After - 04
18 +
[After 2019 චිත්‍රපටය ඇසුරින් ලියන ලද්දකි.]
“ඔයාට කවුරුත් කතා කළේ නෑ...” සෙඞ් මොලී දෙස බලා තරහෙන් කීවේය. ටෙසා එක්වරම මත්පැන් බෝතලය ගෙන කටේ තබාගෙන උගුරක් පානය කළ අතර තවත් උගුරක් කටේ ඉතිරි වන විට ඇය ඉක්මණින් බෝතලය කටින් ඉවත් කර ගත්තාය. ඇය කටේ ඉතිරිව තිබූ මත්පැන් ටිකද අපහසුවෙන් ගිල දැමුවාය.
“අන්න හරි...” අනෙක් අය සතුටින් කෑ ගසන විට මොලී ඇය දෙස බලා සිනාසෙන්නට වූවාය. හාඩින් සියල්ල දෙස නිහඬව බලා සිටියේ ඕනාවට එපාවට මෙන්ය.
“චියර්ස් ඒ වෙනුවෙන්...” කට්ටිය ටෙසා වෙනුවෙන් සව්දිය පුරවන්නට වූහ. මොලී සහ හාඩින් යළි තම පෙම් සයුරේ ගිලෙන්නට වූ අතර ටෙසාට මඳ මත් ගතියක් දැනිණි. ඇය නැගිට ගොස් වෙනත් පුටුවකින් වාඩි වූවාය.
“හරි... කට්ටිය... සත්‍ය හෝ අභියෝගය ?” මොලී ඇසුවාය.
“මොකක් ?” සෙඞ් ඇසුවේය.
“සත්‍ය හෝ අභියෝගය ....”
“බෑ... බෑ...” සෙඞ් බරපතල ලෙස කීවේය.
“ඒක ළමා ක්‍රීඩාවක් නේද ?” ටෙසා පුදුමයට පත්ව ස්ටේෆ්ගෙන් ඇසුවාය. ස්ටේෆ් සිනාසුණාය.
“අපි සෙල්ලම කරන විධියට එහෙම නෑ...” ස්ටේෆ් යමක් කියන්නට පෙර මොලී ටෙසා දෙස බලා කීවාය. ඇගේ හඬෙහිද බැල්මෙහිද වූයේ අනතුරු හඟවන ස්වරයකි.
“හේයි ටෙසා... සත්‍යයද ? අභියෝගයද ?” ජේස් ඇසුවේය. ඔහුගේ හඬින් ඔහු හොඳින් මත්ව සිටින බව කිව හැක. සෙඞ් කුතුහලයෙන් ටෙසා දෙස බැලුවේය.
“සත්‍යය...” ටෙසා නිර්භීතව කීවාය.
“ඔයා සෙක්ස් කරපු පිස්සුම ස්ථානය මොකක්ද...?” මොලී ක්ෂණිකව ඇසුවාය. සෝෆාව මත ඇල වී සිටි හාඩින් කුතුහලයෙන් ටෙසා දෙස බැලුවේය.
“අහ්... ම්ම්..... මම ඒ ප්‍රශ්නය මඟහරිනවා...” ටෙසා දෙනෙත් බිමට යොමු කරමින් කියා යළි මොලී දෙස කෙළින් බැලුවාය.
“ඇයි ? ඒක ලේසි ප්‍රශ්නයක්නේ...” මොලී කීවාය. ටෙසා නිරුත්තරව බලා සිටියාය. ඇගේ දෑස් යළි බිමට නැඹුරු විය. ඇය තමා අපහසුතාවයට පත් වූ බව නොපෙන්වා ඉන්නට උත්සාහ දරමින් අසුනේ හරි බරි ගැසුණාය.
“ඉන්න...” ටෙසාගේ හැසිරීම තේරුම් ගත්තාක් මෙන් මොලීගේ මුහුණට කපටි උපහාසාත්මක සිනහවක් ආරූඨ විය.
