After - 01
18 +
ඇනා ටොඩ්ගේ නවකතාවක් ඇසුරින් Jenny Gage, Tamara Chestna, Susan McMartin යන අය විසින් ලියන ලද Script එකට අනුව නිර්මාණය වූ After චිත්‍රපටය ඇසුරින් ලියන ලද්දකි. චිත්‍රපටය ඇසුරෙන් ලියූ නිසා නව කතාවට වඩා වෙනස්කම් ඇති වීමට බොහෝ සෙයින් ඉඩ ඇත. මෙම කතාවේ අයිතිවාසිකමක් මට කිසිසේත් නොමැත. අඩුපාඩු ඇත්නම් සමාවෙන්න. වැරදි තැනක් තිබුණොත් අපහාස නොකර කියලා දෙන්න. Thanks

==========================
අප ජීවිතවල අපව අර්ථ දක්වන මොහොතවල් තිබේ. අපි නැවත නැවත සොයා යන මොහොතවල්....
ඔහු මගේ ජීවිතයට එන්නට පෙර මගේ ජීවිතය සරල, නිශ්චිත එකක් විය. නමුත් ඔහුගේ පැමිණීමෙන් පසු... ඉන් පසු....??? [ටෙසා යන්ග්]
=======================
After - 01
චාම් ඇඳුමකින් සැරසුණ ටෙසා තව එක් වතාවකට තම සුවපහසු ඇඳේ දිගා වූවාය. ඇය සිටින්නේ නොසන්සුන් සිත සන්සුන් කරගැනීමට උත්සාහ දරමිනි. අදින් ආරම්භ වන අලුත් ජීවිතයට මුහුණ දෙන්නට තරම් ඇය ශක්තිමත්ය. එහෙත් තම නිවසත්, තම ආදරණීය මවත් කුඩා කල පටන් හොඳම මිතුරෙකු සේ උන් තම පෙම්වතාවත් අත්හැර යාම ඇයගේ සිත රිදවීය. ඇය හිත ශක්තිමත් කරගෙන ඇඳෙන් බිමට බැස්සාය. තම අඩුම කුඩුම දැමූ කාඞ්බෝඞ් පෙට්ටියක් ඔසවාගත් ඇය කාමරයේ දොර අසළට ගොස් තව එක් වරක් ඒ දෙස හැරී බැලුවාය.
“ටෙසා...” ඒ ඇසෙන්නේ ඇගේ මවගේ හඬය. ටෙසා කාමරයට පිටුපා හැරුණාය. ඇය තනිවම සිනාසුණාය. ඇය අලුත් ජීවිතයට ශක්තිමත් දෙපාවලින් පියනඟන්නට අදිටන් කරගන්නට ඇත.
ඇය තම මව සමඟ උදෑසන ආහාරය ඉක්මණින් ගිල දැමුවාය.
“හරි... අපිට මොනවද අමතක වුණේ ? ඔයාගේ කොණ්ඬේ වියලනය...?” ටෙසාගේ අම්මා ඇසුවාය.
“නෑ...” ටෙසා සැහැල්ලු ලෙස උත්තර දුන්නාය.
“ෆ්ලෑෂ් ලයිටරය...??”
“අම්මේ මම යන්නේ කොලේජ් එකට... ජීවිතය බේරාගැනීමේ වැඩමුළුවකට නෙවෙයි...” ටෙසා සිනාසෙමින් කීවාය.
“තුවා...? බැටරි චාජර් ? ෆෝන් චාජර් ?” ටෙසාගේ මව ලැයිස්තුවක් කියාගෙන යන්නට විය. ටෙසා සිනාසෙමින් බලා සිටියාය. කාරයට බඩු අහුරමින් සිටි ටෙසාගේ පෙම්වතා අවසන් බඩු පෙට්ටියද ගැනීමට පැමිණියේ ටෙසාගේ මව ලැයිස්තුව කියවාගෙන යන දෙසත් ටෙසා දෙසත් සිනාසෙමින් බලමිනි.
