කුඩම්මාගේ දුව - 19
කුඩම්මාගේ දුව - 19
©උපුටා ගැනීම තහනම්
එදා දවල් වෙද්දි මගේ උණ අඩු වුනා. ලුසී ගෙනත් දුන්න කැඳ එක බොද්දි මට තේරුනා ඒක මීෂා හදපු එකක් බව.
“මීෂා නේද කැඳ හැදුවේ.......?” මම එහෙම අහද්දි ලුසී ‘ඔව්’ කියන්න ඔලුව හෙලෙව්වේ මං දිහා දුකෙන් බලාගෙන.
“මීෂාව කසාද බන්දලා දුන්නොත් හොඳයි නේද ?”
කැඳ සේරම බිව්වට පස්සේ ලුසී කාමරෙන් එලියට යන ගමන් එහෙම කිව්වේ මට මොකුත් කියන්නවත් ඉඩක් නොතියා. එයා ගියාට පස්සේ මගේ ඔලුව ඇතුලේ දෝංකාර දුන්නේ ඒ වචන ටිකයි. හවස් වෙද්දි මගේ උණ හොඳටම වැඩි වුනා. හවස් වෙද්දි මීෂා දොස්තර කෙනෙක් ගෙන්නලා මාව පරීක්ෂා කලා.
“ඔයා දවස් දෙක තුනක් හොඳට විවේක ගන්න. මොලය වෙහෙසවන වැඩ කිසිම දෙයක් කරන්න එපා.... කල්පනා කරන්න එපා.......” දොස්තර එහෙම කියද්දි මම හොරෙන් මීෂා දිහා බැලුවා.
“මෙයාව විවේකීව... සැහැල්ලුවෙන් තියන්න.... මානසික ආතතිය නිසා තමයි මෙහෙම ලෙඩ වෙලා තියෙන්නේ.... රුධිර පීඩනය හොඳටම අඩුයි.” දොස්තර මීෂා එක්ක එහෙම කියද්දි එයා දුකෙන් මං දිහා බැලුවා.
“ෂේන්....... ඊයේ ඔයා හිතන විදිහේ දෙයක් වුනේ නෑ......” දොස්තර ගියාට පස්සේ මීෂා මං ළඟට ඇවිත් හෙමින් කිව්වා.
“ඔයාලා කරන දේවල් වලින් මට වැඩක් නෑ. ඔයාමනේ මට එහෙම කිව්වේ......” මම තරහින් කිව්වා.
“මට සමාවෙන්න. ඇත්තටම..... මම කවදාවත් ඒ වගේ වරදක් කරලා නෑ.... මාව විශ්වාස කරන්න...” මීෂා එහෙම කියද්දි මම පුදුමයෙන් එයා දිහා බලලා ආයෙත් සැකයෙන් අහක බලා ගත්තා.
“කාමරේ දොර වහගෙන කෙල්ලෙක් කොල්ලෙක් එක්ක වෙන මොනවා කරන්නද......?”
“ෂේන්.... මම කෙවින් එක්ක ගොඩක් වැදගත් කතාවක උන්නේ. කාමරේක දොර වහගෙන කොල්ලෙක් එක්ක ඒ වගේ දෙයක් කරන්නත් පුලුවන් නේද ?”
“කාමරේ දොරවහගෙන කතා කරන්න තරම් වැදගත් වුන කතාව මොකක්ද ? අනික ඔයා කවදාවත් මාත් එක්ක එහෙම කතා කරලා නෑනේ.....”
“ඒක ඔයාට කියන්න බැරි දෙයක්....”
“මට කියන්න බැරි දෙයක් කෙවින් එක්ක කියන්න තරම් මොකක්ද ඔයාලා අතර තියෙන බැඳීම ?”
“යාලුකම.... එයා තමයි මට ඉන්න එකම යාලුවා.” මීෂා ඒක කිව්වේ මාත් එක්ක තරහින් කියලා මට තේරුනා.
“ඔයාගේ හැමදේකට ම මම ඔයා එක්ක ඉද්දි ඔයාට මොකටද යාලුවෝ ?” මම එහෙම කියද්දි මීෂා මං දිහා බලලා පුදුමයෙන් හිනා වුනා.
“ෂේන් ඔයාට මාව තනියම අයිති කරගන්න බෑ. ඔයාත් එක්ක තියෙන බැඳීමට අමතරව මගේ ජීවිතේට තවත් බැඳීම් අවශ්‍ය වෙනවා....”
“ඔයාට ඕන කරන්නේ යාලුවෙක් නම්, ඒකට කෙල්ලෙක්ව හොයාගන්න. මම හෙටම ඔයාට මම දන්න ගෑණු ළමයි ටිකක් අඳුන්වලා දෙන්නම්....”
