BLOOD MOON - ලෝහිත සඳ - 03
BLOOD MOON ලෝහිත සඳ - 03 පසුදා නගරයේ දුරකතන අලුත්වැඩියා කරන ස්ථානයකට මගේ ජංගම දුරකතනය ලබා දුන් මා අවන්හලකට ගොඩ වී කෝපි කෝප්පයක් තොල ගාන්නට වීමි. “ඊයෙත් තරුණ ගෑණු ළමයෙක් අතුරුදහන් වෙලා නේද ?” අවන්හලේ කොණක රැස්ව සිටි මිනිසුන් කිහිප දෙනෙක් අතරට ආ මැදිවියේ යැයි කිව හැකි පෙනුමකින් යුත් මිනිසෙක් කීවේය. මගේ අවධානය ඉබේට ම ඔවුන් වෙත යොමු විය. “ඔව්... මේ මාසේ ඇතුළත අතුරුදහන් වුන දෙවෙනි ගෑණු ළමයා... කලින් මාසෙත් එක්කෙනෙක් නැති වුනා.” වෙනකෙක් කීවේය. “ඇයි පොලීසියට තවමත් බැරි වුණේ හෝඩුවාවක් හොයාගන්න ?” තවත් එකෙකු තරහෙන් ඇසුවේය. “මම නම් කියන්නේ මේක මානසික ලෙඩෙකුගේ වැඩක්. ඌ එක්කෝ ඒ ළමයින්ව තමන්ගේ පහත් ආශාවන් වෙනුවෙන් අරගෙන යනවා. නැත්නම් ඌ විනෝදයට කෙල්ලන්ව මරන එකෙක්....” තවකෙකු තම මතය ඉදිරිපත් කළේය. එය අසා මගේ ඇඟේ රෝම කෙළින් වනු මට දැනිණි. “පොලීසිය මේ ගැන හරියට හොයලා බලන්නේ නැත්නම් ඊ ළඟ වතාවේ අපි බහිමු වැඬේට....” “ඊ ළඟ වතාවේ ?” “ඔව් ඊ ළඟ වතාවේ... මොකද මේ කෙල්ලන්ව අරගෙන යන එකා කවුරු වුනත් දිගටම මේ වැඬේ කරනවා...” මිනිසුන්ගේ කතාබහ අසමින්ම මම කවුන්ටරයට මුදල් ගෙවා දැමුවෙමි. “නැති වුන ගෑණු ළමයින්ගෙන්...
Comments
Post a Comment