කුඩම්මාගේ දුව - 18
කුඩම්මාගේ දුව - 18
©උපුටා ගැනීම තහනම්
ඒ විධියට සතියකට දවස් දෙක තුනක් මම රෑ කෑමට මෙලීව ගෙදර එක්කගෙන ආවා. මෙලී එන හැම දවසකම මීෂා කාමරේට වෙලා දොර වහගෙන උන්නා. මෙලී වෙනුවෙන් හදපු කෑම එයා කවදාවත් කෑවේ නෑ. මෙලී ඇවිත් ගියාට පස්සේ මීෂා තනියම කුස්සියට ගිහින් මොනවා හරි හදාගෙන කනවා. ඒ ගැන මගේ හිතේ දුකක් ඇති වුනත් මීෂා ට පොඞ්ඩක් හරි රිද්දලා සතුටු වෙන්නයි මට ඕනා වුනේ. ඒත් ඇත්තටම ඒ කිසිම දේකින් මගේ හිතට සැනසීමක් දැනුනේ නෑ.
“අද අපි ඩිනර් එකට එළියට යමු.....” මෙලී එක දවසක් කිව්වා.
“එළියට යන්නේ මොකටද ? ලුසී අදත් ඔයා ආසම කෑම හදනවා.....”
“අපෝ.... මට දැන් ඒවා කාලා ඇති වෙලා.....”
“ලුසී ගේ කෑම කොයි තරම් රසද ? ඔයා විතරයි එයාගේ කෑම වලට ඔහොම කිව්වේ...”
“ඔයාට ඕනා නම් අපි මීෂාවයි කෙවින්වයි අපිත් එක්ක එක්කගෙන යමු.....”
“මොකක් ? ඒ මොන බම්බුවකටද ?” මම තරහින් ඇහුවා.
“ඒ දෙන්නා ගැන කියද්දි ඔයාට හරි තරහයි නේද ?” මෙලී අහද්දි මම ටිකක් කලබල වුනා.
“පිස්සුද.... මම මොකටද ඒ දෙන්නා ගැන තරහා ගන්නේ ?”
“මට හිතෙනවා මීෂා කෙවින් එක්ක යාලු වුනාට පස්සේ ඔයා කෙවින් එක්ක තරහයි කියලා. ඔයා දැන් කෙවින්ට කෝල් කරන්නෙවත් නෑ. අනික මට සැකයි ඔයා එක පාරටම මට ගොඩක් ආදරේ කරන්න පටන් ගත්තේ මීෂා ට පේන්නද කියලා......”
“නෑ.... එහෙම කිසි දෙයක් නෑ. මම ඔයාට ලං නොවී වෙන කාට ලං වෙන්නද ? ඔයා කොහොමත් මගේ ගර්ල් ෆ්‍රෙන්ඞ්. අපි දෙන්නා කසාද බඳින්නනේ ඉන්නෙත්.....”
“ඔයා ඔය මාතෘකාව ගැන කතා කරනකන් මම කොයි තරම් කාලයක් බලාගෙන උන්නද ?” මෙලී ආදරෙන් කියද්දි මගේ හිතේ එයා ගැන අනුකම්පාවක් ඇති වුනා.
“ඒ ගැන කතා කලාට... දැන්ම අපිට බඳින්න බෑනේ.....”
“ඇයි බැරි...? දැන් අපි කොයි තරම් කාලයක් ආශ්‍රය කලාද ?”
“ඒ වුනාට මට තවම විසි එකයි.... මොන මෝඩයාද අවුරුදු විසි එකෙන් කසාද බඳින්නේ.”
“මට නම් ඔයාව තේරුම් ගන්න බෑ. අපි ආදරේ කරන්න අරන් දැන් අවුරුදු කීයක් වෙනවද ? වෙන මිනිස්සු උත්සාහ කරන්නේ ඉක්මණින් ම තමන් ආදරේ කරන කෙනා ළඟට යන්නයි. ඒත් ඔයා....” මෙලී තරහෙන් නැගිටලා පැත්තකට ගියා.
“හරි... මට සමාවෙන්න. අපි අද ඩිනර් එකට එලියට යමු.....” මම මෙලීගේ හිත හදන අදහසින් කිව්වා.
“ඩිනර්.....? ඩිනර් එකට හෙණ ගැහිච්චාවේ....” මෙලී තරහින් එහෙම කියලා මාව දාලා එතනින් යන්න ගියේ ලොකු කේන්තියකින් කියලා මට තේරුනා.