“ඔයා තාම කන්‍යාවියක්ද ?” මොලී දෑසක් කුඩා කරමින් ඇසුවේය. හාඩින් යළි ටෙසා දෙස බැලුවේය. සෙඞ් ද කුතුහලයෙන් ටෙසා දෙස බැලූ අතර ජේස් ද සිනාසෙමින් උනන්දුවෙන් බලා සිටියේය. සෙල්ලමේ හැටියට දෙවන ප්‍රශ්නය මඟ හැරිය නොහැක...
“මම අභියෝගයක් බාර ගන්නවා....” ටෙසා කීවාය.
“මම අභියෝග කරනවා හාඩින් එක්ක ශෲංගාරයේ යෙදෙන්න කියලා...” ජේස් කීවේය.
“ඇය ඒක කරන්නේ නෑ...” ස්ටේෆ් කීවාය. මොලි කිසිම ගාණක් නැතිව සෝෆාවේ ඇල වී සිටින හාඩින් දෙස බලා යමක් ඉඟි කළේය. හාඩින් එය තේරුම් ගත්තාක් මෙන් සෝෆාවෙන් නැගිට්ටේ ටෙසාව පුදුමයට පත් කරවමිනි.
“මේක නම් කොහෙත්ම හොඳින් ඉවර වෙන්නේ නෑ...” ජේස් උද්දාමයෙන් කීවේය.
ටෙසා හුස්ම ගැනීමට අමතකව ගිය සේ හාඩින් දෙස බලා සිටියාය. සුපුරුදු ලෙස කලු කමිසයකින් සහ කලු කලිසමකින් සැරසී උන් ඔහු නොවැළැක්විය හැකි තරමේ ආක්රශණීය තරුණයෙක් වූයේය. හාඩින් ටෙසා වෙත ඇවිද යන දෙස සියල්ලෝම බලා උන්නේ ඉමහත් ඕනෑකමිනි. ඔහුගේ සිරුරේ පච්ච කොටා තිබූ ආකාරයද වෙනස් වූ අතර ඒවා ද අමුතු ආකර්ශණීය බවක් ඔහුගේ සිරුරට ගෙන දුන්නේය. ඔහුගේ ඇස් දෙකේ බැල්මේ පටන් දෙපතුල දක්වා ඔහුගේ හැම අංග චලනයකම වූයේ සිත් ඇදගන්නාසුළු බවකි. හාඩින් ටෙසා අසළ නතරව ඇගේ මුහුණට එබුණේය. ඔවුන් දෙදෙනා අතර වූයේ වියතක පමණ පරතරයකි. ටෙසා ඔහුගේ දෑස් දෙස බලා උන්නාය.
“ඔයාට මේක කරන්න ඕනද ?” හාඩිින් තම මන බඳින හඬින් සෙමින් ඇසුවේය. ඔහු ටෙසා දෙස එක එල්ලේ බලා සිටි අතර ඒ දෑස්වල ලියවී ඇති හැඟීම් කියවීමට අපහසුය. ඔහු ටෙසා දෙස බැලුවේ තම ප්‍රියතම සෙල්ලම් බඩුව දෙස බලන කුඩා පිරිමි දරුවෙකු මෙනැයි කිවහොත් යම්තාක් දුරකට නිවැරදිය. ඔහුට එය සමඟ සෙල්ලම් කිරීමට දැඩි ආශාවක් ඇත. ටෙසා ඔහුගේ දෑස් දෙස බලමින්ම නැගිටින විට හාඩින් ද කෙලින් සිටගත්තේය. මොලී සිදුවන සියල්ල රූගත කරමින් සතුටු වූවාය. ටෙසා තවත් සුළු මොහොතක් හාඩින් දෙස බලා සිටියාය.
“මම මේ සෙල්ලම කරලා ඉවරයි...” ටෙසා කීවාය. හාඩින්ගේ දෙබැම ඉහළ ගියේය. ඔහු ටෙසාගෙන් එබඳු පිලිතුරක් කිසිසේත්ම බලාපොරොත්තු නොවූ සෙයකි.
“අම්මටසිරි කිව්වලු...” කෙල්ලන් එසේ කියමින් සිනාසෙන්නට විය. ජේස්ද කොක්හඬලා සිනාසුණේය. ටෙසා කෝපයෙන් එතනින් පිටව යන ආකාරය දෙස හාඩින් පුදුමයෙන් බලා සිටියේය.
