කුඩම්මාගේ දුව - 20
කුඩම්මාගේ දුව - 20
©උපුටා ගැනීම තහනම්
“මං ආදරේ කරන කෙනාගේ සතුට වෙනුවෙන්...... මගේ ආදරේ මම කැප කරනවා. මම සතුටු වෙන්නේ ඔයා කාව හරි බැඳලා ඔයාටම කියලා ලස්සන පවුලක් හදාගත්ත දවසටයි.....”
“ඒ කියන්නේ ඔයා තවමත් ආදරේ කරන්නේ මටයි.” මම හෙමින් මීෂා ළඟට කිට්ටු වෙලා අහද්දි එයා මොකුත් නොකියා බිම බලාගත්තා.
“ඔයා ආදරේ කරන්නේ මටයි මීෂා.... ඒ වගේම ඔයාට මම නැතුව ඉන්න බෑ........” මම මීෂාගේ නිකටින් අල්ලලා එයාගේ මූණ මගේ දිහාට හරවා ගත්තා.
“මට පුලුවන්.....” මීෂා මගේ ඇස් දිහා කෙලින් බලලා එහෙම කියද්දි මම එකපාරට ම එයාව අත ඇරලා පැත්තකට වුනා.
“එහෙනම් යන්න.... ගිහින් මම නැතුව ජීවත් වෙන්න.” මම කිව්වා.
මීෂා මගේ කාමරෙන් පිටවෙලා යද්දි මම ඒ දිහාවත් නොබලා උන්නේ හිතේ ඇතිවුන වේදනාව නිසයි. ඒත් ඒ වෙලාවේ මම කොහෙත්ම බලාපොරොත්තු වුනේ නෑ මීෂා ගෙදරින් යයි කියලා. සමහරවිට මම කියපු දේ එයාගේ හදවතට තදින් ම දැනෙන්න ඇති. එයා කාටත් හොරෙන් එදා ම ගෙදරින් පිට වෙලා තිබුනා.
“ෂේන්.....” මම කෙවින්ව මුණගැහෙන්න ගියාම එයා මං දිහා බැලුවේ පුදුමයෙන්.
“මීෂා ගෙදරින් ගිහින්....”
“මොනවා ?”
“එයාගේ ෆෝන් එක වැඩ කරන්නෙත් නෑ.....”
“එයා කොහේ යන්න ඇද්ද ?”
“එයා ගිය තැන ඔයා දන්නවා. ඒකයි මම ඔයාව හොයාගෙන ආවේ.......” මම එහෙම කියද්දි කෙවින් ටික වෙලාවක් කල්පනා කලා.
“හරියට ම විශ්වාස නෑ. ඒත් මම හිතනවා එයා ආපහු තාත්තා ළඟට යන්න ඇති කියලා. කාර් එකට නගින්න. අපි දැන්ම ගිහින් බලමු....”
“අපි ? නෑ..., මම යන්නේ තනියම. මට එයා ඉන්න තැන විතරක් හරියට ම කියන්න...”
මම එහෙම කියද්දි කෙවින් මං දිහා බැලුවේ තරහින්.
ඊට පස්සේ එයා කොලේක ලිපිනය ලිව්වා.
“මම මේක කරන්නේ මීෂා වෙනුවෙන්....” කෙවින් කොලේ මං අතින් තියන ගමන් කිව්වා.
“මම දන්නවා......”
මම එහෙම කියලා ගිහින් කාර් එකට නැග්ගේ කෙවින්ට ස්තූති කරන්නෙවත් නැතිවයි.
“සරලව, ස්තූතියි කියලාවත් කියන්න බැරිද ?” කෙවින් නෝක්කාඩුවට වගේ ඇහුවා.
“මොනවටද ? මීෂා නැතුව මම හරියට නින්දක්වත් නැතුව උන්න කාලේ මීෂා එක්ක මට හොරෙන් රවුම් ගහපු එකටද ?” මම තරහින් ඇහුවා.
“මීෂාට තමයි ඔයාගෙන් ඈත් වෙලා ඉන්න ඕන වුනේ... මීෂා මට කිව්වා ඔයාට එයා ඉන්න තැන ගැන කවදාවත් කියන්න එපා කියලා....”
“ඇයි මට කියන්නෙපා කිව්වේ ?” මම පුදුමයෙන් ඇහුවා.
“සුභ ගමන්......”