මම එදා ගොඩක් රෑ වෙනකල් මුලු ටවුන් එක පුරාම කාර් එක පදවගෙන ගියා. අන්තිමට මම බාර් එකක් ළඟ කාර් එක නතර කරලා ඒ දිහා ටික වෙලාවක් බලාගෙන උන්නා. සමහරවිට මගේ සැනසීම තියෙන්නේ මෙතන වෙන්නැති. මම දෙපාරක් නොහිතා කාර් එකෙන් බැහැලා බාර් එකට ගොඩ වුනා.
මම එදා ගෙදර ආවේ ගොඩක් අමාරුවෙන්. දෙතුන් පාරක්ම කාර් එක හැප්පෙන්න ගියේ මම ගොඩක් මත් වෙලා උන්න නිසයි. බැරිම තැන මම කාර් එක මඟ දාලා ටැක්සියකින් ගෙදර ගියා. මම මහ රෑ ගෙදර ආවාම දොර ඇරියේ මීෂා. පේන හැටියට එයා මම එනකල් නිදියලා නෑ වගේ. මම බීලා උන්න බව දැකලා එයා මං දිහා බැලුවේ තරහෙන්. එයා කිසිම දෙයක් නොකියා තරහෙන් යද්දි මම දුකෙන් බලාගෙන උන්නා.
එදා මුලු රෑම මට සැරින් සැරේ වමනේ ගියා. මීෂා පාන්දර මට දෙහි එකක් ගෙනත් දීලා වචනයක්වත් නොකියා යන්න ගියා. දෙහි එක බිව්වට පස්සේ මට පොඞ්ඩක් නින්ද ගියා. මම ඇහැරිලා බලද්දි කවුරු හරි මගේ සපත්තු මේස් ගලවලා දාලා තිබුනා. මීෂා ඇරෙන්න ඒ දේවල් කරන්න වෙන කෙනෙක් නැති බව මම දන්නවා. මට මීෂා ගැන ආයෙත් ලොකු ආදරයක් ඇති වුනා. ඒ වගේම මට මං ගැනම ඇති වුනේ තරහක්.
“මීෂා......” එදා හවස මම මීෂා මල් වලට වතුර දාන තැනට ගිහින් එයාට කතා කලා.
“කියන්න.....” මීෂා මං දිහා නොබලාම කිව්වා.
“සොරි......”
“ඇයි....?”
“මං නිසා ඔයාට කරදර වෙන්න වුනාට....”
“ඒකට කමක් නෑ.... ආයේ බොනකොට සීමාව දැනගෙන බොන්න.”
“හරි.....” මම පොඩි එකෙක් වගේ එයාගේ කීම පිළිගත්තා.
“අද උදේ මෙලී ආවා....”
“ඉතින්...” මම කුතුහලයෙන් ඇහුවා.
“ඔයාට නින්ද ගිහින් තිබුන නිසා එයා ගියා. එයා ගොඩක් දුක් වුනා, ඊයේ ඔයා එක්ක තරහෙන් කතා කලා කියලා.... එයා හිතලා නෑ ඔයා ඒ දුකට මේ වගේ දෙයක් කරගනියි කියලා.”
“මොකක් ? නෑ මං බිවුවේ ඒ නිසා නෙවෙයි....”
“එහෙනම් ?” මීෂා පුදුමයෙන් අහද්දි මම මොකුත් නොකියා බලාගෙන උන්නා.
“කොහොම වුනත් මට එක දෙයක් තේරුනා. මෙලී දැන් ගොඩක් වෙනස් වෙලා. එයා ඔයාට ගොඩක් ආදරෙයි. මෙලීව වෙනස් කළේ ඔයාගේ ආදරේ.... එයා ඉස්සරහට මීටත් වඩා හොඳ කෙනෙක් වෙයි.”
“නෑ..... එයාගේ එහෙම වෙනසක් නෑ....” මම එහෙම කිව්වේ මීෂාගේ කතාව පිළිගන්න අකමැත්තෙන්.
“මොකද නැත්තේ ? මෙලී අද මා එක්කත් ගොඩක් හොඳින් කතා කලා. එදා මට බැනපු එකටත් එයා සමාව ඉල්ලුවා..... මට පුදුම හිතුනා එයාගේ වෙනස දැකලා.....”
“මෙලී එදා උන්නා වගේම තමයි.....”
“නෑ.... එයා වෙනස් වෙලා....”
“මෙලී නෙවෙයි...... ඔයායි වෙනස්.....” මම තරහින් එහෙම කියලා එතනින් යද්දි මීෂා මොකුත් නොකියා මං දිහා බලාගෙන උන්නා.