“මම ඒ කෙල්ලට කැමතියි...” සෙඞ් කීවේය.
“හාඩින් ස්කොට්.... පළවෙනි වතාවට කෙල්ලෙකුගෙන් ප්‍රතික්ෂේප වුණා...” මොලී තාලයකට ඇද පැද කියමින් ටෙසා යන දෙස බලා සිටින හාඩින්ව රූගත කරන්නට විය. ටෙසා නොපෙනී ගිය පසු හාඩින් කැමරාව වෙත හැරී අමුතු සිනාවක් පෑවේය. ඔහු පරාජය බාර නොගත් බවත් ටෙසාගෙන් ඔහු යම් විනෝදයක් ලබමින් සිටින බවත් ඔහුගේ සිනහව හරි හැටි වටහාගත් කෙනෙකුට පෙනෙනවා ඇත.
ටෙසාගේ සිත අවුල්ව තිබිණි. ඇය පිටතට ගොස් නෝවාට ඇමතුමක් ගත්තාය.
“හායි...” ටෙසා නෝවාට කීවාය.
“හායි... මම හිතුවා වීඩියෝ කෝල් එකක් ගනියි කියලා...” නෝවා කීවේය.
“ඔව්... සොරි...” ටෙසා කණගාටුවෙන් කීවාය.
“ඔයා කොහෙද ඉන්නේ ? හරිම සද්දෙයි....”
“අහ්ම්... ස්ටේෆ් එක්ක... එයාගේ යාළුවෝ එක්ක... ඒත් එයාලා සේරම නිකං... අනේ මන්දා...” ටෙසා කීවාය. ඇය සිටියේ ශෝකයෙනි.
“ඒ කියන්නේ... ඔයා ඉන්නේ පාටියක...” නෝවා පුදුමයෙන් මෙන් කීවේය.
“ඔයා බිවුවද ?” ඔහු යළි ඇසුවේය.
“ටිකයි අරගත්තේ...”
“හරි ඔයා කොලේජ් යනවා... දැන් ඉතින් ඔයා බොනවා... මරු ටෙසා...”
“නෝවා.... කරුණාකරලා, ඔයාට පුළුවන්ද පොඞ්ඩක් තේරුම් ගන්න...? ඔය විධියට නොවී...”
“කොයි විධියටද නොවීද ? මම නෙමෙයි මේ වෙලාවේ පාටියේ ඉන්න කෙනා...”
“අල්ලලා දාන්න....” ටෙසා දුරකතනය තබමින් කීවාය.
ටෙසා යළි සාදය ඇති නිවස තුලට ඇතුල් වූවාය. ඒ සමඟම මත්පැන් වීදුරුවක් අතින් ගත් තරුණියක් ටෙසාගේ අතේ හැප්පුණාය.
“සොරි... මගේ වරද....” ඇය කීවාය. ටෙසා තම අතේ වැකි මත්පැන් ගසමින් නාන කාමරයක් සොයා යන්නට වූවාය. ඇය උඩුමහලට ගොස් අගුළු නොදැමූ කාමරයක් දැක චකිතයෙන් යුතුව එය තුළට ඇතුල් වූවාය. පිළිවෙලට සකස් කර තිබූ කාමරයේ කොණක ගිටාරයක් වූ අතර කාමරයේ පොත් රාක්ක දෙකක් විය. තමා ආ කාරිය අමතකව ගිය ටෙසා පොත් රාක්කයක් අසළට ගොස් එහි වූ බ්‍රොන්ටේගේ පොතක් අතට ගත්තාය. එහි කොළ සහ රතු පැහැයෙන් යම් පිටු කිහිපයක් සලකුණු කර තිබුණි. එසේ සලකුණු කළ එක් තැනක් ඇය පෙරලා ගත්තාය.
“ඔයා මොකද කරන්නේ ?” එක්වරම පිටුපසින් ඇසුණ හඬින් තිගැස්සුණු ටෙසා විදුලි වේගයෙන් හැරුණාය. කඩවසම්, අද්භූත හාඩින් ඇය ඉදිරිපිට සිටගෙන උන්නේය.
