සදෙව් ©උපුටා ගැනීම තහනම් ... මගේ උස අඩි පහයි අඟල් දෙකයි. එයා අඩි හයක් විතර උසයි. හැමදාම ඉස්කෝලේ ඇරිලා මම ගෙදර යන්න බස් එක ළඟට යද්දි එයා ජිම් එකේ ව්‍යයාම කරන ගමන් මං දිහා බලාගෙන ඉන්නවා. අම්මෝ ඒ බැල්ම නම්.., කියලා වැඩක් නෑ. එක දවසක් මගේ පන්තියේ ළමයින් දෙන්නෙක් සාරි පොට ඔලුවේ දාගෙන මගේ පස්සෙන් එද්දි ඒක දැකලා එයාට යන්තම් හිනාවක් ගියා. එයාගේ හිනාව මුල් වතාවට මම දැක්කේ එදා තමයි. අනෙක් හැම දවසක ම එයා උන්නේ මං දිහා කන් න වගේ බලාගෙනයි. එයා දිහා බලද්දි බය හිතුණත් මොකක්දෝ හේතුවකට ඒ ලස්සන මූණත්, කඩවසම් ශරීරයත් දකින්න මගේ හිත ආසා කළා. මාස ගාණක් ගෙවුනේ ඒ වගේ හොරැහින් බැලීම් එක්ක විතරයි. එතනින් එහා දෙයක් කවදාවත් සිද්ධ නොවුන නිසා මමත් හැමදාම ඇස් කොණින් එයා දිහා බලනවා. එදත් සුපුරුදු විධියට බස් එකට යන ගමන් මම හොරැහින් ජිම් එක පැත්ත බැලුවා. මොනවා ? කවදාවත් නැතිව එයා ජිම් එකේ පේන්න උන්නේ නෑ. මම හිටිවන ම නතර වෙලා පුදුමයෙන් ජිම් එක පුරාවට ම ඇහැ යැව්වා. මම දුකෙන් එන්න හැරුණේ එයා කොහේවත් ම පේන්න නොහිටිය නිසයි. එක පාරට ම මම ගැස්සුනේ බස් නැවතුම්පලේ ඉන්න පුද්ගලයාව දැකලා. මම ආයෙත් හිටි තැ...