කෙවින් මම අහපු දේට උත්තර නොදී මට සුභ පතලා ගියේ ඇයි කියලා මම පුදුම වුනා. කොහොම වුනත් කෙවින්ගේ සුභපැතීම ඇතුලේ තිබුනේ යම්කිසි උපහාසාත්මක බවක් නැත්නම් ඉස්සරහට සිද්ධ වෙන්න තියෙන අසුභ දෙයක් ගැන ඉඟිකිරීමක් කියලා මට හිතුනා. ඒත් ඒ දේවල් ගැන වධ වෙවී ඉන්න තරම් කාලයක් මට තිබුනේ නෑ. මම ඉක්මණින් ම කෙවින් දීපු විස්තර වලට අනුව මීෂාව හොයාගෙන යන්න පිටත් වුනා.
මීෂා ඉන්න බාර් එක හොයාගන්න මට මුලු දවසක් ම ගත වුනා. මම බාර් එක ළඟට යද්දි මිනිස්සු ඒක ඇතුලට යන්න පොරකකා ඉන්න හැටි දැකලා මම පුදුම වුනා. කාර් එක නවත්තලා මම බාර් එක ළඟට ආවත් මිනිස්සු පිරිලා උන්න නිසා මට දොර ළඟට යන එක පොඞ්ඩක් අමාරු වුනා.
“මෙතන හැමදාම මෙහෙමද ?” ටිකට් ගන්න තැනට යාගන්න පුලුවන් වුන ගමන් මම කවුන්ටරේ හිටපු ගෑණු ළමයාගෙන් ඇහුවා.
“නෑ....” එයා උත්තර දුන්නේ කෙටියෙන්.
“ඇයි ඔයා දන්නැද්ද ? රතු මිරිස් කරල ආයෙත් ඇවිත්....” මට පිටිපස්සෙන් උන්න හාදයා එහෙම කියද්දි මම පුදුමයෙන් එයා දිහා බැලුවා.
“රතු මිරිස් කරල ?” මම පුදුමයෙන් ඇහුවා.
“සර් කරුණාකරලා ඉස්සරහට යනවද ? තව ටිකට් ගන්න කට්ටිය ඉන්නවා.....” කවුන්ටරයේ උන්න ගෑණු ළමයා මං දිහා බලලා කිව්වා.
“සොරි... මට දැනගන්න ඕනා මේකේ වැඩකරන මීෂා කියන ගෑණු ළමයා ගැන..”
“එහෙම කෙනෙක් මෙහේ නෑ....”
“ඒයි... ඔය ඉස්සරහා මොකද වෙන්නේ ?” ටිකට් ගන්න පෝලිමේ ඉන්න අය කෑ ගහද්දි මම ඉස්සරහට ගියා.
බාර් එක ඇතුලේ තිබුනේ අඩ අඳුරක්. සැරින් සැරේ නිවි නිවි පත්තු වෙන බල්බ් වලින් පෙනුන විධියට තැනින් තැන උන්නේ අඩනිරුවත් ගෑණු. ඒ අතරින් දිග ගවුමක් ඇඳගත්ත කෙල්ලෙක් ඉන්නවද කියලා මම විපරමින් බලන ගමන් බාර් එකේ ඇතුලට ම ගියා. ගෑණු පිරිමි පිස්සුවෙන් වගේ නටනවා, කෑ ගහනවා. සමහරු හොඳටම මත්වෙන්න බොනවා. සෑහෙන කාලයක් ගත වුනත් මීෂා පේන්න ආවේ නෑ.
“Excuse me... මේකේ වැඩ කරනවාද මීෂා කියලා කෙනෙක්.....” බාර් එකේ වැඩ කරන කීප දෙනෙක්ගෙන් ම මම මීෂා ගැන ඇහුවත් ඒ කිසිම කෙනෙක් මීෂාව දැනගෙන උන්නේ නෑ.
“මේකේ අයිතිකාරයා මාක් විල්සන් කියලා කෙනෙක්ද ?” බැරිම තැන මම වේටර් කෙනෙකුගෙන් එහෙම ඇහුවා.
“ඔව්.....”
“එයාගේ දුව....”
“අයියෝ... එනවා, එනවා. පොඞ්ඩක් ඉවසලා ඉන්නකෝ. මට දැන් මේක කියලම ඇති වෙලා....” වේටර් තරහෙන් වගේ එහෙම කියද්දි මම පුදුම වුනා.
“මම එක පාරනේ ඔයාගෙන් ඇහුවේ.”
“හැමෝම අහන්නේ ඉතින් ඕකම තමයි...”
“හැමෝම ? ඇයි හැමෝම අහන්නේ ? එයා දැන් මෙතනට එනවද ?” මම කිසිම දෙයක් තෙරුම්ගන්න බැරුව ඇහුවා.