“දැක්කනේ... ඔයාටත් ගෑණු යාලුවෝ ඉන්නවා. මට තමයි පිරිමි යාලුවෙක් තියොගන්න බැරි....” මීෂා අමනාපෙන් කිව්වා.
“කෙවින් ඔයාට ආදරෙයි.... ඒක ඔයා දන්නවා. ඔයා එයා එක්ක ඉන්න එකෙන් ඔයා මටත් රිද්දනවා. එයාටත් රිද්දනවා. ඔයාට ඒක තේරෙන්නේ නෑ. එයා තමයි මට උන්න හොඳම යාලුවා. දැන් ඒ සේරම ඉවරයි....”
“මේ හැමදේම මම නිසයි....” මීෂා දුකෙන් බිම බලාගෙන කිව්වා.
“නෑ..... මේ හැමදෙයක් ම පටන් ගත්තේ මම ඔයාව බඩඉරිඟු යායේ අතරමං කරලා ආව නිසයි.”
“අයියෝ.... ෂේන්.... තවමත් ඒ ගැන පසුතැවෙන එක නවත්තන්න ඔයාට බැරි වුනාද ?”
“මට කවදාවත් ඒක අමතක කරන්න බෑ....”
“මම කියන්නේ අමතක කරන්න කියලා නෙවෙයි. ඒ දවස මම අමතක කරන්නෙත් නෑ. ඒත් ඒ ගැන පසුතැවෙන්න දැන් කිසිම හේතුවක් නෑ. ඔයා මට ආදරේ කරන්න පටන් ගත්තේ ඒ සිදුවීම නිසයි. මතකයිනේ.... ඒ දවස නරක දවසක් නෙවෙයි. ඒ දවස තමයි ඔයාගේ ජීවිතේ ගොඩක් දේවල් හරිගැස්සුවේ. ඒ වගේ ම මගේ ජීවිතෙත්...”
මීෂා ඒ කියපු දේවල් එක්ක මගේ හිතට ලොකු සැනසීමක් ඇති වුනා. මම ටික වෙලාවක් යනකල් එයා දිහා ආදරෙන් බලාගෙන උන්නා.
“ෂේන් මට ඕනා ඔයා මෙලී එක්ක හොඳින් ඉන්නවා දකින්නයි.....”
“අයියෝ ඔය කතාව නම් පටන් ගන්න එපා....” මම අකමැත්තෙන් කොට්ටේ ඔලුව ගහගෙන කිව්වා.
“ඔයා මෙලීට ඔය තරම් ම අකමැති නම් ඇයි එයා එක්ක යාලු වුනේ ?”
“මම මෙලීට කැමැත්ත නොදෙන නිසා එයා අතේ මැණික් කටුව ළඟින් කපා ගත්තා. එයා නොමැරී බේරුනේ අනූ නවයෙන්. එදා මෙලීගේ අම්මා මං ළඟ ගොඩක් බැගෑපත් වුනා. මෙලීගේ ජීවිතේ රැඳිලා තියෙන්නේ මං ළඟ කියලා එයා මට කිව්වා. මම මෙලීව මගේ ජීවිතේට පිළිගත්තේ ඒ අම්මාගේ ඉල්ලීම නිසයි. මම එදා මගේ අම්මා නමින් මෙලීගේ අම්මාට පොරොන්දු වුනා හැමදාම මෙලී ළඟින් ඉන්නවා කියලා.....” මම එහෙම කියද්දි මීෂා ඇස් දෙකේ කඳුලු පුරවන් මං දිහා බලාගෙන උන්නා.
“එහෙනම් ඒ පොරොන්දුව ඉශ්ඨ කරන්න ෂේන්.... ඒ අම්මා වෙනුවෙන්. ඔයාගේ අම්මා වෙනුවෙන්....” මීෂා හෙමින් කිව්වා.
“මගේ අම්මා අද උන්නා නම් එයා කැමති වෙයිද මම මෙලීව බඳිනවාට ?” මම එහෙම අහද්දි මීෂා කට උත්තර නැතිව මං දිහා බලාගෙන උන්නා.
“මෙලී ඒ තරම් ම නරක කෙනෙක් නෙවෙයි ෂේන්. ඒ කාලේ එයා පොඩියි. ඒත් බලන්න.... දැන් එයා දවසින් දවස ම වෙනස් වෙනවා. එයා එහෙම කරන්නේ ඔයා වෙනුවෙන්.....”
“මෙලී හොඳ කෙනෙක් වුනාට වැඩක් නෑ....”
“ඇයි එහෙම කියන්නේ ?”
“මට කවදාවත් මෙලී එක්ක සතුටින් ඉන්න බෑ. මම එයාට ඇත්තට ම ආදරේ කළේ නෑ කියලා එයා දැනගත්ත දවසට හැමදෙයක්ම උඩුයටිකුරු වෙයි........”