“මොකුත් නෑ...” ටෙසා බියට පත් එකියක මෙන් පොත ක්ෂණිකව වසා දමමින් කිවාය. හාඩින් සෙමින් ඇය දෙසට ඇවිද ආවේය.
“ඔයා මොනවා හරි හොයනවද ?” හාඩින් ඇගේ පොත දෙස බලමින් ඇයට ළංව ඇසුවේ කාරුණික හඬින්ය. හාඩින්ගේ මේ ස්වරූපය ටෙසාට නුහුරු විය.
“ඔයා... බීලද ?” ටෙසා ඇසුවාය.
“මම බොන්නේ නෑ... හරියට ඔයා බොන්නේ නෑ වගේම...” හාඩින් ඇයගේ දෑස් දෙසත් පොත දෙසත් බලමින් කීවේය. ටෙසා නිරුත්තරව ඔහුගේ දෑස් දෙස බලා සිටියේය. ඔහු හොඳින් උස තරුණයෙකු වූ බැවින් ඇය දෑස් උඩට ඔසවා ඔහු දෙස බලා උන්නාය.
“ඔහු මටත් වඩා මා වැනිය... අපේ ආත්ම සෑදී ඇත්තේ මොනවායින් වුවද, ඔහුගේත් මගේත් ආත්මයන් එක සමානය...” හාඩින් කීවේය. ටෙසා ගල් ගැසී ඔහු දෙස බලා සිටියාය. ඔහු ආදර වදන් ආදරණීයව තෙපලන්නටද දනී. එය ටෙසා ඔහුගෙන් දුටු තවත් අලුත් දෙයකි....
“ඒක බ්‍රොන්ටේගේ... ටෙරේසා...” හාඩින් පොත ඇසින් දක්වමින් ඇය දෙස බලාගෙන කීවේය. ටෙසා බිම බලා යළි ඉවත බලාගත්තේය. තමා ඇයව මොහොතකට තම වසඟයට ගත් බැව් තේරුම්ගත් ඔහු අමන්දානන්දයට පත් වූයේය.
“මං දන්නවා... ඒක... බ්‍රොන්ටේගේ...” ටෙසා අපහසුතාවයට පත්වූ එකියක මෙන් නමුත් ඔහු දෙස කෙලින් බලාගෙන කීවාය.
“මගේ නම... ටෙසා...” ඇය කීවාය. තම සැබෑ නම ටෙරේසා වූවත් එය පරණ පන්නයේ නමක් වූ බැවින් ටෙසා ඒ නමට අකමැති වූවාය. එය තේරුම් ගත් බැවින්දෝ හාඩින්ගේ මුහුණේ මන්දස්මිතියක් විය.
“ඔයා මොනවද මගේ කාමරේ කරන්නේ ටෙසා...?” ඔහු මෙවර ඇගේ නම ඇය කැමති අයුරින් කීවේය.
ටෙසා පුදුමයට පත්ව පොත් රාක්ක දෙස බැලුවාය.
“ඔයාගේ කාමරේ ?” ඇය හාඩින් දෙස බලා ඇසුවාය.
“ඔව්...” ඔහු එසේ පවසා ටෙසා අත ඇති පොත වෙත අත දිගු කළේය. ඔහු තම අතට පොතෙන් බාගයකුත් ටෙසාගේ අතෙන් බාගයකුත් හසු කර ගත්තේය. ටෙසා සලිත වූවාය. ඔහු සෙමින් ඇය වෙතට ළං වූයේය. ඇය ඔහුගේ බැල්මට මුළුමනින්ම නතුව සිටියාය.
“අපි තවමත් සෙල්ලම කරනවද ?” ඔහු ඇගේ දෑස් වලට එබෙමින් ඇසුවේය.
“මොකද... මම හිතන හැටියට ඔයා මට අභියෝගයක් ණයගැතියි...” ඔහු ඇගේ කණට ළංව කෙඳිරුවේය. ඔහු යළි ඇගේ දෑස් වෙතට ළං විය. ඔවුන්ගේ තොල් එකිනෙක ස්පර්ශ වන්නට ළං වෙමින් තිබිණි. හාඩින්ගේ මන බඳින මායාවට ටෙසා සම්පූර්ණයෙන් හසු වූවාද ?
Comments
Post a Comment