පහුවදා උදේ මම ඇහැරිලා බලද්දි මගේ මේසේ උඩ වාස් එකේ අලුත්ම මල් පොකුරක් තිබුනා. මම පුදුමයෙන් ඒ මල් අත ගාද්දි මට නොදැනීම මගේ මූණේ ආයෙත් හිනාවක් ඇඳුනා. මම එදා වැඩට යන්න ඇඳගත්තේ ගොඩක් ප්‍රබෝධමත් හිතකින්. උදේ කෑම මේසෙට වාඩි වෙද්දි මම ආයෙත් පුදුම වුනා. ඒ කෑම වල පෙනුම ලුසී හදන කෑම වලට වඩා ගොඩක් වෙනස් නිසා. ඒ වගේම මේසේ පිරෙන්න තිබුනේ මම ආසා කරන කෑම.
“ඉන්න.... මම බෙදන්නම්....” මීෂා කුස්සියේ ඉඳලා ඇවිත් එහෙම කියද්දි මම පුදුමයෙන් බලාගෙන උන්නා.
“ඔෆිස් එකට අරගෙන යන්නත් මම කෑම එකක් හැදුවා......?” මීෂා හිනා වෙලා කිව්වා.
මීෂා මං වෙනුවෙන් හදපු කෑම ටික මම කෑවේ ගොඩක් ආසාවෙන්. මම ඔෆිස් එකට යනකන්ම එයා හදලා දීපු කෑම එක කාර් එකේ සීට් එක උඩ තියාගෙන ඒක දිහා ආසාවෙන් බල බල ගියා. එදා මට මෙලීව සහමුලින්ම අමතක වුනා. එදා හවස මම ගෙදර ගියේ මීෂා ව දැකගන්න ගොඩක් ආසාවෙන්. ඒත් මම යද්දි ගේ ඉස්සරහා කෙවින් ගේ කාර් එක නතර කරලා තියෙන හැටි මම දැක්කා. ගේ ඇතුලට යද්දි මට දැනුනේ මගේ මුලු හදවතම ගිනි ගන්නවා වගේ. මීෂාවත් කෙවින්වත් ගෙදර කොහේවත් පේන්න හිටියේ නෑ. මීෂා ගේ කාමරේ දොර වහගෙන ඉද්දි මට ඉවෙන් වගේ තේරුනා කෙවින් මීෂා ගේ කාමරේ ඉන්න බව. මම තරහෙන් මීෂාගේ දොර ළඟට ගියා.
“මීෂා.........” මම කතා කළා.
“ෂේන්.....” කෙවින් දොර ඇරලා එහෙම කියද්දි මම කෙවින්ව ඇදලා අර ගත්තා.
“උඹ මොකද මීෂාගේ කාමරේ ඇතුලේ කරන්නේ....?” මම දත්මිටි කාගෙන ඇහුවා.
“ෂේන්....” මීෂා තරහින් මං ළඟට ඇවිත් මගේ අතින් ඇද්දා.
“මම නැති වෙලාවට තමුසෙලා මේවද කරන්නේ....?” මම එහෙම අහද්දි මීෂා ඇස් ලොකු කරගෙන මං දිහා බලාගෙන උන්නා.
“ඔයා හිතන විදිහේ දෙයක් වුනේ නෑ.....” කෙවින් කිව්වා.
“ෂේන්....... අපි දෙන්නා මොනවා කලත් ඒකෙන් ඔයාට ඇති වැඩක් නෑ.....” මීෂා එහෙම කියද්දි මම එක පාරටම කෙවින්ව අත ඇරලා පුදුමයෙන් මීෂා දිහා බැලුවා.
“මොකක්ද කිව්වේ........?” මම එහෙම අහද්දි මීෂා තරහෙන් අහක බලා ගත්තා.
“ඔයාලාට ඕන එකක් කරගන්න.... හැබැයි මගේ අම්මාගේ ගේ ඇතුලේ ඒවා කරන්න මම ඉඩ තියන්නේ නෑ.....” මම එහෙම කියද්දි කෙවින් මීෂාගේ මූණ දිහා බැලුවා.
“අවුරුදු ගාණක් මෙලීව ආශ්‍රය කළා. අවුරුදු ගාණක් එයා මේ ගෙදරට ආවා ගියා...... හැබැයි අද වෙනකල් මම එයා එක්ක......”
මම කියන්න ගිය දේ නවත්ත ගද්දි මීෂා මගේ මූණ දිහා ම බලාගෙන උන්නා. එයාගේ හිතේ තියෙන්නේ මොන වගේ හැඟීමක්ද කියලා නොතේරුණත් මම කියන්න ගිය දේ එයා තේරුම් ගත්ත බවත් ඒක අහලා එයා පුදුම වුන බවත් මට තේරුණා.