“ෂේන්.....” එක පාරටම දොර ළඟින් මෙලීගේ කටහඬ ඇහෙද්දි මම තුෂ්ණිම්භූත වුනා.
“මෙලී.....” මීෂා එහෙම කියද්දි මෙලී ඇස්වල කඳුලු පුරවන් වේගෙන් හුස්ම ඉහල පහල දාන ගමන් මං දිහා බලාගෙන උන්නේ තරහයි වේදනාවයි දෙකම මිශ්‍ර හැඟීමකින්.
“මෙලී..... මං.........” මම එහෙම කියද්දි ම මෙලී ආපහු හැරිලා ගියා.
“මෙලී ඉන්න.........” මීෂා කලබලයෙන් මෙලී පස්සෙන් දිව්වා.
“සේරම ඉවරයි........” මට ඉබේට ම කියවුනා.
“එයා ගියා......” ටික වෙලාවකින් කාමරේට ආව මීෂා මං දිහා බලලා කණගාටුවෙන් කිව්වා.
“එක අතකට මේ සිද්ධ වුන දේ හොඳයි........” මම කිව්වා.
“ඔව්.... දැන් ඔයා ඒ ගැන හිතන්නෙපා. ඔයාට සනීප වුනාම අපි මෙලීට කතා කරමු.... දැන් විවේක ගන්න. ඕනාවට වඩා කිසිම දෙයක් හිතන්න එපා.......”
“හ්ම්ම්.....”
මට සනීප වෙනකල් මීෂා මං ළඟින්ම ඉඳන් මට සාත්තු කළා. ඒ අතරෙදි එයා එක පාරක්වත් කෙවින් ව මුණ ගැහෙන්න ගියේ නෑ. ඒ නිසා මගේ හිතට දැනුනේ ලොකු සැනසීමක්. අන්තිමට මගේ අසනීප ගතිය අඩු වුනත් මම බොරුවට අමාරුයි වගේ රඟපෑවේ මීෂාව තව එක දවසක් හරි මං ළඟින් ම තියා ගන්න ඕන නිසයි.
“ෂේන්...... මම මෙලීට කතා කලා. එයා කැමතියි ඔයා එක්ක කතා කරන්න...” මීෂා කිව්වා.
“මට කතා කරන්න බෑ. මම කොහොමද එයාට මූණ දෙන්නේ ?”
“මෙලීගේ හිත දැන් ටිකක් හැදිලා තියෙන්නේ. අනික එයා කියනවා ඔයා එයාට ආදරේ නැති බව එයා කොහොමත් දැනගෙන උන්නා කියලා.....”
“එහෙනම් මොන බම්බුවකටද එයා මං මත්තේ ම නැහෙන්න හදන්නේ.....?”
“එයා ඔයාට ආදරේ නිසා වෙන්න ඇති......”
“අනේ එයාගේ ආදරේ......” මම තරහින් කිව්වා.
“ඕනම කෙල්ලෙක් ආසයි ඔයා වගේ කොල්ලෙක්ව තමන්ගේ කරගන්න. අනිත් හැම ගෑණු ළමයෙක් ම අයිති කරගන්න ආසා කරන විධියේ අංග සම්පුර්ණ කොල්ලෙක්... අනිත් කෙල්ලන්ට පේන්න ඔයා එක්ක එහේ මෙහේ යද්දි මෙලීට ගොඩක් ආඩම්බර ඇති. මෙලී ඔයා එක්ක එකට ඉන්නවා දකිද්දි අනිත් කෙල්ලෝ ඉරිසියාවේ මැරෙන්න හදනවා ඇති.....” මීෂා මාව ඒ තරම් වර්ණනා කරගෙන යද්දි මම එයා දිහා බලාගෙන උන්නේ පුදුමයෙන්.
“ඔයත් මෙලීට ඉරිසියා කරනවද ?” මම එක පාරටම එහෙම අහද්දි මීෂා ගැස්සිලා වගේ මං දිහා බැලුවා.
“කොහෙත් ම නෑ. මම මේ කියන්න හැදුවේ, මෙලී කොහොමත් පිටස්තර පෙනුම බලන කෙනෙක් නේ.....”
“ඉතින්, එහෙම කෙනෙක්වද ඔයා මගේ කරේ එල්ලන්න හදන්නේ.....?” මම එහෙම අහද්දි මීෂාගේ මූණ අමුතු වුනා.
“එහෙනම් එයාව අත්ඇරලා වෙන හොඳ කෙල්ලෙක් හොයාගන්න එකයි ඇත්තේ.....” මීෂා උස් හඬින් එහෙම කිව්වේ හිතේ තිබුන වේදනාවට කියලා මට තේරුනා.
