BLOOD MOON - ලෝහිත සඳ - 09
BLOOD MOON
[ලෝහිත සඳ - 09]
[ලෝහිත සඳ - 09]
©උපුටා ගැනීම තහනම්...
මා අවදි වූයේ පසුදින සන්ධ්‍යා භාගයේ මිගෙල් වලව්ව තුලදීය. මාව පරණ තාලයේ කවිච්චියක් මත නිදි කරවා හුන් අතර දෑස් හරින විට මුලින් ම පෙනුනේ කකුලක් පිට කකුලක් ලාගෙන පුටුවක වාඩි වී මා දෙස බලාගෙන සිටින ඔහුව ය. ඔහු තම අතෙහි වූ රූබික් කියුබය වේගයෙන් එහා මෙහා කරමින් හුන් නමුත් දෑස් කෙළින් ම යොමු වී තිබුණේ මා වෙතය. එම දෑසෙහි වූයේ උණුසුම් සරාගී බැල්මකි. එය මා ඔහු වෙතට ඇදගන්නට උත්සාහ කරන්නාක් මෙන් මට දැනිණි. ඒ සමඟ ම ඔහු පෙර දින රාත්‍රියේ මට කළ සියල්ල එකින් එක මගේ දෑස් අද්දර යළි මැවෙන්නට වූයෙන් මා භීතියට පත්ව දනි පනි ගා සිටගත්තෙමි. එහෙත් ඔහු තමා උන් තැනින් අතුරුදන්ව මගේ මුහුණ ඉදිරිපිටින් මතුවන විට මා යළි කවිච්චිය මතට ම ඇදගෙන වැටුණෙමි. ඔහු නිහඬව ම සෙමින් මගේ මුහුණට එබෙන විට බිය යටපත් වී මා ඔහුට ආකර්ෂණය වන්නාක් මෙන් දැනෙන්නට විය. මා අඩවන් දෑසින් ඔහු තව තවත් මට ළං වනු බලා සිටියෙමි.
“එයාගෙන් ඈතට යනවා මිගෙල්...” එක්වර ම ඇසුණු රෞද්‍ර හඬින් මා යළි පියවි සිහියට පැමිණියෙමි. මා මත හුන් තරුණයාගේ දෑස් ක්‍රෝධයෙන් රතු වනු මා දුටුවෙමි. ඔහු තරහින් වෙවුලමින් සිට ගත්තේය. එසේ නම්, මිගෙල් යනු ඔහුගේ නමයි. මෙම වලව්ව මිගෙල් වලව්ව යනුවෙන් හඳුන්වන්නේ එ නිසා විය යුතුය.
“තමුන්ගේ පාඩුවේ පැත්තකට වෙලා ඉන්නවා විලියම්. එයා මගේ වෙලා ඉවරයි....” මිගෙල් කෝපාවිශ්ඨව කීවේය. විලියම්... ඒ මගේ ගැලවුම්කරුවාගේ නමයි.... මා විලියම් දෙස පුදුමයෙන් බලමින් සිට ගත්තෙමි. විලියම් මා දෙස බැලුවේ ශෝකයෙන් යැයි මට සිතිණි. මගේ සිතේ ද ඔහු කෙරෙහි ඇති වූයේ ශෝකයකි. ඔහු තවමත් මා බේරාගන්නට උත්සාහ කරන්නේ මන්දැයි මා පුදුම වූයෙමි. මක්නිසාද යත් මිගෙල් යනු ඔහුට අභිබවා යා හැකි යක්ෂයෙකු නොවන බැව් දැන් මා දනිමි.
“ඔයා එයාව වශී කරගත්ත එකෙන් අදහස් වෙන්නේ එයා ඔයාගේ කියන එක නෙවෙයි....” විලියම් මිගෙල් දෙස බලා කෝපයෙන් කීවේය.
“ඔයා කරපු දේ වැරදියි මිගෙල්. ඔයා දන්නවා එයා ඔයාට ආදරේ කරන්නේ නෑ...” විලියම් යළිත් කෑ ගැසුවේය.
“මට ඒකෙන් වැඩක් නෑ...” මිගෙල් විලියම්ගේ හඬ අභිබවා කෑ ගැසුවේය.