“මොනවා හරි අමතක වෙලා තිබුණොත් මට ඕන වෙලාවක ගිහින් දීලා එන්න පුලුවන්...” ඔහු කරුණාවන්තව කීවේය. එම වචනවලින් ටෙසාගේ මව සෑහීමකට පත් වූවාය. ඇය ටෙසා දෙස බලා සිනාසුණාය.
“හරි අපි යමු. අපිට ගොඩක් දුර යන්නත් තියෙනවා....” ටෙසාගේ මව නැගිටිමින් කීවාය.
“මම තව විනාඩියකට කාමරය චෙක් කරලා එන්නම්....” ඇය කීවාය. ටෙසා තම මව අමතක කර යන ඇගේ අත් බෑගය රැගෙන ඈ පසුපසින් වැටුණාය.
“අම්මේ...”
“අහ්... ස්තූතියි පැටියෝ...” ටෙසා තම අත්බෑගය රැගෙන එනු දුටු ඇගේ මව කීවාය.
අධිවේගී මාර්ගය හරහා කාරය වේගයෙන් ඇදී යන්නට වූයේ වනාන්තර සහිත කඳුකරය පසුකරගෙනය. පැය කීපයකට පසු ඔවුන් සිටියේ ජනාකීර්ණ නගරය තුළට ඇතුල් වෙමිනි. ඈතින් පෙනෙන අහස උසට විහිදුන ගොඩනැගිලි හිරු එළියෙන් දිලිසුනේය. ටෙසා සිටියේ උද්දාමයට පත්වය. විශ්ව විද්‍යාල භූමියට ඇතුල්වන විට ඇගේ මුහුණේ ලා සිනාරැල්ලක් මතුවිය. කාරය නවතා ටෙසාගේ අඩුම කුඩුම රැගත් ඔවුන් තිදෙනා ටෙසා නවතින කාමරය සොයමින් යන්නට වූහ.
“අපි ඉන්නේ හරි තට්ටුවේ...” ටෙසාගේ මව කීවාය.
“B - 22...” ටෙසා තමාටම මුමුණමින් තම කාමරය සොයා ඉදිරියට යන්නට වූවාය.
“B - 22...” කාමරය සොයා ගත් ටෙසාගේ මව සිනාසෙමින් කීවාය. ටෙසාත් ඇගේ පෙම්වතාත් මුහුණින් මුහුණ බලා සිනාසුණහ. ටෙසාගේ මව දොර විවර කළාය. ඇය පසුපසින් ටෙසා සහ ඇගේ පෙම්වතා කාමරය තුළට ඇතුල් වූහ. ටෙසාගේ මව ක්ෂණිකව නතර වූවාය. ඇයගේ මුහුණේ වූ ස්වභාවය ටිකෙන් ටික වෙනස් වන්නට විය. කාමරයේ ඇඳවල් දෙකක් වූ අතර ඉන් එක් ඇඳක් උඩ සංකර ලෙස ඇඳපැළඳගත් යුවතියන් දෙදෙනෙක් වාඩි වී සිටියහ. එයින් එකියකගේ කොණ්ඩය වර්ණ ගැන්වූ කැරලි එකක් වූ අතර ඇය නහයට පහලින් කරාඹු පැළඳ විශාල කණ් තෝඩු සහ මාල කිහිපයක් පැළඳ සිටියාය. අනෙකා උඩුකය සහ බඳ පෙදෙස හොඳින් නිරාවරණය වන හැට්ටයක් ඇඳ සිටි අතර ඇගේ කොණ්ඩය ඉහලට කර බැඳ තිබිණි. ඔවුන් දෙදෙනා තමුන් කරමින් උන් ක්‍රීඩාව නවතා ටෙසා ඇතුළු පිරිස දෙස බලා සිටියහ.
“හායි...” කැරලි කොණ්ඩය සහිත යුවතියක් කීවාය.
“හායි...” ටෙසා සිනාසී තම බඩු පෙට්ටිය මේසයක් මත තැබුවාය.
