෙලී කැමතිම කෑම හදවලා මෙලීව රෑ කෑමට ගෙදර එක්කගෙන ආවා. මම කරපු දේ ගැන ෂෙරිලුයි තාත්තා යි උන්නේ සතුටින්. මට පුදුම හිතුනේ එදා කෑම කන්න මීෂා පහලට නාව එක ගැනයි. මෙලී ආව එක ගැන මම බලාපොරොත්තු වුනාටත් වඩා මීෂා ගේ හිත රිදුන බව මට තේරුනා. ඒ ගැන සියුම් සතුටක් හිතට දැනෙද්දි මම මීෂාගේ කෑම පංගුව ලුසී අතේ එයාගේ කාමරේට යැව්වා.
“මොකද එයා කෑම මේසේට එන්නේ නැත්තේ ?” මෙලී ඇහුවා.
“කව්ද දන්නේ ?” මම කෙටියෙන් උත්තර දුන්නා.
“සමහරවිට එදා මම එයාට බැන්න නිසා වෙන්න ඇති. ඉන්න.... මම ගිහින් එයාගෙන් සමාව අරන් එන්නම්.....”
“එපා... ඔහේ උන්නාවේ....” මම එහෙම කියද්දි මෙලී පුදුමෙන් මං දිහා බැලුවා.
ටික වෙලාවකින් ලුසී මීෂාගේ කෑම පිඟාන අරන් ගිය විදියටම ආපහු අරගෙන ආවා.
“මේ මොකද ? අරන් ගිය කෑම එක එහෙමමයි.....” මම පුදුමයෙන් ඇහුවා.
“මීෂා හවස කෙවින් එක්ක කෑමකට ගිහින්.... ගොඩක් කෑව නිසා ආයෙත් කන්න බෑ කියනවා....”
ලුසී පිඟාන අස් කරන ගමන් එහෙම කියද්දි මට කේන්තියෙන් දත්මිටි කැවුනා.
“මොනවා ? ඒ කියන්නේ මීෂායි කෙවිනුයි.......” මෙලී මං දිහා බලලා පුදුමයෙන් වගේම සතුටින් කිව්වා.
“හ්ම්... ඒ දෙන්නා යාලුයි....” මම එහෙම කියන ගමන් කෑම මේසෙන් නැගිටිද්දි මෙලී පුදුමයෙන් මං දිහා බැලුවා.
“බබා..... ඔයා කාලා ඉවරද.....?”
“මට අද කන්න බෑ මෙලී....... ඔයා ඇති වෙන්න කන්නකෝ.....”
“මම කනකන් ඉන්නකෝ.....” මෙලී ඇවිටිලි කරපු නිසා මම ආයෙත් කෑම මේසයෙන් වාඩි වුනා.

Comments
Post a Comment