“එයා දැන් මගේ කියන එක විතරයි මට වැදගත්. එයා මට පස්සේ ආදරේ කරාවි....” මිගෙල් විලියම් පවසන දේවල් සත පහකට ගණන් නොගත්තෙකු සේ කීවේය. විලියම් මොහොතක් නිහඬව බලා සිටියේය.
“ඔයා එයාව මගෙන් උදුර ගත්තා....” විලියම් මඳ වෙලාවකින් එසේ පවසන විට ඔහුගේ යටට ගිලී ගිය ඇස් මත කඳුලු රැඳී තිබෙනු මා දුටුවෙමි. මිගෙල් බිම බලා සුසුමක් හෙළුවේය.
“එයා කවදාවත් ඔයාගේ වෙලා උන්නේ නෑ. ඔයාට එයාව ඔයාගේ උවමනාවක් තිබුණේ නෑ...” මිගෙල් සෙමින් කීවේ කණගාටුවෙන් මෙනි.
“ඒ මොකද කියනවා නම් මේ දුශ්ඨ ජීවිතයට එයාව ඇදලා දාන්න මට උවමනාවක් නොතිබුණු නිසයි.... එයාට අලුතෙන් ලස්සන ජීවිතයක් පටන් ගන්න තිබුණා, තමුන් ඒක විනාශ නොකළා නම්....” විලියම් තරහෙන් කෑ ගැසුවේය.
“මොන විධියේ අලුත් ජීවිතයක්ද ? මොන විධියේ එකක්ද ? ආහ්....? මට කියනවා තමුන් දැක්කේ නැද්ද එයා ජීවත් වෙන්න එක කෑම වේලක් හොයාගන්න විඳපු දුක....?” මිගෙල් විලියම් අසළට යමින් කෑ ගැසුවේය.
“බෲනෝ බඩගින්නේ ම මැරිලා ගියා. ඒක ඊ ළඟට වෙන්න තිබුණේ ලෞරාට...”
“අපි ඒක හරියට ම දන්නේ නෑ. එයාට හොඳ රස්සාවක් ලැබෙන්න ඉඩ තිබුණා...” විලියම් ශෝකයෙන් කීවේය.
“හහ්...හහ්..හා...” මිගෙල් උපහාසාත්මකව සිනාසුණේය.
“තමුසේ මෝඩයි විලියම්....” මිගෙල් එසේ කියා යළි මා අසලට පැමිණියේය.
“මට පුලුවන් ලෞරාව සතුටින් තියන්න. ඔයා අපෙන් ඈත් වෙලා ඉන්න වග බලාගන්න....” මිගෙල් මගේ කොණ්ඩය අතරින් ඇඟිලි තුඩු යවමින් එසේ කීවේ විලියම්ටය.
“මම එදා ලෞරාව බේර නොගත්තා නම්....” විලියම් සුසුමක් හෙළමින් කීවේය.
“එහෙම වුනා නම් ඔයා කවදාවත් ලෞරා ගැන දැනගන්නේ නෑ මිගෙල්. එහෙම වුනා නම් ඔයා ලෞරාට ආදරේ කරන්නේවත් ලෞරා ඔයා අතින් අද මේ තත්වයට පත් වෙන්නේවත් නෑ....” විලියම්ගේ දුක්බර හඬ මගේ පපුවට එක් කළේ වේදනාවකි.
“ඔයා එයාව යක්ෂණියක් බවට පත් කළා. හරියට ඔයා වගේ ම.....” විලියම් වෙවුලන හඬකින් කීවේය.
“මං වගේ ? එතකොට ඔයා මොකෙක්ද ?” මිගෙල් උපහාසයෙන් ඇසුවේය.
“මම යක්ෂයෙක් තමයි. ඒත් තමුන් වගේ අහිංසක මිනිස්සුන්ගේ ලේ උරා බීලා ජීවත් වෙන ජාතියේ යක්ෂයෙක් නෙවෙයි...”
“මම මනුෂ්‍ය ලේ ලබාගන්නේ මට ශක්තිය අවශ්‍ය නිසයි....”
“ඒකට තමයි ලේ හඳ පායන්නේ. ඔයාට ලේ හඳෙන් ලැබෙන ශක්තියෙන් අවුරුදු තුන හතරක් ශක්තිමත්ව ජීවත් වෙන්න පුලුවන් මිගෙල්. ශක්තිය ලබාගන්න මනුෂ්‍ය ලේ ඕනා කියලා කියන එක අමූලික බොරුවක්....” විලියම් කලිකිරීමට පත්වූවෙකු සේ කීවේය.