“ඔන්න එන්නයි හදන්නේ. ඇති යන්තම් දැන්වත් සැනසීමෙන් උන්නහැකි...” වේදිකාව උඩ උන්න අඩනිරුවත් නිවේදිකාව පෙන්නලා එහෙම කියපු වේටර් එතනින් යන්න ගියා.
“හෙලෝ කට්ටිය.....” නිවේදිකාව කෑ ගහද්දි බාර් එකේ උන්න හැමෝම ඔල්වරසන් දුන්නා.
“මේ ඉන්නේ මීෂාද ?”
මම ගැහෙන හිතින් නිවේදිකාව දිහා බැලුවා. ඒත් ඒ උන්නේ මීෂා නෙවෙයි කියලා දැනගත්තහම මගේ හිතට ඇති වුනේ ලොකු සැනසීමක්.
“රතු මිරිස් කරල.....” හැමෝම කෑ ගැහුවා.
“හොඳයි... හරි.... හෝව්.... හෝව්.... සද්දේ නවත්තන්න....” නිවේදිකාව එහෙම කිව්වත් සද්දේ නවතින්න ටික වෙලාවක් ගියා.
“මම දන්නවා ඔයාලා හැමෝම ගොඩක් දුකෙන් උන්නේ ෂෙරිල් නැතුව...” නිවේදිකාව එහෙම කියද්දි මම පුදුමයෙන් ඒ දිහා බැලුවා.
“ෂෙරිල් ?” මට පුදුමයට කියවුනා.
“මේ බාර් එක පාලු වෙලා හිස් වුනා ෂෙරිල් නැතුව. හැමදාම අපිව සතුටු කරලා ඇති වෙලා එයා ගියා එයාගේ සතුට හොයාගෙන. ඒත්..... එයාගේ සතුට හොයාගෙන යන ගමනේ දි එයා තේරුම් ගත්තා එක දෙයක්. ඒ තමයි... එයාගේ සතුට තියෙන්නේ මේ නිව් පර්ල් රේජ් බාර් එකේ විතරයි කියන එක......” නිවේදිකාව තාලයකට වගේ එහෙම කියලා කෑ ගහද්දි බාර් එකේ අය ආයෙත් ඔල්වරසන් දුන්නා.
සිද්ධ වෙන්න යන්නේ මොකක්ද කියලා මම බලාගෙන උන්නේ ගැහෙන හදවතින්. මොන දේ සිද්ධ වුනත් ඒකට මීෂාව නම් අදාල වෙන්න එපා කියලා මම හදවතින් ප්‍රාර්ථනා කලා.
“හොඳයි එහෙනම්..... පිළිගන්න ෂෙරිල්...... අපේ රතු මිරිස් කරල....” නිවේදිකාව එහෙම කියද්දි හැමෝම බාර් එක දෙවනත් වෙන්න කෑ ගැහුවා.
මුලින් ම මුලු බාර් එකේම ලයිට් නිවුනා. ඊට පස්සේ සරාගී සංගීතයක් එක්ක වේදිකාවේ බල්බ් එකින් එක දැල්වෙන්න පටන් ගත්තා. එක පාරටම ලොකු ආලෝකයක් වේදිකාව උඩ උන්න රතු පාට කොට සායකුයි කොට හැට්ටයකුයි ඇඳගත්ත ගෑණු ළමයෙක් මතට වැටෙද්දි හැමෝම ආයෙත් කෑ ගැහුවා. ගෑණු ළමයාගේ මූණ ආවරණය වෙන්න ලොකු කලු පාට තොප්පියක් දාගෙන උන්න නිසා මට එයාගේ මූණ පැහැදිලිව පෙනුනේ නෑ. ඒත් එයාගේ කොට සායේ වාටියටත් වඩා දිග කොණ්ඩය මට මතක් කලේ එකම එක කෙනෙක්වයි.
“මීෂා...” මම ගැහෙන හදවතින් වේදිකාව උඩ ඉන්න ගෑණු ළමයා දිහා හොඳින් බැලුවා.
“නෑ... එයා කවදාවත් මෙහෙම අඳින්නේ නෑ....”
මම එහෙම හිතද්දි ම එයා සංගීතයට අනුව සරාගී නැටුමක් නටන්න පටන් ගත්තා. මුලු බාර් එකේම අය පිස්සු වැටිලා කෑ ගහද්දි එයා වේගයෙන් කැරකිලා ඔලුවේ තිබුන තොප්පිය ගලවලා විසි කලා. එතකොටම මම එයාගේ මූණ දැක්කා.
“මීෂා.......” මට දැනුනේ මගේ ඔලුව කැරකෙනවා වගේ.
“නෑ... නෑ.... නෑ... නෑ..... නෑ.....” මම පිස්සෙක් වගේ කියවන ගමන් පස්සෙන් පස්සට ගියා.