“මට කවුරුත් ඕන නෑ...... මට ඕන කෙනාව ලැබෙන්නේ නැත්නම් වෙන කාව හොයා ගත්තත් වැඩක් නෑ........”
“ඔයා කොහොම කිව්වත් ඔයාට හොඳ කෙනෙක්ව ලැබෙනකල් මම කෙවින් ව බඳින්නේ නෑ....” මීෂා එහෙම කියද්දි මම එයා දිහා බැලුවේ ගොඩක් තරහෙන්.
“කෙවින් කොහෙන්ද මේ කතාව මැද්දට ආවේ ? මම කොහොමත් කෙවින් ට ඔයාව දෙන්නේ නෑ......” මම මීෂා දිහා බලාගෙන ස්ථීරව ම කිව්වා.
“ඒ මොකද....?” මීෂා පුදුමයෙන් ඇහුවා.
“මොකද කිව්වොත්, ඔයා.... මගේ විතරයි.......” මම මීෂා ළඟට ම ගිහින් එහෙම කියද්දි එයා ටික වෙලාවක් මං දිහා බලාගෙන උන්නා.
“ඒත් මම දැන් ආදරේ කරන්නේ කෙවින්ට. මම ඒක කලිනුත් කිව්වනේ......” මීෂා එකපාරට ම මගෙන් ඈත් වෙන ගමන් අහංකාර ලීලාවකින් කිව්වා.
“ඒ බව මටත් තේරෙනවා...... පහුගිය ටිකේ ඔයා එයාට කෝල් එකක්වත් ගන්නවා මට ඇහුනේ නෑ......”
“ඒ ඔයාට අසනීප නිසානේ.... අද මම එයාව හම්බ වෙනවා......”
“මරු ආදරේ........” මම එහෙම කියන ගමන් හිනා වුනා.
“ආදරෙයි තමයි........”
“හරි..... එහෙනම් මම අද මේ ගැන කෙවින් එක්ක කතා කරන්නම්. එයා කැමති නම් ඔයා ඉක්මණින් ම එයාව කසාද බඳින්න ඕනා....”
“මම කාව වුනත් බඳින්නේ ඔයා පිළිවෙලක් වුනාට පස්සේ තමයි...” මීෂා හිතුවක්කාර විදිහට අත්දෙක බැඳගෙන කිව්වා.
“නෑ....... මම වෙන කෙනෙක්ව බඳින්නේ ඔයාත් වෙන කෙනෙක්ව බැන්දොත් විතරයි....” මම තරහින් කිව්වා.
“ෂේන්.... ඔයා මට වඩා වැඩිමල් වුනාට හැසිරෙන්නේ හරියට පොඩි එකෙක් වගේ..... ඔයාගේ ඔය තරහත් එක්ක ඔයා ගන්න හදිස්සි තීරණ වලින් ඔයාගේ ජීවිතේටවත් මගේ ජීවිතේටවත් හොඳක් වෙන්නේ නෑ. ඒ නිසා මම කියන දේ පොඞ්ඩක් අහන්න......”
“මීෂා.... කසාද බැඳලා දෙන්නෙක්ට සතුටින් ඉන්න නම් ඒ දෙන්නා අතර හොඳ විශ්වාසයක්, එකිනෙකා ගැන ගෞරවයක් වගේම කවදාවත් වෙනස් වෙන්නැති ආදරයක් තියෙන්න ඕනා. මොන තරම් නොගැලපීම් තිබුනත් මම අර කලින් කියපු කාරණා තුන තියෙනවා නම් ඕනම කෙනෙකුට ලස්සනට පවුල් ජීවිතයක් ගෙනියන්න පුලුවන්. හැබැයි අර කියපු කාරණා තුනෙන් එකක් හරි අඩු වුනොත් එතන ලොකු ප්‍රශ්නයක් ඇති වෙනවා. ඔයාට ඕනා මාව සතුටින් තියන්න කියලා මම දන්නවා. හැබැයි ඔයා තවම තේරුම් අරගෙන නෑ මගේ සතුට තියෙන්නේ කොතනද කියලා......”
“මට නොතේරෙනවා නෙවෙයි. ඒත් සමහර වෙලාවට හැම කෙනෙක්ගේම යහපත වෙනුවෙන් අපිට පොඩි කැපකිරීමක් කරන්න වෙනවා. මට ඒක කරන්න පුලුවන් නම් ඇයි ඔයාට බැරි ?”
“කාගේ යහපත වෙනුවෙන්ද ? මොනවද ඔයා කැප කරන්නේ ?”
මම තරහෙන් අහද්දි මීෂා මං දිහා දුකෙන් බලාගෙන උන්නා.

Comments
Post a Comment