“බලන්න තමුන් දිහා... ලේ හඳෙන් අපිට ලැබෙන්නේ ශක්තිය විතරයි මිගෙල්. මනුෂ්‍ය ලේ නැතුව තමුන් දවසින් දවස වැහැරෙනවා. ඕකටද තමුන් ජීවත් වෙනවා කියන්නේ ? තමුන් ඇවිදින මල මිනියකටත් වඩා විරූපියි. මම පුදුම වෙන්නේ නෑ තමුන් ආයෙත් ලෞරා ඉස්සරහට නොගිය එක ගැන. ලෞරා කවදාවත් ඔය වගේ මූණක් දකින්න කැමති වෙන්නේ නෑ....”
“මම කැමතියි....” මිගෙල් කී දෙයට බාධා කරමින් මගේ මුවින් ඒ වචන පිටවන විට තරුණයින් දෙදෙනා ම පුදුමයෙන් මා දෙස බැලූහ.
“මම කියන්නේ, විලියම්ගේ යටට ගිලිලා ගිය ඇස්වල තියෙන කරුණාවන්තකම දකින්න මම කැමතියි. එයාගේ වැහැරුණ මූණේ තියෙන දයාබර පෙනුමට මම කැමතියි... එයා... ඒ තරම් ලස්සන නැතුව ඇති. ඒත් ඒ මූණ දකින්න මම ආසයි....” මා එසේ පවසන විට විලියම්ගේ මුහුණ පුදුමයෙන් පිරී යනු මා දුටුවෙමි.
“මම ඔයාව ආයෙත් දැකගන්න නොඉවසිල්ලෙන් බලාගෙන උන්නා විලියම්... මට දැන් පේනවා ඔයාලා දෙන්නා සහෝදරයින් බව.... ඔයාලා දෙන්නට ම තියෙන්නේ එක ම මූණ. ඔයාට මනුෂ්‍ය ලේ නැතිකමින් වැහැරිලා, සැඟවිලා ගිහින් තියෙන්නේ කොයි තරම් ලස්සන මූණක් ද කියන එක මිගෙල්ව දකිනකොට මට හිතාගන්න පුලුවන්.... ඔයා ඒ ලස්සන ජීවිතය ලබා ගන්න ආසාවෙන් මනුෂ්‍යයින් නොමරන එකට මම ඔයාට ගරු කරනවා...” මා යලි පවසන විට විලියම් සෙනෙහසින් මා දෙස බලා උන්නේය. මිගෙල් කෙරෙහි මගේ අවධානය යොමු වූයේ ඊ ළඟට ය. ඔහු ක්‍රෝධයෙන් වෙවුලමින් මා දෙසත් විලියම් දෙසත් බලනු දුටු විට මා යළි භීතියට පත් වූයෙමි.
“ඒක වෙන්න බෑ. තමුන් මා එක්ක ලෙයින් බැඳිලා අවසානයි....” මිගෙල් කෑ ගැසුවේය.
“ඔයා පරක්කුයි. එයා මට ආදරේ කරනවා....” විලියම් ජයග්‍රාහී හඬකින් කීවේය.
“නෑ... මං... මං....” මා ගොත ගැසුවෙමි. එවැනි දෙයක් මා සිතා තිබුණේ නැත. එහෙත් විලියම් යන්තම් සිනාසෙමින් මා අසළට එන විට මා ගොලු වූයෙමි. ඔහු පැමිණ මා මෘදුව ඔහුගේ පපුවට තුරුලු කර ගත්තේය. මා බියෙන් මිගෙල් දෙස බැලුවෙමි.
“නෑ....” මිගෙල් කෝපයෙන් කෑ ගසාගෙන අතුරුදහන් වූ අතර ඒ සමඟ ම ඉදිරිපස දොර කැබලි වල කැඩී ගියේ ඔහු ඉන් පිටතට ගිය බැව් කියාපාමිනි. මා භීතියෙන් විලියම්ව බදාගතිමි.
“බය වෙන්න එපා... එයා ආයෙත් ඔයාට කරදර කරන්නේ නෑ.... ඔයා දැනටමත් ඔයාගේ තෝරාගැනීම කරලා ඉවරයි....” විලියම් මා සැනසුවේය.