“අහ්... මේ... ස්ටේෆ්...??” ටෙසා තරුණියන් දෙදෙනා දෙසම මාරුවෙන් මාරුවට බලමින් ඇසුවේ එයින් දෙදෙනාගෙන් ස්ටේෆ් කව්දැයි දැනගැනීමටය.
“මෙන්න ඉන්නවා...” කැරලි කොණ්ඩය සහිත යුවතිය සිනාසී නැඟිටිමින් කීවාය.
“මම ටෙසා...” ටෙසා සිනාසෙමින් ඇය ඉදිරියට ආවාය. ස්ටේෆ් ඇගේ උරහිසට අත තබා අනෙක් තරුණිය දෙස බැලුවාය.
“මේ මගේ කාමරය බෙදාගන්න අලුත් සඟයා...” ස්ටේෆ් අනෙක් තරුණියට ටෙසාව හඳුන්වා දුන්නාය. ඇය ඇඳෙන් නැගිට සිනාසුණාය.
“මේ ඉන්නේ ටි්‍රස්ටන් (Tristan)...” ස්ටේෆ් තම මිතුරියව ටෙසාට හඳුන්වා දුන්නාය.
“හායි...” ටි්‍රස්ටන් ප්‍රියමනාප අයුරින් ටෙසාව වැළඳගනිමින් කීවාය.
“හායි... මම ටෙසා....”
“ඇතුළට එන්නලා... අපි හපන්නේ නෑ...” ටි්‍රස්ටන් ටෙසාගේ මව සහ ටෙසාගේ පෙම්වතා දෙස බලා කීවාය.
“ඔහ්... මේ ඉන්නේ මගේ අම්මා... මේ නෝවා...” ටෙසා ඉක්මණින් ඔවුන්ව තම අලුත් මිතුරියන්ට හඳුන්වා දුන්නාය. ස්ටේෆ් තම දුම්වැටිය උරා දුම් පිට කළාය.
“හෙලෝ....” නෝවා සිනාසෙමින් ආචාර කළේය.
“හායි...” ටෙසාගේ මව සිනාසී වුවත් එය කීවේ එතරම් කැමැත්තකින් නොවීය. ස්ටේෆ් යළි තම දුම්වැටිය උරා දුම් පිට කළාය.
“අලුත් කෙනෙක් එක්ක කාමරය බෙදාගන්න එක මහා කරදරයක් වෙයි කියලා මම හිතුවේ. ඊටපස්සේ මම කල්පනා කළේ ඒකේ හොඳ පැත්ත... හලෝ... මම ඔයාගේ ආත්ම මාර්ගෝපදේශකයා වෙන්නයි යන්නේ...” ස්ටේෆ් තම දෑත් ටෙසාගේ උරහිස් මත තබමින් කීවාය. ටෙසා සිනාසුණාය.
“අපිට ඔයාව හොඳම තැන්වලට අරගෙන යන්න පුළුවන්... බොරු හැඳුනුම්පතක් නැතිව වුණත්... කිසිම අවුලක් නෑ...” ටි්‍රස්ටන් ආඩම්බරයෙන් කීවාය. එය අසා සිටි නෝවාගේ දෙබැම ඉහළ ගියේය.
ටෙසා තම මව දෙස හැරී බැලුවාය. මෙතෙක් වේලා දෑත් බැඳගෙන සියල්ල අසාගෙන සිටි ඇය බොරුවට සිනාසෙමින් තම දියණියට එළියට එන ලෙසට හිසින් සන් කළාය.
“අම්මේ...?” ටෙසා තම මව පස්සෙන් යමින් කීවාය.
කාමරයේ තනි වූ නෝවා ව්‍යාකූල වූ මනසින් යුතුව ටෙසාට අයිති ඇඳ මත වාඩි වුණේය.
“මම ඔයාගේ ස්වේටර් එකට කැමතියි...” ටි්‍රස්ටන් කීවාය.
“ස්තූතියි... මම ඒක ගැප් එකෙන් අරගත්තේ...” නෝවා ඉක්මණින් සිනාසී කීවේය.