මීෂා කොයි තරම් සරාගී විධියට නැටුවාද කියනවා නම් ඒ ඉන්නේ මීෂා ම ද කියලා මට හිතාගන්න බැරි වුනා. කිසි වැදගැම්මකට නැති විවිධ වයස් වල පිරිමි වේදිකාවට නගින්න පොරකද්දි එයාලාව වලක්වන්න වෙනම ම ආරක්ෂකයන් පිරිසක් උන්නා. එහෙම නොවෙන්න ඒ මිනිස්සු මීෂාට මොනවා කරයිද කියලා මට හිතාගන්න බැරි වුනා. මට දැනුනේ මගේ ඔලුව ගිනි ගන්නවා වගේ. මීෂා අඩනිරුවතින් ඉන්න හැටි වෙනත් මිනිස්සු ආසාවෙන් බල බල ඉද්දි මට මීෂා දිහා බලන්න බැරුව මගේ ඇස් මටත් නොදැනිම බිමට බර වුනේ ඒ ඇස්වලින් කඳුලු ගලන්න පටන් ගන්නවත් එක්කමයි.
“ඕක නවත්තන්න.....” මම අඬන ගමන් කෑ ගැහුවා.
කිසිම කෙනෙකුට මම කියපු දේ ඇහුනේ නැති බව මට විශ්වාසයි. මොකද මීෂාට වහ වැටුන මිනිස්සුන්ගේ සද්දේ මගේ කටහඬ අභිබවලා ගිහින් තිබුනා. මම තනියම බාර් එකේ කොණක වාඩිවෙලා අඬද්දි කිසිම කෙනෙක් මාව දැක්කෙවත් නැත්තේ මීෂා ඒ හැම කෙනෙක්ගේ ම අවධානය එයා දිහාට අරගෙන තිබුන නිසයි.
ඇවිදින්න පුලුවන් තරමට මගේ කකුල් දෙකට පණ ආව ගමන් මම වැනි වැනි බාර් එකෙන් එළියට ගියා. මම එළියට ගියේ බිම බලාගෙන නිසා මං ඉස්සරහා උන්න කෙවින්ව මම දැක්කේ නෑ.
“ෂේන්....” කෙවින් කතා කරද්දි මම එයා දිහා බැලුවේ එයාව මරන්න තරම් කේන්තියකින්.
“පාහර බල්ලා...”
මම කෙවින්ව අල්ලගෙන එක දිගට ම එයාගේ මූණට පහර දුන්නත් කෙවින් මාව වළක්වන්න හැදුවේවත් මට ගහන්න හැදුවේවත් නෑ. ටික වෙලාවකින් මම කෙවින්ව අත ඇරලා අඬ අඬ පැත්තකට වෙද්දි මම දැක්කා කෙවින්ගේ ඇස් දෙකෙන් කඳුලු ගලන හැටි.
“මම උඹව මරන්න කලින් මෙතනින් පලයන්....” මම මගේ කාර් එකට වත්තම් වෙන ගමන් කිව්වා.
“මට සමාවෙන්න ෂේන්......” කෙවින් කිව්වා.
“මම උඹට කවදාවත් සමාව දෙන්නේ නෑ.....”
“මම මීෂාව හොයාගද්දි මම පරක්කු වැඩියි. එයා මේ වගේ කෙනෙක් කියලා උඹට කියන්න තරම් ශක්තියක් මට තිබුනේ නෑ. මම ගොඩක් උත්සාහ කළා මීෂාව මෙතනින් ගලවගන්න. ඒත්..... එයා කැමති වුනේ නෑ.....”
“උඹට තිබුනා මට මේක කියන්න. එහෙම වුනා නම් මම ඒ වෙලාවෙම මීෂාව ගෙදර අරගෙන යනවා.....”
“ඔයා මේ ගැන දැනගන්න දවසට ඒක මීෂාගේ ජීවිතේ අවසාන දවස කියලා එයා මට කිව්වා. ඔයාගේ හිතේ එයා ගැන තියෙන ආදරයයි ගෞරවයයි තමයි අදටත් එයාව ජීවත් කරවලා තියෙන්නේ. ඔයා ඉස්සරහා එයාගේ ඇත්ත තත්ත්වය එළි වුනා කියලා එයා දැනගත්තොත් එයා ඇත්තටම මැරෙයි ෂේන්... ඒ නිසා ප්ලීස්.... දැන් ගෙදර යමන්... මම මීෂා එක්ක කතා කරලා ආයෙත් ගෙදර එක්කගෙන එන්නම්......”

Comments
Post a Comment