“මීෂා....... දැන් හොඳටම ඇති.......” කෙවින් මීෂා දිහා බලලා එහෙම කියලා යන්න ගියේ හිතේ ලොකු පසුතැවීමකින් කියලා මට තේරුනා.
“කෙවින්... ඉන්න....” මීෂා කෙවින් පස්සෙන් යන හැටි දැකලා මට ඇති වුනේ ලොකු කලකිරීමක්.
මම කාමරේට ගිහින් දොරවහගෙන කල්පනා කලා. හවස් වෙද්දි මගේ ඔලුව පුපුරන්න තරම් වේදනාවක් මට ඇති වුනා. එදා රෑ මම අමාරුවෙන් කෙඳිරි ගගා ඇඳේ එහා මෙහා පෙරලි පෙරලි උන්නේ මුලු ඇඟටම දැනුන අපහසුව නිසයි. රෑ මැද්දේ මීෂා කාමරේට එද්දි මම තරහෙන් අනෙක් පැත්ත හැරුනා. එයා මගේ නළලට අත තියලා බලද්දි මම ඒ අත ගසලා පැත්තකට දැම්මා. මීෂා රෙදි කෑල්ලකට කොලෝන් දාලා නළලෙන් තිබ්බහම මම ඒ රෙදි කෑල්ලත් පැත්තකට විසි කරලා දැම්මා.
“ෂේන්..... මේකවත් බොන්න......” මීෂා බෙහෙත් පෙතියි වතුරයි දික් කරලා එහෙම කියද්දි මම තරහෙන් ඇස් වහගෙන උන්නා.
“ෂේන්..... මේක බොන්න........”
“මට පාඩුවේ ඉන්න දෙන්න......” මම අමාරුවෙන් කිව්වා.
“මේක බිවුවොත් මම යන්නම්....”
“යන්න........ මට ඔයාගේ මූණවත් බලන්න ඕන නෑ....” මම එහෙම කියද්දි මීෂා කිසිම දෙයක් කිව්වේ නෑ.
ටික වෙලාවකින් එයා බෙහෙත් පෙතියි වතුරයි මේසේ උඩින් තියලා යන්න ගියා. අමාරුවෙන් කෙඳිරි ගගා උන්න මට ටික වෙලාවකින් නොදැනිම නින්ද ගිහින් තිබුනා. උදේ මම ඇහැරෙද්දි මීෂා මගේ මේසය උඩ ඔලුව තියාගෙන පුටුවක වාඩිවෙලා නිදි. මම නළල අත ගාලා බලද්දි නළල උඩ කොලෝන් දාපු රෙදි කෑල්ල මගේ අතට අහු වුනා. මට මීෂා ගැන ඇති වුනේ අනුකම්පාවක්.
“මීෂා..... ගිහින් නිදා ගන්න.....” මම එහෙම කියද්දි මීෂා ඇස් ඇරලා බැලුවා.
“දැන් කොහොමද.....?” මීෂා ඇහුවා.
“දැන් අඩුයි....” මම එහෙම කියද්දි මීෂා ළඟට ඇවිත් ඔලුවට අත තියලා බැලුවා.
“අර බෙහෙත් ටික බිවුවා නම් හොඳයි නේද.....?” මීෂා ඇහුවා.
“ඔයා මොකටද මේ දේවල් කරන්නේ....?” මම ඇහුවා.
“අපි අතර මොන ප්‍රශ්න ඇති වුනත් අපි එක පවුලක්. මම මගේ පවුලේ අයව මට පුලුවන් විදිහට බලාගන්නවා....”
“නෑ ඕන නෑ. මට ඕන ඇති පවුලක් නෑ..... මට පාඩුවේ ඉන්න දීලා ගියොත් මට ඒ ඇති.......”
“ෂේන්...... හිතුවක්කාර වෙන්න එපා.....”
“මමද හිතුවක්කාර......?”
“නැතුව වෙන කව්ද ?”
“ඔයාට බැරි නම් මම යන්නම්.....” මම එහෙම කියලා අමාරුවෙන් ඇඳෙන් නැගිටලා යන්න හදද්දිම මීෂා මාව අල්ල ගත්තා.
“ඉන්න....... මම යන්නම්......” මීෂා එහෙම කියලා එලියට යද්දි මම ඒ දිහා බලාගෙන උන්නේ දුකෙන්.
මීෂා ගෙනාපු බෙහෙත් ටික බීලා එයා කොලෝන් දාපු රෙදි කෑල්ල නළල උඩ තියාගෙන මම ආයෙත් ඇඳ උඩින් ඇල වුනා.

Comments
Post a Comment