ස්ටේෆ් සහ ටි්‍රස්ටන් කොක්හඬලා සිනාසෙමින් මුහුණෙන් මුහුණ බලාගත්හ.
“හුරතල්...” ටි්‍රස්ටන් කීවාය.
“අපි මේ දැන්ම හොස්ටල් ඔෆිස් එකට ගිහින් කාමර මාරුකිරීමක් ඉල්ලනවා...” ටෙසාගේ මව නොසන්සුන්ව ඇවිද යමින් කීවාය.
“ඉන්න, ඔයා මොනවද මේ කියන්නේ ?” ටෙසා ඇසූ විට ඇගේ මව නතරව පුදුමයෙන් හැරුණාය.
“අර කාමරේ... දුම් ගඳින් පිරිලා.... ඔයා කොහෙත්ම ඒකේ ඉන්නේ නෑ...”
“අම්මේ කරුණාකරලා ඕක නවත්වනවද ?”
“අපි මේ වෙනුවෙන් ගොඩක් මහන්සි වුණා.”
“හරි හරි...”
“වෙන කෙනෙක් නිසා ඔයා නොමඟ යනවා දකින්න මට ඕන නෑ...”
“අම්මේ... මේ මම ගැනයි අපි කතා කරමින් ඉන්නේ. කරුණාකරලා ඔයාට පුළුවන්ද මාව විශ්වාස කරන්න ?” ටෙසා තම මවගේ දෑතින් අල්ලාගෙන දැඩි ආත්ම විශ්වාසයකින් යුතුව ඇසුවාය. ඇයගේ මව නිරුත්තරව ඈ දෙස බලා සිටියාය.
“හැමදේම හොඳින් වේවි... මම පොරොන්දු වෙනවා...” ටෙසා විශ්වාසයෙන් කීවාය. ඇගේ මව සිනාසුණාය.
--------------------------
“මුළු ගේම ඔයා නැතුව පාලු වේවි...” ටෙසාගේ මව කාරයට ගොඩවන්නට පෙර ටෙසාගේ කම්මුල් අතගා කීවාය. ඇගේ හඬ ශෝකයෙන් පිරී තිබිණි.
“මං දන්නවා...” ටෙසා ආදරෙන් කීවාය. නෝවා කාරයේ ඩිකිය මත වාඩි වී සිටියේය.
“මට ඔයා නැතුව පාළු හිතේවි...” ටෙසා මවට කීවාය.
“ඔහ්... ටෙසා... මට ඔයා ගැන හරිම ආඩම්බරයි...” මව කීවාය.
“ස්තූතියි අම්මා...”
“මං ඔයාට ආදරෙයි මගේ පැටියෝ....” ටෙසාගේ මව ටෙසාව තුරුලුකරගෙන හාදු දෙමින් කීවාය.
“මං යනවා... පස්සේ හම්බෙමු...” ටෙසාගේ මව ඇයට සමු දී කාරයට ගොඩ වූවාය. ටෙසා නෝවා අසළට ගියාය. නෝවා සිනාසෙමින් නැගිට ටෙසාගේ පෙට්ටියක් ඇය අත තැබුවේය. ටෙසා එය බිම තබා නෝවාට සමුදෙන්නට සැරසුණාය.
“මේක තමයි මම වැඩියෙන්ම බයෙන් උන්න කොටස...” නෝවා කීවේය.
“මගෙත්...” ටෙසා සෙනෙහසින් කීවාය.
“ආ.. මම මේ කියන්නේ ඔයාගේ අම්මා එක්ක කාර් එකේ යන එක ගැන...” නෝවා කී විට ටෙසා සිනාසුණාය. නෝවා ඇයව වැළඳගත්තේය.
“හරි...” ඔහු ඇයව මුදාහැර තොල්වලට කෙටි හාදුවක් තැබුවේය.
ඉතින් ඒ සමුගැනීම එසේ විය. කාරය නොපෙනී යන තුරු ටෙසා දුකෙන් බලා සිටියාය.
Comments
Post a Comment