සංතාප

සංතාප ©උපුටා ගැනීම තහනම්.... දොළොස් හැවිරිදි ග් රිෂා තම මිය ගිය කුඩා සොහොයුරාගේ මිනිය දෙස බලා සිටියාය. තවත් මොහොතකින් ඔහු සදහටම පස් යට වැලලෙනු ඇත. ඉඳින්, මේ තමන් ඔහුව දකින අවසන් මිනිත්තු කිහිපය බව ඈ දැන සිටියාය. ඔහු පෙර දිනයේත් තමන් සමඟ කෙලි දෙලෙන් ගත කළ හැටි ඇය මෙනෙහි කළාය. ගඟ අයිනේ උසට වැඩුනු බර්ච් ගස් අතරින් නිතර දෙවේලේ ඔහු සමඟ දිව ගිය අයුරු ඇයට සිහිනයක් මෙන් යලි සිහි විය. මිනී පෙට්ටිය වලට දමා පළමු පස් පිඬ ඒ මතට වැටෙන හඬින් ග් රිෂා තිගැස්සුනාය. සොහොයුරා වෙනුවෙන් දැල්වූ ඉටි පන්දම් අතරින් අවසන් ඉටි පන්දමත් නිවෙන තුරු ඇය බිම වාඩි වී බලා සිටියාය. “ග් රිෂා... අපි යමු...” ග් රිෂාගේ පියා පැමිණ ඇගේ අතින් අල්ලා ඇයව නැගිටුවේය. “ඩැනියෙල්.....” ඇය තම සොහොයුරාගේ මිනී වල දෙස බලා මිමිනුවාය. “එයා... නිදි. අපි එයාට නිදාගන්න ඉඩ දීලා යමු...” ග් රිෂාගේ පියා තම දෑසට ඉනූ කඳුලු පිසිමින් කීවේය. වටින් ගොඩින් අඳුර වැටී කනත්ත පුරා වූයේ දැඩි මූසල ගතියකි. සීතල සුලං ඔවුන් දෙදෙනාගේ ඇඟේ හිරිගඩු නැංවීය. “වැස්සක් එන්න වගේ. ඉක්මණට කාර් එකට නගින්න...” ග් රිෂාගේ පියා කීවේය. ග් රිෂා කාරයට නගින ...