-------------------------- --------------------------
රාත්‍රිය මා පහන් කළේ විලියම්ගේ තුරුලේ නිදාගෙනය. අලුයම මා අවදි වූයේ ඉවසාගත නොහැකි පිපාසයෙනි.
“මට මොකද වෙන්නේ ?” මා විශාල වතුර ජෝගු කිහිපයක් ම බී අවසානයේ ඇසුවේ මා දෙස කණගාටුවෙන් බලා සිටින විලියම්ගෙනි.
“ඔයා පරිවර්තනය වෙනවා....” විලියම් කඳුලු පිරි දෑසින් කීවේය.
“ඔයා ඉක්මණින් ම මනුෂ්‍යයෙකුගේ ලේ බොන්න ඕනා. නැත්නම් ඔයා මැරෙනවා....” ඒ ඇසුණේ මිගෙල්ගේ හඬය. මා තිගැස්සී ඔහු දෙස හැරී බැලුවෙමි. ඔහුගේ දෑස්වල වූයේ බලාපොරොත්තු විරහිත බවකි.
“ඔයාට අවශ්‍ය නම් මට පුළුවන් ඒකට කෙනෙක්ව සපයන්න. එදා ඔයා එක්ක ආව බස් රියදුරා තවමත් ඉන්නේ මේ වලව්වේ...” මිගෙල් පවසන විට මගේ අවධානය යොමු වූයේ එයට නොවේ. මිගෙල් අසළ හිඳ මා දෙසට දිව එන බලුපැටවා දෙසටය.
“බෲනෝ....” මා පුදුමයෙන් කීවෙමි. එය සිදුවිය හැක්කක්ද ? බෲනෝ මිය යනු මා සියැසින් ම දුටුවෙමි.
“බෲනෝ....” මගේ දෙපා මතට පැන වල්ගය වනමින් මා ලෙවකන බලුපැටවා අතට ගනිමින් මා පුදුමයෙන් කීවෙමි. ඒ සමඟ ම මා නොසන්සුන් වූයෙමි. බෲනෝගේ මුව දෙපස ගෑවී ඇති රුධිරයෙන් ආ සුවඳ මට ඉහිලිය නොහැකි තරමේ ආශාවක් සිතේ ජනිත කළේය.
“බෲනෝ දැනටමත් බස් රියදුරාගේ ලේ රස විඳලා ඉවරයි...” මිගෙල් පවසන විට මා බෲනෝව බිම තබා අපහසුවෙන් කවිච්චිය මත වාඩි වූයෙමි. විලියම් මිගෙල් දෙස අසරණව බැලුවේය.
“එයාට ලේ බොන්න ම වෙනවා....” මිගෙල් ඔහුගේ බැල්ම මඟ හැර පියගැටපෙල දෙසට යමින් කීවේය. මා දරාගත නොහැකි ලේ පිපාසය යටපත් කරගන්නට වෙර දරමින් සිටින අතර විලියම් පැමිණ මා ඔසවා ගත්තේය. ඔහු වේදනාවෙන් සුසුම් හෙලමින් මා රැගෙන ගියේ අඳුරු කාමරයකටය. කෙතරම් අඳුරේ වුවද බස් රියදුරා සොයාගැනීමට මගේ නැහැයට දැනුන ඉව ප්‍රමාණවත් විය. මා කෑදරකමින් ඔහු අල්ලාගෙන ඔහුගේ ශරීරයේ අවසන් ලේ බිඳුව තෙක් බීවෙමි.
“ඔයාගේ ඇස්වල කඳුලු....” මා කට දෙපස තැවරුණ රුධිරය පිසිමින් අඳුරු කාමරයේ සිටින විලියම් දෙස බලා කීවෙමි.
“ඒකෙන් ඇඟවෙන්නේ ඔයාගේ පරිවර්තනය සම්පූර්ණයි. ඔයාට දැන් අඳුරේ දේවල් දකින්න පුලුවන්...” විලියම් කීවේය.
“ඒත්, මතක තියාගන්න මේක තමයි ඔයාගේ පළවෙනි සහ අන්තිම මිනීමැරුම....” විලියම් මා කාමරයෙන් පිටතට රැගෙන යමින් කීවේය.
“හොඳයි....” මා ඔහුට අවනතව කීවෙමි.
-නිමි-

--------------------------

Comments
Post a Comment